බුදුරජානන් වහන්සේ ත්රිපිටකයේ මහා වග්ග පාලියේ (බුද්ධ ජයන්ති )
පූති මුත්ත භෙසජ්ජං නිස්සාය පබ්බජ්ජා තත්ථ තෙ යාවජීවං උස්සාහො කරණීයෝ. අතිරෙක ලාභෝ සප්පී නවනීතං තෙලං මධු පාණිතං. (ම. ව. 1/238)
මේ පාඨයට අර්ථයක් දෙන මහා යතිවර රේරුකාණේ චන්ද විමල ස්වාමීන් වහන්සේ,
පැවිද්ද, අරළු ගෝමුත්රයෙහිලා සම්පාදනය කරන පුතිමුත්ර භෛසජ්ජයෙන් පවතින්නේය. පූති මුත්ත භෛසජ්ජයෙන් දිවි පැවැත්ම ඔබ විසින් දිවි හිමියෙන් උත්සාහ කල යුතුය. පෙරකල කුශලානුභාවයෙන් ලැබෙතොත් ගිතෙල්ය, වෙඬරුය තල තෙල්ය, මී පැණිය, උක් සකුරුය යන මේවා අතිරේක ලාභයන්ය.