මට ලොකු ප්‍රශ්නයක් තියනව. මම දැනට ඉන්නෙ වෙන රටක, මෙහෙ ඉගෙනගන්නව. දැනට මස 5, 6 කට වගේ ඉඳන් මට ගොඩක් අමුතු දේවල් වෙනව. සමහර වෙලාවට මම ඇඳේ නිදගත්තහම නැගිටින්නෙ වෙන තැනකින්. සමහර වෙලාවට සාලෙ, සමහර වෙලාවට කුස්සියෙ ඔය වගේ.. ඒ දේවල් නින්දෙන් ඇවිදිනවා කියමුකෝ. සමහර වෙලාවට මම යාලුවන්ට කෝල් කරල තියනව, ඒවත් මට මතක නෑ.. ගොඩක්ම බය හිතෙන දේ උනේ දැන් දවස් දෙකකට කලින්. හවස කැම්පස් ඉවර වෙලා මම එලියට එනවා මතකයි අයෙත් මතක් වෙනකොට මම වෙනම පැත්තක. හරියටම විනාඩි 15 වගේ උන දේවල් මට මතක නැහැ.
මගෙ studies එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. ලොකුවට හිතන්න දේවලුත් නැහැ. එත් මට හිත ගන්න බෑ මේ වෙන්නේ මොනවද කියල. Doctor කෙනෙක් ලඟට යන්නත් බයයි මට පිස්සු කියල හිතුවොත් මගෙ studies වලටත් ප්‍රශ්නයක් වෙනව.
මේක විහිලුවට ගන්නේ නැතුව මට පොඩි උපදෙසක් දෙන්න.