මම අලුතෙන් office එකකට join වුන IT Admin කෙනෙක් විදිහට. Networking පැත්තෙන් course ටිකක් කරලා තියනවා. කලින් වැඩ කරපු තැන users ලා 5 හිටියේ. ඒ හින්ද කිසි අවුලක් නැතිව pc ටික network කරලා file share වලට windows server එකක් ගහගෙන ලස්සනට හිටිය. අලුත් office එකේ users ඔක්කොම 30 ක් ඉන්නවා. හැම users කෙනෙක් ම network එකට connect වෙන්නේ laptop එකෙන් wifi . office එකේ network setup එක වෙන්නේ Slt ලාගෙන් ගත්තු fiber router එකකට tp-link 1gbps 8 port switch ekak connect කරලා තියෙන්නේ. switch ekata tp -link access point දෙකක් connect karala හැම user කෙනෙක්ම AP එකට connect wela තමා router එක හරහා internet යන්නේ. office එකේ structure එක අනුව cable වලට යන්න තාම අදහසක් නැ . wifi AP දෙකත් overlap වෙන්න නැතිව තමයි තියලා තියෙන්නේ. හැම users කෙනෙක්ටම හොදටම AP එක හරහා සිග්නල් තියනවා. internet එකට access වෙන කොට තමයි ප්‍රශ්නය පටන් ගන්නේ. Internet එක slow වෙනවා හැම users ලටම වේලාවෙන් වෙලාවට. access -point එකත් switch එකත් connect කරලා තියෙන්නේ cat 6 cable වලින්. file share server එකත් cat 6 cable එකෙන් switch එකට connect කරලා තියෙන්නේ. Internet එකට connect වෙන users ල ගාන වැඩි හින්දද මේ issue එක එන්නේ නැත්නම් network setup එකේ changes කරන්න ඕනද?
AP & Switches wala bottleneck thiyennath puluwan.