ලුලූ_ජාත්‍යන්තර
ලුලූ ජාත්‍යන්තර සමූහයේ මෙරට මෙහෙයුම් ඇරඹෙයි
ලෝකයේ රටවල් රැසක සිය ව්‍යාපාර කටයුතු කරන ප්‍රධාන බහුජාතික සමාගමක් වන ලුලූ ජාත්‍යන්තර සමූහය අද දින සිට යාස් ලංකා පුද්ගලික සමාගම සමග එක්ව මෙරට තුල සිය මෙහෙයුම් කටයුතු ආරම්භකර තිබේ.
මෙහි සමාරම්භක උත්සවය අද පෙරවරු 11.30 ට අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක අපනයන සැලසුම් කලාපයේ පිහිටි යාස් ලංකා පරිශ්‍රයේදී පැවත්වී ඇත.
මෙම ව්‍යාපාරය මගින් මෙරට වවන ඉතා ගුණාත්මක, තත්වයෙන් උසස් එළවලු සහ පලතුරු ඉහල මිලකට ලබාගෙන විදෙස් රටවලට අපනයනය කරනු ලබයි.
මෙමගින් විදෙස් වෙළදපොලට මෙරට එළවලු සහ පලතුරු වර්ග යැවීමේ හැකියාව මෙරට වගාකරුවන්ට උදාවනු ඇත.
එසේම මෙමගින් මෙරට තරුණ තරුණියන් රැසකට රැකියා අවස්ථා උදාවන බවද සදහන් වේ.
මෙම සමාරම්භක උත්සවයට අමාත්‍ය නවින් දිසානායක මහතා, නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා සහ ලුලූ ජාත්‍යන්තර සමූහයේ සභාපති යූසුෆ් අලී මහතා, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ඇතුලු දෙස් විදෙස් අමුත්තන් රැසක්සහභාගිවී ඇත.