මට දැන් Combined math අන්තෙටම කෙල වෙලා ඉන්නෙ
හේතුව class cut කිරීම & O/L ඉවර වුන ගමන් class නොයෑමයි

ඉතුරු subject දෙකම හොද මට්ටමක තියෙනවා, math කෙල වුණ එක ගැන දුකයි
මේක කොහොමටවත් දැන් යන class එකකට ගිහින් cover කරගන්න බැරි මට්ටමක තියෙන්නෙ
තව අවුරුද්දයි, මාස තුනක් වගේ තියෙනව, 2023 ලියන්නයි දැනට බලාපොරොත්තුව
මන් බැලුවේ self-studies වලට යන්න
syllabus එක download කරගෙන, පුලුවන් තරම් තේරුම් අරන් categorize කරා
පොඩ්ඩක් හොයල බලුවම Khan academy එකෙ & YouTube එකේ profලගෙ lectures තියෙනවා
English තේරුම් ගැනීම නම් අවුලක් නැහැ
මෙ ක්‍රමේ recommend කරන්න පුලුවන්ද
අනිවාර්යෙන් රිස්ක් එකක් තියෙනව, ඒත් මන් හිතන්නෙ මේක යම් ප්‍රමාණයකට සාර්තක වෙයි කියල
මෙකේ ගොඩක් math කරපු අය ඇතිනෙ, පුලුවන්නම් මේකෙ තියෙන අඩුපාඩු, limitation පෙන්වල දෙන්න පුලුවන්ද
ඒ වගේම math වලට හොද resources ටිකකුත් පුලුවන්නම් කියන්න.