ලුතිනන් හිරෝ ඔනොදා

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ලුතිනන් හිරෝ ඔනොදා


    Rising%2BSun.jpg

    1922 දී දකුණු ජපානයේ කුඩා නගරයක් වුන කමෙකවා නගරයේ වාසය කළ පැරණි සමුරායි පෙළපතකින් පැවත ආ පවුලක පිරිමි දරුවෙක් උපත ලැබුවා. ඔහුට දෙමාපියන් තිබ්බ නම "හිරො ඔනොදා". ඔහුගේ සුරතල් නාමය වුනේ "හිරූ".

    හිරූ ගේ පියා දෙවෙනි ලෝක යුධ සමයේදී ජපන් හමුදාවට බඳවා ගනු ලැබුවා. හිරූ ට වයස 18 සම්පූර්න වුන වහාම ඔහුත් තම සොයුරා අනුගමනය කරමින් ජපන් හමුදාවේ පාබල සෙබළෙක් වශයෙන් සේවයට බැඳුනා. ඒ 1940 දී.

    1.jpg

    හිරෝ ඔනොදා (දකුණේ) ඔහුගේ සොහොයුරා සමඟ 1944 දී


    1943 දී හිරූ ගේ පියා චීනයේ දී සටන් බිමේ දී මිය ගියා. නමුත් ඔහු අධෛර්‍යයට පත් වුනේ නෑ. ඔහු ජපන් හමුදාවේ කොමාන්ඩෝ සෙබළෙක් වශයෙන් පුහුණුව ලබන පාඨමාලාවකට ඇතුලත් වුනා. 1944 දෙසැම්බර් 26 වෙනිදා ඔහු තමාගේ පළමුවන සටන් බිමේ පත්වීම ලබා ගත්තා. ඒ පිලිපීනයට​.

    ජපනුන් පිලිපීනය අල්ලා ගන්නේ 1942 දී. පිලිපීනය ජපන් යුධ සැලැසුම් වල ඉතාම වැදගත් ස්ථානයක් ඉසිලුවා. ඒ මධ්‍යගත පිහිටීම සහ සොබාවික සම්පත් හේතුවෙන්. ඒ නිසාම පිලිපීනය මුදා ගැනීම ඇමරිකන් යුධ සැලසුම් වල ඉහළ ප්‍රමුඛතාවක් ලැබුනු කරුනක්. ඒ නිසාම 1944 ඔක්තෝබරයේදී දී ඇමරිකානු හමුදාව පිලිපීනයට පහර දීම ඇරඹුවා. සටන් ඉතාම දරුණු සොබාවයක් ගත්තා. දෙපාර්ශවයෙන්ම දහස් ගණනක් මිය ගියා. 1944 දෙසැම්බරය වෙද්දී ඇමරිකානු හමුදා පිලිපීනයට ගොඩ බැහැල යුධමය අතින් වැදගත් ස්ථාන කීපයක්ම ජපනුන් ගෙන් අල්ලා ගෙන මැනිලා අගනුවරට පහර දෙන්න සූදානමින් හිටියේ.

    ලුතිනන් හිරෝ ඔනොදා පිලිපීනයට එන්නේ මේ වගේ පසුබිමකදී.

    ඔහුව යැවෙන්නේ උතුරු පිලිපීනයේ වර්ග කිලෝමීටර් 125 ක කුඩා දූපතක් වුන ලුබං වෙත​. ඔනොදා ට ලැබෙන අණ සරලයි. ලුබොං දිවයිනේ ඇති ගුවන් තොටුපොළ සහ වරාය පාවිච්චි කළ නොහැකි තත්වයට පත් කිරීම සහ දූපතට ඇමරිකානු හමුදා ගොඩ බැස්සොත් ඔවුන්ට හැකි උපරිම අයුරින් බාධා කිරීම​. ඒ වගේම ඔහුට මොනම හේතුවක් නිසාවත් යටත් වීමට හෝ දිවි නසාගැනීමට​ තහනම් කෙරෙනවා.

    නමුත් ලුබොං දූපතේ ඒ වන විට නවතා ඇති හමුදා ඛන්ඩයේ අණ දෙන කපිතන් වරයා ඔහුට වරාය සහ ගුවන් තොටුපොළ විනාශ කරන්න ඉඩ දෙන්නේ නෑ. ඒ නිසා 1945 පෙබරවාරි 28 වැනිදා ඇමරිකානු හමුදාව ඉතා පහසුවෙන් ලුබොං දූපතට ගොඩ බහිනවා. එහිදී ඇතිවන සටනින් ඉතිරි වන්නේ ජපන් සෙබළු තුන් දෙනෙක් පමණයි. ජපන් හමුදා ඛන්ඩයේ අනෙකුත් සියළු සෙබළු එක්කෝ මිය යනවා, නැත්තම් අත් අඩංගුවට පත් වෙනවා.

    ඉතුරු වුන සෙබළු හතර දෙනා, ලුතිනන් හිරෝ ඔනොදා, කෝපරල් ෂොයිචි ෂිමදා, ලාන්ස් කෝපරල් කින්‍ෂිචි කොෂුකා සහ සාමාන්‍යය සෙබළ යුයිචි අකත්සු, කඳුකරයට පලා ගියා. පිරිසේ නිලධාරියා වශයෙන් ඔනොදා ඔවුන් හට අණදුන්නේ තමාට ලුබොං දිවයිනට පැමිනෙන විට භාර දුන් කාර්‍යය ඉටු කිරීමට​. ඒ ඇමරිකානු හමුදා වලට හැකි උපරිම අයුරින් බාධා කිරීම​.

    මේ සෙබළු හතර දෙනා තමාට හැකි පමණින් ඇමරිකානු හමුදාවන්ට සහ ඔවුන්ට සහය දුන් පිලිපීන ගම් වාසීන්ට බාධා පමුණුවමින් ගරිල්ලා සටන් වල නියැලෙනවා. මේ අතර 1945 සැප්තැම්බර් 2 වැනිදා ජපානය නිල වශයෙන් යටත් වෙනවා. දෙවැනි ලෝක යුද්ධය අවසන් වෙනවා.

    නමුත් මේ පිරිස ඒ බව දන්නේ නෑ. ඔවුන් දිගටම කැලයේ සැඟවී සිටිමින් තමාගේ ගරිල්ලා සටන් වල නියැලෙනවා. 1945 ඔක්තෝබර් මාසයේදී ඔවුන් ගම්බද ගොවිපොළක හරකෙක් මරණවා. එවිට ගම් වාසීන් යුද්ධය අවසන් වූ බවත් ඔවුන්ට කැලයෙන් එළියට එන ලෙසත් ඉල්ලා ලිපියක් එතැන තබනවා. නමුත් මේ පිරිස හිතන්නේ එය ඇමරිකන් හමුදාවන් ගේ උපක්‍රමයක් විදිහට​.

    මේ අතර ඇමරිකන් හමුදා විසින් යුද්ධය අවසන් වූ බවට නිවේදනය කෙරෙන පත්‍රිකා දහස් ගණනින් කැලයට ගුවනින් විසුරුවා හරිනවා. මේ පත්‍රිකා වලට අත්සන් තබන්නේ පිලිපීනයේ ජපන් හමුදා වල අණදෙන නිලධාරී ජනරාල් තොමොයුකි යමෂිතා. නමුත් ඔනොදා සහ සගයන් තීරණය කරන්නේ ඒවා ඇමරිකන් හමුදා විසින් වංචනිකව සකස් කරන ලද ඒවා බව​.

    ඔවුන් මේ විදිහට ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කරමින් වනගතව වාසය කරනවා. 1949 දී මේ දුෂ්කර ජීවිතය ගත කිරීම තව දුරටත් කළ නොහැකි බව තීරණය කරන යුයිචි අකත්සු අනෙක් පිරිසෙන් වෙන් වෙනවා. මාස හයක් තනිවම කැලේ ගත කිරීමෙන් පසු ඔහු 1950 මාර්තු මාසයේදී පිලිපීන පොලිසියට භාර වෙනවා.

    අකත්සු ගෙන් ලද තොරතුරු අනුව ජපාන් රජය අනෙක් සෙබළු තුන් දෙනාගේ පවුල් වල සාමාජිකයන් විසින් ලියන ලද ලිපි ගුවනින් කැලෑවට හෙළනවා. නමුත් ඔනොදා සහ සගයන් තීරණය කරන්නේ මෙයත් සතුරාගේ උපක්‍රමයක් බවයි.

    මේ වන විට ඔවුන් සම්පූර්නයෙන්ම වනගත දිවියකට අනුගත වෙලා ඉවරයි. ඔවුන් වැඩිපුර වාසය කරන්නේ ගල් ගුහා වල​. ඔවුන් ගේ ආහාර වේල වැඩිපුරම සමන්විත වෙන්නේ කෙසල් සහ පොල් වලින්. කලාතුරකින් ඔවුන් වල් ඌරෙක් හෝ මුවෙක් දඩයම් කර ගන්නවා. නැතිනම් ගැමියෙක් ගේ හරකෙක් මරා ගන්නවා. ඉඳ හිට රාත්‍රී කාලයේ කඩයක් කොල්ල කෑමෙන් ඔවුන්ට අවශ්‍යය වෙනත් භාන්ඩ ලබා ගන්නවා. ඒ වගේම හැකි සෑමවිටම ඔවුන් ගම් වාසීන් ගේ කුඹුරු ගිනි තැබීම​, පොලිස් භටයන්ට පහර දීම වැනි ගරිල්ලා උපක්‍රම වල නිරත වෙනවා. මේ ක්‍රියා වලදී ඔවුන් හා පොලිසිය අතර නිරතුරුවම වෙඩි හුවමාරු වීම් සිද්ධ වෙනවා. මේ වෙඩි තැබීම් තවමත් යුද්ධය අවසන් නොමැති බවට ඔවුන් ගේ විශ්වාසය තව දුරටත් තහවුරු කරනවා.

    ඔවුන් ව සොයා වරින් වර පොලිස් සහ හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක වුනත්, ගරිල්ලා සෙබළුන් විදිහට ඔවුන් ලබා තිබූ විශිෂ්ඨ පුහුණුව උපයෝගී කරගනිමින් ඒ සියල්ලෙන්ම ගැලවෙන්න ඔවුන් සමත් වෙනවා.

    1953 ජූනි මාසයේදී කෝපරල් ෂිමදා ධීවරයන් පිරිසක් සමඟ ඇතිවන වෙඩි හුවමාරුවකදී කකුලකට වෙඩි පහරක් වැදීමෙන් තුවාල ලබනවා. ඔහුගේ සගයන් දෙදෙනා ඔහුව සුවපත් කළත්, ඔහු 1954 මැයි මාසයේ 7 වැනිදා පොලිසියත් සමඟ ඇති වන ගැටුමකින් මරණයට පත් වෙනවා.

    2.jpg


    ඔනොදා සහ කොසුකා දිගටම ගරිල්ලා ජීවිතය ගත කරනවා. 1972 ඔක්තෝබර් 19 වැනිදා කපා ගොඩගසා තිබූ ගොයම් ගිනිතැබීමට උත්සහ කරද්දී පොලිසිය විසින් තබන ලද වෙඩි පහරකින් කොසුකා මිය යනවා. දැන් ඔනොදා තනිවම​. නමුත් ඔහු යටත් වෙන්නේ නෑ.

    නොරියෝ සුසුකි කියන්නෙ ජපන් ජාතික තරුණයෙක්. ඔහුගේ ජීවිතයේ ඔහුට ඉලක්ක තුනක් තියෙනවා. ඒ,

    1. හිරෝ ඔනොදා සොයා ගැනීම​
    2. වනගත පැන්ඩා වළසෙක් දැක ගැනීම​
    3. යෙටී සොයා ගැනීම​

    මේ ඉලක්ක තුනෙන් පළමු ඉලක්කය සපුරා ගන්න සුසුකි 1974 දී පිලිපීනයට එනවා. ඔහු ලුබං දිවයිනේ කැලෑ වල සැරිසරමින් ඔනොදා සොයනවා.

    1974 පෙබරවාරි 20 වැනිදා සුසුකි ට කැලයේ දී දිරා ගිය සිරුරක් සහිත මහළු මිනිහෙක් හමුවෙනවා. "මහළු මිනිහා" එක වරම තමාගේ තුවක්කුව ඔසවා සුසුකිට වෙඩි තියන්න සූදානම් වෙනවා. ඒත් සුසුකි ජපන් බසින් කතා කරාම ඔහු තුවක්කුව පහත හෙලනවා.

    "ඔනොදා සාන්, අධිරාජ්‍යයා සහ ජපානයේ මිනිස්සු ඔබ ගැන වද වෙනවා"

    සුසුකි සහ ඔනොදා මිතුරන් බවට පත් වෙනවා. පසු කාලීනව ඔනොදා සුසුකි හමුවීම විස්තර කරන්නේ මෙහෙමයි.

    "මේ හිපි කොල්ලා දූපතට ඇවිත් ජපන් සොල්දාදුවෙක් ගේ හැඟීම් වලට සවන් දුන්නා. ඔහු මගෙන් ඇහුවා මම යටත් නොවෙන්නේ ඇයි කියලා"

    4.jpg

    සුසුකි සහ ඔනොදා 1974 දී

    ඔනොදා ඔහුට යටත් වීමට නම් ඔහුගේ අණදෙන නිලධාරියා වන මේජර් යොෂිමි තනිගූචි ගේ අණ ලැබෙන්න ඕනෙ කියල කියනවා.

    සුසුකි නැවත ජපානයට ගිහින් ජපන් රජයට මේ බව දන්වලා මේජර් තනිගූචි ව සොයා ගන්නවා. වාසනාවකට වගේ ඔහු යුද්ධයෙන් මිය ගිහින් නෑ. ඔහු ඒ වන විට පොත් වෙළෙන්දෙක් විදිහට කටයුතු කරනවා.

    1974 මාර්තු 9 වෙනිදා තනිගූචි සහ සුසුකි පිලිපීනයට ගිහින් ඔනොදා සොයා ගන්නවා. තනිගූචි දුටු වහාම ඔනොදා සීරුවෙන් ඉඳගෙන සැලියුට් ආචාරයක් පවත්වනවා.

    5.jpg


    තනිගූචි ඔහුට යුද්ධය අවසන් වූ බව සහ ඔහු තවදුරටත් ඔහුගේ අණ ක්‍රියාත්මක කළ යුතු නොවන බවට දන්වනවා.

    එවිට අවුරුදු 29 කට පස්සෙ ලුතිනන් හිරෝ ඔනොදා තමාගේ ආයුධ බිම තියල යටත් වෙනවා.

    6.jpg

    ලුතිනන් හිරෝ ඔනොදා යටත් වූ පසු. දකුණේ මේජර් තනිගූවි.

    ඔහු තමාගේ ආයුධ වන අරිසකා 99 වර්ගයේ රයිෆලය​, පතොරම් 500 ක්, අත් බෝම්බ කීපයක්, ඔහුගේ කතන කඩුව​, සතුරන්ට අහුවුනොත් සිය දිවිනසා ගන්න පාවිච්චි කරන්න ඔහුගේ මව 1944 දී ඔහුට දීපු කිණිස්ස පිලිපීන හමුදා නිලධාරින්ට ලබා දෙනවා. විශේෂත්වය වන්නේ අවුරුදු 29 කට පසුවත් මේ සියළු ආයුධ සටන් කිරීමට සුදුසු තත්වයේ පැවතීම​.

    ඔහුගේ වසර 29 ක ගරිල්ලා ජීවිතය තුලදී ඔහු සහ ඔහුගේ සගයන් පිලිපීන ජාතියන් 30 ක් පමණ මරා දමා තිබෙන අතර තවත් 100 දෙනෙක්ට පමණ තුවාල සිද්ධ කරල තියෙනවා. ඊට අමතර දේපල වලට හානි පැමිනිවීම විශාල සංඛ්‍යාවක් සිද්ධ කරල තියෙනවා. නමුත් ඔහුගේ සුවිශේෂ තත්වය සලකා බලල පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකොස් ඔහුට සමාව දෙනවා. ඔනොදා ඔහුගේ කතන කඩුව ජනාධිපතිවරයාට පිළිගන්වනවා.

    8.jpg


    නැවත ජපානයට එන ඔනොදා ජාතික වීරයෙක් වශයෙන් පිළිගැනෙනවා. ඔහුව ජපන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කරන්න බොහෝ දෙනා උත්සහ කරනවා. නමුත් ඔහු ඒක ප්‍රතික්‍ෂේප කරනවා. ඔහුගේ වසර 29 ක "සේවා කාලයට" වැටුප් ලබා දෙන්න ජපන් රජය උත්සහ කරනවා. නමුත් ඔහු එයත් ප්‍රතික්‍ෂේප කරනවා. නමුත් ජපන් රජය ඔහුට බලෙන්ම මුදල් ලබා දෙනවා. එවිට ඔහු කරන්නේ ඒ මුදල් යුද්ධයෙන් මිය ගිය ජපන් සෙබළුන් වෙනුවෙන් ඉඳි කළ ෂින්ටෝ දේවාලයක් වන "යසුකුනි" දේවාලයට දන් දීම​.

    කෙටි කලකින්ම ඔනොදාට ජපන් සමාජය ගැන කලකිරෙනවා. ඔහු 1944 දී හැර යන සමාජය සහ 1974 දී ඔහුට හමුවෙන සමාජය අතර වෙනස අහසට පොළව වගේ. ජපානය අතිශය රණකාමී සමාජයක ඉඳලා අතිශය සාමකාමී සමාජයක් දක්වා පරිවර්තනය වෙලා. ඒ වගේම අධිරාජ්‍යයා නාමික තනතුරකට සීමා වෙලා. ඒ වගේම ඔහු දැකපු විදිහට ජපන් සමාජයේ සාම්ප්‍රදායික අගයන් පරිහානියට ලක්වෙලා.

    ඒ නිසා 1975 දී ඔහු බ්‍රසීලයට සංක්‍රමනය වෙනවා. එහිදී ඔහු ජපන් සංක්‍රමනිකයන් ගෙන් සැදුම් ලත් ජනපදයක පදිංචි වෙලා හරක් ඇති කරන්න පටන් ගන්නවා. 1976 දී ඔහු විවාහ වෙනවා. ජනපදිකයෝ ඔහු නායකයෙක් විදිහට සලකලා කටයුතු කරනවා.

    1980 දී ජපන් ගැටවරයෙක් තමාගේ දෙමාපියන් මරාදාන පුවතකින් ජපානය කැළඹෙනවා. මේ කතාව ඔනොදාටත් ආරංචි වෙනවා. ජපන් තරුණයන් මුහුණපා සිටින තත්වය ගැන කම්පාවෙන ඔනොදා 1984 දී ආයෙත් ජපානයට එනවා. ඒ ජපන් ගැටවරයන්ට මානසික සංවරය සහ විනය ගැන උගන්වන පාසැලක් පටන් ගන්නවා. ඒය හැඳින්වෙන්නේ "ඔනොදා ෂිසෙන් ජුකු" (ඔනොදා සොබාදම් පාසැල​) නමින්.

    1996 දී ඔහු ලුබං දිවයිනත නැවත යනවා. එහිදී ඔහු එහි පාසැලට ඇමරිකන් ඩොලර් 10,000 ක මුදල් පරිත්‍යාගයක් කරනවා. ඒ ඔහුගෙන් දූපත් වාසීන්ට සිදුවුන හිරිහැර වලට වන්දි ගෙවීමක් විදිහට​.

    11.jpg


    ඔනොදා පසු කාලීනව ජාතිකවාදී දේශපාලනයේ නිරත වෙනවා. ඔහුගේ බිරිඳ මචී ඔනොදා 2006 දී ජපන් සංරක්‍ෂනවාදී කාන්තා සංසදයේ නායකත්වයට පත් වෙනවා. ඔනොදා නැවතත් අධිරාජ්‍යයාට බලය ලබා දිය යුතුයි යන මතයේ සිටින ජාතිකවාදී සංවිධානයකට එක්ව කටයුතු කරනවා.

    2014 ජනවාරි 16 වැනිදා හිරො ඔනොදා හෘදයාබාධයකින් මිය යනවා. ඔහුට වයස අවුරුදු 92 යි.

    12.jpg


    සසර සැරිසරන පාදඩයා



     

    TechTrack

    Banned
    Sep 15, 2017
    618
    79
    0
    / ( , ) ( , ) \
    \ ) ( /
    / . \
    ( Y )
    \ / \ /
    \ \ / /

    නොමඟ නොයන් පුතේ...
    නුඹට අතක් ඈතේ...
    මේක බලල හිතට අරන්
    නුබ ගහපන් අතේ.....


    / /l (
    ;c(,,,):l )
    ,'; 'l /

    නොගෑහුවොතින් අතේ....
    මම අරිනව පුකේ.
    නුඹල වගේ පොන්න පුතුන්
    රටට ඕනි නෑතේ.....​
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    / ( , ) ( , ) \
    \ ) ( /
    / . \
    ( Y )
    \ / \ /
    \ \ / /

    නොමඟ නොයන් පුතේ...
    නුඹට අතක් ඈතේ...
    මේක බලල හිතට අරන්
    නුබ ගහපන් අතේ.....


    / /l (
    ;c(,,,):l )
    ,'; 'l /

    නොගෑහුවොතින් අතේ....
    මම අරිනව පුකේ.
    නුඹල වගේ පොන්න පුතුන්
    රටට ඕනි නෑතේ.....​


    :rofl::rofl:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ.. මාර පක්ෂපාතීත්වයක් ඒකනම්..:shocked:
    ඒ වගේම හොඳට මෝළෙත් හොඳට තිබිලා තියෙනවා.. ඒකනේ ඡන්දේ ඉල්ලන්න ගිහින් නැත්තේ..:rolleyes: