ඔයාලත් අසරණ කෙනෙක්ගේ ජීවිත ආයාචනයට පිහිටක් වෙන්න කැමතිනම් මේකේ තමන්ගේ ලේ වර්ගෙට වෝට් එකක් දෙන්න...
ලේ ඕනා කෙනෙක්ට එතකොට හදිස්සියට හොයාගන්න පුලුවන්නේ
සාමාන්‍යයෙන් හැමෝට ම තිබෙන්නේ එක ම ලේ වර්ගයක් නොවෙයි. ඉතා ම දුර්ලභ ලේ වර්ගත් තිබෙනවා. එබඳු ලේ වර්ගයක් තිබෙනා රෝගියෙකු සඳහා රුධිරය ලබා දීමට සිදු වූ විට, අදාළ ලේ වර්ගය සොයා ගැනීමට ඉතා අපහසු විය හැකි යි. ඒ නිසා එම අපහසුතා මග හැරීම පිණිස ජාතික ලේ දන්දීමේ සේවය මඟින් “දුර්ලභ ගණයේ රුධිර පරිත්‍යාගශීලීන් ගේ සංගමය” නමින් සංගමයක් පිහිටුවා තිබෙනවා.
ඔබේ ලේ වර්ගයත් ඕ-නෙගටිව් (O-negative), බී-නෙගටිව් (B-negative), ඒ-නෙගටිව් (A-negative), ඒබී-නෙගටිව් (AB-negative) හෝ ඒබී-පොසිටිව් (AB-positive) නම්, ඔබත් දුර්ලභ ලේ වර්ගයක් යුතු අයෙක්. නිරතුරු ලේ දන්දෙන ඔබේ ලේ වර්ගයත් මෙබඳු දුර්ලභ ලේ වර්ගයක් නම්, ඔබටත් මේ සංවිධානයේ ලියාපදිංචි වීමේ අවස්ථාව තිබෙනවා. එවිට කවරෙකුට හෝ හදිසියේ ඔබේ ලේ වර්ගය අවශ්‍ය වුවහොත් ජාතික ලේ දන්දීමේ සේවය ඔබට ඒ පිළිබඳව දැනුම් දෙනවා. එවිට ඔබට එම අසරණ රෝගියා වෙනුවෙන් රුධිරය දන් දිය හැකි යි. ඒ අයුරින් ජීවත් වන්නට වෙරදරනා අයෙකුට ජීවිතය දෙන්න උපකාර කළ හැකි නම්, ඔබ හැබෑ ම වීරයෙක්….
online දැනගන්න විදියක් තියේ ද
ලේ වර්ගේ ලියුම ගෙදරට ආවේ නැහැනේ !online දැනගන්න විදියක් තියේ ද
![]()

gedarata enawa ban within 2 months wage![]()

අප්‍රේල් මුල දුන්නේ ! තාම නෑ![]()
ලබනමාසේ ලේ දෙන්න කලින් දැනගන්න විදියක් නැද්ද![]()


