ලොව පළමු පරිගණකය මේකද?

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ලොව පළමු පරිගණකය මේකද?

    child4.jpg
    මීට වසර දෙසීය හතළිහකට පෙරදී එනම් 1770 දී ස්විට්සර්ලන්ත ජාතික ඔරලෝසු නිපදවන්නෙකු වන ‘පියරේ ජැක් - ඩේ‍රාස්’ විසින් නිර්මාණය කරන ලද අකුරු ලියන යාන්ත්‍රික දරුවා නූතන පරිගණකයේ ආදි මුතුන්මිත්තෙකු විය හැකි බව නොබියව ප්‍රකාශ කිරීමට හේතුසාධක බොහෝමයක් ඇති බව මෙම අකුරු ලියන අපූරු කොළුගැටයා වැඩකරන අපූරුව දෙස විමසිලිමත්ව බැලූ කල මැනවින් පෙනී යන්නකි.

    මේසයක් අසල අසුන් ගෙන සිටින කුඩා ළමයකුගේ බාහිර ස්වරූපයෙන් යුතු මෙම ස්වයං ප්‍රවර්තක යන්ත්‍රයේ ඇති සර්පිලාකාර දුනුව කරකැවූ කල (වයින් කිරීම) සිය අත රැඳි පිහාටු පෑන ඔසවා මේසය මත වන තීන්ත කූඩුවේ ඔබා අකුරු හතළිහකින් යුතු වාක්‍ය රචනා කිරීම සඳහා යන්ත්‍රය තුළ නානා විධ කොටස් හයදහසක් හා ප්‍රතිෂ්ඨාපනය කළ හැකි අභ්‍යන්තර කැමියන් (cami) හතළිහක් ද වේ. ලිවිය යුතු වචන සඳහා විධාන නිකුත් කරන්නේ මෙම කැමියන් විසිනි. මෙම යන්ත්‍රයේ ඇති කාර්යක්ෂමතාව කෙතරම්ද යත්, එහි වන අභ්‍යන්තර කොටස් සුදුසු පරිදි ඉවත්කිරීම හෝ තව කොටස් එකතු කිරීම මගින් අවශ්‍ය ඕනෑම වාක්‍යයක් ලිවීමට එය සමත්ය. මේ නිසාම විද්වතුන් බොහෝ දෙනකු විසින් එය සලකනු ලබන්නේ මුල්කාලීන කැමි හා ස්වයං ප්‍රවර්තක යාන්ත්‍ර තාක්ෂණයේ බලමහිමය අනාගතයට රැගෙන ආ නිදසුනක් හා නූතන පරිගණකයේ ආදි මුතුන්මිත්තෙකු ලෙසය. මහාචාර්ය සයිමන් ෂැෆර්ගේ විශ්වාසයට අනුව එය කැමි තාක්ෂණයේ අද්විතීය නිමැවුමක් සේම, අතීතයේ සිට අද දක්වාම ලොව පැවැතීමට වාසනාව හිමි වූ වඩාත්ම පුදුම සහගත ස්වයං ප්‍රවර්තක රූකඩ යන්ත්‍රයයි. මෙම සංකීර්ණ නිර්මාණය සිදු කිරීම සඳහා ජැක් ඩේ‍රාස් හට ඔහුගේ පුතුවන හෙන්රි ලුවිස් හා ෂෝන් ෆේ‍රඩ්රික් ලෙ‍පොට්ගේ සහය ද ලැබෙන්නට ඇති බව සැලකේ. සිය ජීවිත කාලය තුළ වරින්වර ලන්ඩනය, පැරීසිය හා ජීනීවා යන නගරවල විසූ ජැක් ඩේ‍රාස් සිය සමස්ත ජීවිතයම කැප කරන ලද්දේ ඔරලෝසු හා වෙනත් යාන්ත්‍රික බලයෙන් ක්‍රියාකරන පක්ෂීන් ආදිය නිපදවූ සිය කම්හ‍ලේ අලෙවිය ඉහළ නංවනු සඳහාත් පාරිභෝගික ආකර්ෂණය දිනාගැනීමේ අරමුණින් මෙබඳු ජීවමාන ලෙස ක්‍රීඩා කරන්නාවූ යන්ත්‍ර නිපදවීම සඳහාය. ඔහු විසින් එලෙස නිර්මාණය කරන ලද සෙසු ස්වයං ප්‍රවර්තක යන්ත්‍ර අතර කොටස් දෙදහස් පන්සියයකින් සමන්විත ‘සංගීතඥයා’ ලෙස හැඳින්වෙන යන්ත්‍රය ද කොටස් දෙදහසකින් සමන්විත ‘සැලසුම් සකස් කරන්නා’ නමැති මනුෂ්‍යරූපී යන්ත්‍ර දෙක කැපීපෙනෙයි. වර්තමානයේදී ‘ජැක් ඩේ‍රාස් රූකඩ’ ලෙස හැඳින්වෙන මෙම ප්‍රධාන නිර්මාණ තුන ස්විට්සර්ලන්තයේ ‘නියුචැටල්’ හි පිහිටි කලා හා ඉතිහාස කෞතුකාගාරයේදී ප්‍රදර්ශනය කෙරේ.


    child1.jpg


    මෙම අපූරු ඔරලෝසුව ගතවන සෑම පැයක්ම දැනුම් දෙන ලද්දේ එහි වූ ගොපළුවෙකු විසින් සිය බටනලාවෙන් වාදනය කෙරුනු මධුර සංගිත ඛණ්ඩ හයකිනි. කන්කලු සංගීත රාවයෙන් ඉපිල ගිය ඔහුගේ සුරතල් සුනඛයාද ඔහු අසලම දැවටෙනු ඉන් නිරූපණය කෙරිනි. මෙම විශ්මිත දසුන දෙස
    සිහි එළවාගත නොහැකිව බලා සිටි රජු අමතා ජැක් කියා සිටින ලද්දේ ගොපල්ලා සතු කූඩයේ වන ඇපල් ගෙඩියක් ගැනීමට රජු ඉදිරිපත් වුවහොත්, සුනඛයා ඔහුට දක්වන පක්ෂපාතීත්වයේ තරම රජුටම දැකගත හැකි බවයි. එබසට අවනත වූ රජු දෙසට යාන්ත්‍රික සුනඛයා වියරුවෙන් මෙන් කඩාපනින ලද්දේ මාලිගය දෙවනත් වන සේ මහා හඩින් බුරමිනි. එම බිරුම් හඬ කෙතරම් ජීවමාන හා ප්‍රබල වුයේද යත් රජුගේ සුනඛයා ද ඊට නොදවෛනි ලෙස බිරීමට පටන් ගත් බව ඉතිහාස කථාවල කියැවෙයි.


    child3.jpg


    මේ නම් සාමාන්‍ය ඔරලෝසුවක් නොව මන්ත්‍ර බලයෙන් ක්‍රියා කරන්නක් බවට තරයේම විශ්වාස කළ රජුගේ ඇමැති මණ්ඩලය, රාජ සභාවෙන් පිටව ගොස් ඇත්තේ කුරුසියේ ලකුණ සටහන් කරගනිමින් බව කියැවෙයි.


    උපුටා ගැනීම සමුදුර(ලක්බිම):ප්‍රියන්ති රුද්‍රිගු
     
    Last edited:

    Similar threads