ලෙවකමු මෙදා අපි සිංහල අවුරුද්ද
ලෙවකමු මෙදා අපි සිංහල අවුරුද්ද
බූන්දි| සඳුදා, අප්‍රේල් 8, 2013| 02:45:27
එරමුදු මල් පිපෙයි වෙන දා පරිදි ගසේ
ඇතිළිය වළඳ මොර දෙන හඬ කනට ඇසේ
සිහිවන විටත් ඇති වෙයි බර ගතිය හිසේ
සිංහල අවුරුද්ද ගත කළ හැකි ද කෙසේ?
පත්තර කාරයන් දෙන ලාබයට ලියා
වස්තර යාරෙ මීටර් වී ඉහළ ගියා
බත් පොත් ටික අපේ කෑවා කබර ගොයා
ඇත්කඳ ලිහිණි පියඹති තම ගොදුර සොයා
අබ දුරු මල්ලි කුළු බඩු රස බැලු හොද්දේ
ගෙයි නැත ඒව කවුරු ද? ගුවනට විද්දේ
නොනගත ලබන විට සිංහල අවුරුද්දේ
මොනව ද? තබන්නේ ලිප් ගල් තුන මැද්දේ
හිසතෙල් ගාන්නට අවුරුදු නැකතකට
නැතිනම් බැද ගන්න රජයෙන් ලැබුණ ඇට
තෙල් කාලක් ගන්න දෙකකුත් පනහකට
වත්කම තියනව ද ? අසරණ කෙනෙකු හට
හැඹිලිය පෙට්ටගම බැලුවෙමි නැත වාසී
අනුබව කරන්න ද? අපි තණ කොළ පාසී
ගනු දෙනු කරන ලද තඹ පිත්තල කාසී
නො වටින බැවින් ඉවතට කෙරුව ද වීසී?
බත බුලතක් දෙන්න දෙ ගුරුන් ගුරුන් හට
පුළුවන් වේ ද? කොළ කීයක් ගණන් කොට
දිනයක් ඇතත් අවුරුදු හඳ බලන්නට
පෙනෙනව දවල් තරු දැන් සක්වලින් පිට
නැකතට දකුණු පාදය ඉදිරියට තියා
වැඩ අල්ලන්න තිබුණත් යා යුතු ය කියා
කළ වැඩ නිදොස් අය ගේ අලි රැළට ගියා
ඇයි දෙවියනේ ඔබ ඉන්නේ, දෙනෙත පියා
දවසින් දවස තරවෙන (අති පරි සුද්ද)
ජනවරමලා දැන් කො පමණ බර ඇද්ද
බොයිලර් කුකුළු මස් කෑමට ළඟ නැද්ද
ලෙවකමු! ඉතිං අපි සිංහල අවුරුද්ද
(1979 අප්‍රේල් ‘කවිය‘ පුවත් පතේ පළවූවකි)
** පද බෙදීම්, අක්ෂර වින්‍යාස හා විරාම ලක්ෂණ එපරිද්දෙන්ම ය.
(මේ කව අප වෙත එවූ දමිත් වැලිකල සහෝදරයාට තුති.)
Danie Kulappuwawadu | ඩැනී කුලප්පුවාවඩු
බූන්දි| සඳුදා, අප්‍රේල් 8, 2013| 02:45:27
එරමුදු මල් පිපෙයි වෙන දා පරිදි ගසේ
ඇතිළිය වළඳ මොර දෙන හඬ කනට ඇසේ
සිහිවන විටත් ඇති වෙයි බර ගතිය හිසේ
සිංහල අවුරුද්ද ගත කළ හැකි ද කෙසේ?
පත්තර කාරයන් දෙන ලාබයට ලියා
වස්තර යාරෙ මීටර් වී ඉහළ ගියා
බත් පොත් ටික අපේ කෑවා කබර ගොයා
ඇත්කඳ ලිහිණි පියඹති තම ගොදුර සොයා
අබ දුරු මල්ලි කුළු බඩු රස බැලු හොද්දේ
ගෙයි නැත ඒව කවුරු ද? ගුවනට විද්දේ
නොනගත ලබන විට සිංහල අවුරුද්දේ
මොනව ද? තබන්නේ ලිප් ගල් තුන මැද්දේ
හිසතෙල් ගාන්නට අවුරුදු නැකතකට
නැතිනම් බැද ගන්න රජයෙන් ලැබුණ ඇට
තෙල් කාලක් ගන්න දෙකකුත් පනහකට
වත්කම තියනව ද ? අසරණ කෙනෙකු හට
හැඹිලිය පෙට්ටගම බැලුවෙමි නැත වාසී
අනුබව කරන්න ද? අපි තණ කොළ පාසී
ගනු දෙනු කරන ලද තඹ පිත්තල කාසී
නො වටින බැවින් ඉවතට කෙරුව ද වීසී?
බත බුලතක් දෙන්න දෙ ගුරුන් ගුරුන් හට
පුළුවන් වේ ද? කොළ කීයක් ගණන් කොට
දිනයක් ඇතත් අවුරුදු හඳ බලන්නට
පෙනෙනව දවල් තරු දැන් සක්වලින් පිට
නැකතට දකුණු පාදය ඉදිරියට තියා
වැඩ අල්ලන්න තිබුණත් යා යුතු ය කියා
කළ වැඩ නිදොස් අය ගේ අලි රැළට ගියා
ඇයි දෙවියනේ ඔබ ඉන්නේ, දෙනෙත පියා
දවසින් දවස තරවෙන (අති පරි සුද්ද)
ජනවරමලා දැන් කො පමණ බර ඇද්ද
බොයිලර් කුකුළු මස් කෑමට ළඟ නැද්ද
ලෙවකමු! ඉතිං අපි සිංහල අවුරුද්ද
(1979 අප්‍රේල් ‘කවිය‘ පුවත් පතේ පළවූවකි)
** පද බෙදීම්, අක්ෂර වින්‍යාස හා විරාම ලක්ෂණ එපරිද්දෙන්ම ය.
(මේ කව අප වෙත එවූ දමිත් වැලිකල සහෝදරයාට තුති.)




