ලෙඩ මඩින කහ කුඩු

ITtec

Member
Nov 19, 2015
369
106
0
ලෙඩ මඩින කහ කුඩු

කහ විෂබීජ නසන බවට අති ප‍්‍රබල විශ්වාසයක් තිබෙනවා, නමුත් විද්‍යාව අද එතනින් එහා ගිය විශාල වටිනාකමක් කහ වලට දෙනවා. කහ වල තිබෙන ‘කර්කියුමින්. කියන රසායනය නිසා තමයි මේ වටිනාකම් සියල්ල කහ වලට ලැබී තියෙන්නේ.
turmeric_plant.gif


ශරීරය වැහැරෙන්නෙ, අපි වයසට යන්නෙ ශරීරය තුළ තිබෙන මුක්ත ඛණ්ඩක ක‍්‍රියාවලිය බලගැන්වීම නිසා. කහ එය මර්ධනය කරනවා. විටමින් C විටමින් E මේ වයසට යාමේ ක‍්‍රියාවලිය ආපස්සට හරවන මහත් වූ ගුණයකින් යුක්තයි. දැන් සොයාගෙන තිබෙන ආකාරයට මේ විටමින වගේ අට ගුණයක ප‍්‍රබලතාවයෙන් කහ ඉහත විස්තර කළ ෙසෙලීය හානිය අවම කරනවා.​

ශරීරයේ ප‍්‍රදාහික ක‍්‍රියාවලියක් බලගැන්වීමෙන් ඇතිවන ලෙඩ රාශියක් තිබෙනවා. ගැස්ට‍්‍රයිටිස්, ආතරයිටිස්, මුත‍්‍රා ආසාදන ඊට නිදසුන්. මේ ප‍්‍රදාහික ක‍්‍රියාවලිය අඩපණ කිරීමට කහ වල තිබෙන ‘කර්කියුමින්. වලට පුළුවන්.​

කහ ආසාදන වලට එරෙහිව ක‍්‍රියාත්මක වෙනවෘ. ඇත්තෙන්ම කහ ස්වාභාවික විෂබීජ නාශකයක්.​

මොළයේ අවක‍්‍රියාකාරී තැන්පතු නිසා ඇතිවන වෙනස්වීමක් ඇල්ෂයිමර් රෝගයට හේතු වෙනවා. මේ අනූව කහ ප‍්‍රති බීටා ඇමයිලෝඞ්කාරකයක් වශයෙන්ද ක‍්‍රියා කරනවා.​

මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ මේ ඉපැරණි මුළුතැන්ගෙයි රසකාරකය තුළ පිළිකා නාශක ගුණ පැවතීමයි,. වෙසෙසින්ම ආන්ත‍්‍රික-ගුද පිළිකා පාලනය කිරීමෙහිලා කර්කියුමින් රසායනය දක්වන්නේ විශ්මිත ක‍්‍රියාකාරිත්වයක්. මේ ගැන බි‍්‍රතාන්‍යයේ වෛද්‍ය සගරාවක මෙසේ දැක්වෙනවා.

..කීමොතෙරපි ප‍්‍රතිකාරයෙන් පහර එල්ල වෙන්නෙ දුහිතෘ සෛල වලට. එනම් මූලික පිළිකා ස්ථානයෙන් පැන නගින පරිවාර සෛල වලට. එහෙත් කර්කියුමින් නික්ෂේපණ ප‍්‍රතිකාරයෙන් කුඹ සෛල ලෙස හැඳින්වෙන මාතෘ පිළිකා සෛල වලට කෙලින්ම පහර එල්ල කරනවා. ඒවා විනාශ කරනවා. කීමොතෙරපි ප‍්‍රතිකාරය ගැනීමෙන් ඇතිවන විවිධ සංකූලතා කිසිවක් මේ කර්කියුමින් ප‍්‍රතිකාරය නිසා ඇති වන්නේ නෑ.
http://www.greenmedinfo.com/blog/better-chemo-turmeric-kills-cancer-not-patients-1
පිළිකා ප‍්‍රතිකාරයේදී කර්කියුමින් සාන්ද්‍රණය ඊට ඔබින ආකාරයෙන් පිළියෙල කර ගන්නා ආකාරය මේ වාර්තා වල වැඩි දුරටත් දැක්වෙනවා.
අපට තිබෙන්නේ පෙරදිග සංස්කෘතියෙන් පෝෂණය වූ ඉතා නිරෝගී ආහාර සිරිතක්. මුළුතැන් ගෙයි කුළුබඩු භාජන අට අනූවක් ව්‍යාධින් වලට වටිනා ඖෂධ. ඔබේ සෞඛ්‍ය කෙරෙහී බලපාන ඔබේ ආහාර වේල නිවෙසේදීම පිළියෙල කරගන්න. නියපොතු අගට තවරාගෙන ඉස දමන කහ කුඩු ටික, උළුහාල්, අබ ,කුළුබඩු ටික මගහරින්න එපා. එය ඔබත් නොදැනීම ඔබේත් ඔබේ ආදරණීයයන්ගේත් සෞඛ්‍ය මහා රැකවලෙක් සේ ආරක්ෂා කරනවා.

10-Benefits-of-Turmeric-and-How-to-Use-it-as-Healing-Drug2.jpg


1) කහ සුව කරන ලෙඩ සමහරක්
2) ගැස්ට‍්‍රයිටිස්
3) ආතරයිටිස්
4) ශරීරය වියපත් වීම
5) සම රැළි වැටීම
6) බැක්ටීරියානු ආසාදන
7) ඇල්ෂයිමර් රෝගය
8) ආන්ත‍්‍රික ගුද පිළිකා

උපුටා ගත්තකි.
"වෛද්‍යවරයා" සගරාවේ කර්තෘ භාරත ගුණතිලක
 

ITtec

Member
Nov 19, 2015
369
106
0
එල.. ගුඩ් පෝස්ට්..
දැන් කඩවල තියෙන කහකුඩු වලට නම් පාට දාලද කොහෙද..
:rofl:


:yes: හොදම දේ තමයි වැලි ටිකකට පස් ටිකක් කවලං කරලා අමු කහ කෑලි ටිකක් හිටව ගන්න එක. අපේ ගෙදර නම් තියනවා. :D
 
  • Like
Reactions: Lahiru120