ලොකු අප්පච්චි සමු අරගෙන

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ඔහු නමින් ජේ. එච්. ජයවර්ධනයි...
ඔහු අපි මුලින් හදුනා ගත්තේ "රජ්ජුරුවෝ" ලෙසයි...
ඒ "මොණරතැන්න" ගුවන් විදුලි නාට්‍ය තුලින්.
ඉන්පසු ඔහු අපිට රූපවාහිනි මාධ්‍ය තුලින්ද හමු වුනා ඔබට මතක ඇති...
කලාකරුවකු යනු රටක සම්පතක්..
නමුත් එවන් කලා කරුවන්ගේ වටිනාකම රට'ට දැනෙන්නේ ඔවුන් අප හැර ගිය පසුයි..
ජේ.එච්. ජයවර්ධනයද එසේ අද අප අත් හැර ගොසින්...
කලාකරුවාණනි ඔබට නිවන් සුව අත් වේවා..!!!


11351289_455708254594731_1620149614610149691_n.jpg

කැළණි පාලමේ මැම්බර් චරිතය මෙතුමා කල සුපිරිම රඟපැමක් දුක තමයි කවදාවත් ඒ රඟපෑම සජිවිව වේදිකා නාට්‍යයේ දැකලා නැති ඒක, :( රූපවාහිනියෙන් 3-4 වතාවක් කැළණි පාලම වේදිකා නාට්‍යය බැලූවා. භික්ෂු චරිත කිහිපයක්ම කලා මම හිතන්නේ, පුද්ගලික ජිවිතයේ ඉතාමත් හොඳින් ගත කල මෙතුමාට රඟපාන්න ලැබුනේ බොහොවිට කළු චරිත කෙටියෙන් කියනවා නම් කුපාඩි චරිත :(:(