රටේ පවතින දැඩි සෞඛ්‍ය අර්බුදය සහ සෞඛ්‍ය අංශ වල දැඩි ඉල්ලීම හේතුවෙන් දින 14ක කාලයක් සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි සංචරණ සීමා හෝ අවධානම් දිස්ත්‍රික්ක වශයෙන් ලොක්ඩවුන් කිරීමක් සිදු වුවහොත් ඊට රට මුහුණදීම සඳහා රජය සියළු අංශ සූදානම් කරමින් පවතින බව වාර්තා වේ.
ලොක්ඩවුන් කිරීමකදී මහජනතාව අපහසුතාවයට පත් නොවීම සඳහා අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීම සහ ආහාර ඇතුළු මහජන අවශ්‍යතා එම කාලය තුලදී ලබා දීම සඳහා රජයේ සියළුම අංශ මේ වන විටත් දැනුවත් කර ඇති බවද වාර්තා වේ.
මෙ අතර සංචරණ නීති දැඩි කිරීමටත්, ආරක්ෂක අංශ වලට උපදෙස් දී ඇති බවද වාර්තා වේ.
කෙසේනමුත් රටම පූර්ණ ලොක්ඩවුන් කිරීමකට ජනාධිපතිවරයා සහ හමුදාපතිවරයා පුද්ගලිකව කැමැත්තක් පළ කර නොමැති අතර ඔවුන්ගේ මතය වී ඇත්තේ එන්නත්කරණය කාර්යක්ෂම කිරීමෙන් කොවිඩ් පාලනය කල හැකි බවයි.
මෙම සියළු පූර්ව සැලසුම් අගමැතිවරයා සහ බැසිල් අමාත්‍යවරයා එක්ව සිදුකරමින් පවතින බවද වාර්තා වේ.
Source

