දෙහිවල තිබ්බ ජාතියේ ෆිනෙන් පහළ වූ අහවල් සංවිධානයක රැස්වීමක් අහන් හිටියා ඕයි.... ගෑණුන්ට දුසිම් භාගයක් පැටවු ගහන්න එහෙම කියලා දුන්නා.. කරන හැටිත් කියල දුන්නද මන්දා මං ඒ හරියෙන් යනකොට රැස්වීම ටිකක් දුර ගිහිල්ලා..
මේ දරුවො කියන්නෙ මං හිතන්නෙ රොබෝලා වගේ කොටසක් වෙන්ට ඕන... මොකද වදලා එකෙක් පන්සලට, එකෙක් ආමි එකට, එකෙක් නේවි එකට, එකෙක් දර පළන්න, එකෙක් වතුර ළිපේ තියන්න, ඔන්න ඔහොම දීගෙන, දීගෙන යන්න කිව්වා... උපන්නාම ප්රෝග්රෑම් කරන්න ඕන ඇති මයෙ හිතේ එහෙම දෙන්න.... "තෝ කියවන්නෙ ආමි පොත් විතරයි හරිද...? තෝ වෙන මොනවා හරි රස්සාවක් ගැන හීන මවලා අහු උනොත් මේ අප්පා නරක හෙළයා කියන්න එපා...!"
මේ ගෑණු කියන්නෙත් මම හිතන්නෙ සත්තු ජාතියක් වෙන්න ඕන.. ( අපේ ගෑණු නම් එහෙම නෑ.. උනුත් අපි වගේම නිදහසේ ජීවත් වෙන අය... ) .. "අරහෙම අඳිනු...!..මෙහෙම හැසිරෙනු...!.. මෙහෙම කථා කරනු...!... දණ ගසනු...!.. වඳිනු..!..වැතිරෙනු..!.. වදනු..! " වගේ අර්ථයන් තියෙන උපදෙස් ටිකක් දීගෙන, දීගෙන ගියා... මට එව්වා ඇහුවාම මතක් උනේ Zoo එකේ චිත්ර අන්දන්න හුරු කරවපු රිලව්, අහිකුණ්ඨිකයො ගාව ඉන්න රිලව් එහෙම... "හා රාළාමි එහෙනන් ඒ වන්ගියෙන් නැන්දා මාමා බලන්න යන හැටි පෙන්නපන්... !" කිව්වාම කදක් වගේ කෝට්ට අරගෙන රවුමට යන්න, එහෙම හුරු කරලා තියෙන්නෙ.. අන්න ඒ වගේ...
දුසිම් භාගයක් පැටවු ගහන්න කිව්වට වදන උන්ට කන්න, අඳින්න දෙන හැටි නම් කියලා දුන්නෙ නෑ... මයෙ හිතේ එව්වා හාන්දුරුලා, ඒ ස්ටේජ් එකේ හිටපු වීර හෙළයො එහෙම බලා ගන්නව ඇති.. අනේ ඒ ඇත්තන්ට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන... අමා මහ නිවන් සැප කෙළවර දෙව් මිනිස් සැප ලැබෙන්න ඕන...
ඔය අස්සෙ ඕවා අහලා හිනා වෙන අපි වගේ උනුත් ඉන්නවනේ අම්මපා.. උඹලට කවද හරි තේරෙයි... !
උපුටා ගැනීම - Damith Kethaka
Last edited: