
මෙම ඡායාරූපවල දැක්වෙන හාවා ලොව විශාලතම හාවා ලෙස ගිනස් වාර්තා පොතට එක්ව සිටී.
ඩේරියස් නමැති එම හාවා, බරින් කිලෝ ග්‍රෑම් 15 ඉක්මවන අතර (three-and-a-half stone) දිගින් අඩි 4යි අඟල් 4ක් පමණ වේ.
එම හාවාගේ හිමිකාරිය වන 62 හැවිරිදි ඇනට් එඩ්වර්ඩ්ස් පවසන්නේ, වසරකට කැරට් අල 4000ක් පමණ එම හාවා ගිල දමන බව ය.
ඊට අමතරව, ගෝවා, ඇපල් සහ තව ත් කෘත්‍රිම ආහාර ආදිය ඌට ලබා දෙන අතර ඒ සඳහා වාර්ෂිකව ඇයට වැය වන මුදල අමෙරිකානු ඩොලර් 2400කි.
එම හාවාගේ වයස අවුරුදු 5ක් වන අතර, එම හාවා ලොව විශාලතම හාවා බවට පත් වනු ඇතැයි තමන් කිසිදින නොසිතූ බව ඇනට් එඩ්වර්ඩ්ස් පවසයි.
ඇය සඳහන් කළේ, සිය සුරතලා ආහාරවලට දැඩි ගිජු බවක් දක්වන බව ය.
ඌ ආහාර බුදින ආකාරය බලා සිටීමට ඇය දැඩි කැමැත්තක් දක්වයි.


repost nam sorry

he he



