ලොව ප්‍රකට serial killers ලාගෙ කතන්දර

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
නියමයි සහෝ..... මේ මචා මම මේ ගැන මාර උනන්දුයි..... මේවගෙ පොත් හරි PDF ‍format හරි තියනවනම් මට දෙන්න පුලුවන්ද? ලොකු උදව්වක්.........

+++rep add........
 

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    නියමයි සහෝ..... මේ මචා මම මේ ගැන මාර උනන්දුයි..... මේවගෙ පොත් හරි PDF ‍format හරි තියනවනම් මට දෙන්න පුලුවන්ද? ලොකු උදව්වක්.........

    +++rep add........

    අනේ නෑ මචන් .English books and articles නම් තියෙනවා. මම ඉස්සෙල්ලා කීවා වගේ මම ඒවා sinhala වලට හරවලා ලියන්නේ. හම්බුනොත් මටත් දෙන්න. :)
     
    • Like
    Reactions: RLT4U

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    සැලකිය යුතුයි -
    මේ මිනී මරුවා ගැන විස්තරය එලකිරි එකට දාන එක හොදද මන්දා . එක අප්‍රසන්නයි වගේ. කොහොමහරි දරුණු එවා කියවන්න කැමති නැති අය කියවන්න එපා.




    ---------------------------------------------------

    Albert Fish (Killings between 1919 and 1930)

    Albert_Fish_1903.JPG
    Albert_Fish.jpg


    69200715438am.jpg


    Albert Fish , ඇමරිකාවේ හිටපු නීචම අපරාධකාරයා , කාමාතුරයා , ඒ වගේම මිලේච්චයා ලෙසත් මොහුව හැදින්විය හැකියි. :yes:
    ඔහුට ආරුඩ නම් කිහිපයක්ම තිබුනි.Gray Man, Brooklyn Vampire, The Boogeyman, the Werewolf of Wysteria ඒවායින් කිහිපයකි. මහත්මා පෙනුමකින් හෙබි මුණුපුරන් පවා සිටින දයාබර මිනිසෙක් වූ ඔහුට තම අවශ්යතාව පරිදි රාක්ෂයෙක් වීමට හැකියාවක් තිබී ඇත.:growl:
    ඔහුගෙ බිරිද Fish ව හදුන්න්වන්නෙ ලොව ආදරනීයම ස්වාමියා ලෙසයි :love:. දරුවන්ට ඔහු මහගු වස්තුවකි. එතරම් යහපත් Fish ගේ අපරාධ සැවොම මවිතයට පත් කරයි. :eek:

    ලමුන් 4 දෙනෙකුගෙන් සමන්විත පවුලක බාලයා ලෙස Fish Washington හි උපත ලැබුවේය.ඔහුගේ පවුලේ කිහිප දෙනෙකුම මානසික රෝග වලින් පෙලී ඇත. Fishගෙ පියා මිය ගිය පසු දරිද්‍රතාවය දරා අත නොහැකිව ඔහුගෙ මව විසින් Fish ව අනාථ මඩමකට ඇතුලත් කර ඇත.ඒහිදී නිතරම මඩමේ පාලකයන්ගෙ ගුටි බැට වලට මුහුණ දීමට සිදු වු Fish හට උදාවුයේ කය රිදුම් දෙන දුක්බර සමයකි :(. පසු කලෙක ඔහු එම වේදනාවට හුරු විනි. Fish එයට ආසා කලේ මත් ද්‍රව්යකට අබ්බැහි වු අයෙක් ලෙසයි. තමා විසින්ම ශරීරයට වේදනා ගෙන දෙන තත්වයකට ඔහු ඇද වැටිණී.:oo:
    ඔහු අවුරුදු 12 දී පමණ සමලින්ගිකයන් ඇසුරු කිරීමට පටන් ගත්තේය.
    ඔහු මුත්‍රා බීමට මලපහ අනුභව කිරීමටද පෙලබුනී.:baffled:
    සති අන්තවල ඔහු පොදු නාන ස්ථාන වලට ගොස් තරුණයන් ස්නානය කරන දෙස බලා සිටීමට පුරුදු විය. ඔහු සමලින්ගිකයන් හට පහස ලබා දෙන්නෙකු බවට පත් වූ අතර විවාහ වුවත් එය නැවතුනේ නැත.

    අනතුරුව ඔහු තම වෘෂණ කප දමුවේය :angry:. ( අණ්ඩ හරණය ) . ගණිකා නිවාස වලට ගොස් කස පහර කෑමටත් ඔහු ප්‍රිය වුයේය.
    එමෙන්ම Fish තම ලින්ගේන්ද්‍රිය අතුලුව මුලු සිරුරටම කටු 27 ක් පමණ ඇණ ගෙන ඇත.

    වයස අවුරුදු 55දී පමණ ඔහු දේව විශ්වාස වල මුලා වුයේය. දෙවියන් විසින් තමා මවා ඇත්තේ පිරිමි ලමුන්ගේ වෘෂණ කපා දැමීමටයයි ඔහු විශ්වාස කලේය :shocked: . ඔහු පිරිමි ලමුන් මරා දැමීමට පෙලබුනේ මින් අනතුරුවය.ඔහුට අරමුණ වන්නට ඇත්තේ ඔවුන්ගේ වෘෂණ කපා දැමීමට වුවත් එය කෙලවර වී ඇත්තේ ඔවුන්ගේ මරණයෙන් වියයුතුයි.

    විදුලි පුටුවෙහි ඉන්දවා ඔහු මරා දැමුණී.


    Meka gena wikipedia eke tiyana dewal tika dekkama minihekuta me wage deyak karanna puluwanda kiyala hitenewa.
    Wikipedia eke mu liyaa tiyana letters tika dekkama moleth ekka awul wenawa. :shocked::shocked::shocked::shocked:
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    Meka gena wikipedia eke tiyana dewal tika dekkama minihekuta me wage deyak karanna puluwanda kiyala hitenewa.
    Wikipedia eke mu liyaa tiyana letters tika dekkama moleth ekka awul wenawa. :shocked::shocked::shocked::shocked:

    thanks machan mathak kalaata. mama puluwan unoth ewath translate karala danna balannam.
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    මේ Albert Fish විසින් Budd නැමති කාන්තාවකට ලියපු ලියුමක් 1933දී. පොලිසියට Fish සොයා ගැනීමට උපකාරී වූ හෝඩුවාවක් ලෙස හදුන්වන්න පුලුවන්.
    --------------------------------------------------------------------

    "
    ආදරණීය බඩ් මහත්මිය,

    1984 දී මගේ යාලුවෙක් , තවත් කට්ටියක් එක්ක බෝට්ටුවක යාත්‍රා කරා.
    එගොල්ලො සැන් ෆ්‍රැන්සිස්කෝ ඉදන් චීනෙට ගියා. ඔවුන් ගොඩබිමට සේන්දු උනාට පස්සේ අධික් ලෙස මත්පැන් පානය කලා.
    එගොල්ලො ආපහු වෙරලට එනකොට බෝට්ටුව තිබ්බේ නෑලු.
    ඒකාලේ චීනයේ ආහාර හිගයක් තිබ්බා.ඕනෑම වර්ගයක මස් රාත්තලක් ඩොලර් 2 ක් හෝ 3ක් .
    බඩගින්න දරා ගන්න බැරි හින්දා අවුරුදු 12ට අඩු හැම ලමයෙක්ම ආහාර විදියට විකුණන්න සමහර මිනිස්සුන්ට සිද්ද උනා.
    ඕනෑම කඩයකට ගිහින් මාලු කුට්ටි , මස් ඉස්ටු, මස් පෙති ඉල්ලන්න පුලුවන්.
    නිරුවත් කුඩා ලමයින්ගේ මල සිරුරු වල කොටසක් ගෙනත් ඕන ගාන කීවාම ඒක කපල දෙනවා.
    තට්ටම් ප්‍රදේශය රහ හින්දා ඒ කොටසේ මිල අනික් කොටස් වලට සාපේක්ෂව වැඩියි.එවා විකිනුවේ හරක් මස් කියලා.
    මගේ යාලුවා දන්නවා මේ මිනිස් මස් කියලා. එයා ඒවට හොදටම රහ වැටිලා හිටියේ.
    එයා ආපහු ඇමරිකාවට ආව ගමන් කලේ පිරිමි ලමයි දෙන්නෙක් හොරකම් කරපු එක.
    එයා ඊට පස්සේ එගොල්ලන්ව නිරුවත් කරලා හිර කරා.
    හැමදාම එගොල්ලන්ගේ තට්ටම් වලට ගගහා ගොඩාක් වද හින්සා දුන්නා
    .එතොකොට මෙගොල්ලන්ගේ ඇග හොදට පදම් වෙනවනේ.
    ඉස්සෙල්ලම මැරුවේ වැඩිමහල් ලමයව.මොකද එයාට මහත තට්ටමක් තිබ්බා.හුගාක් මස් තියෙන්න ඇති.
    පස්සෙ මගෙ යලුවා ඔලුවයි , ඇටකටුයි , බඩවැලුයි ඇරෙන්න අනික් හැම කොටසක්ම තම්බලා පුච්චලා කාලා.
    අනික් කොල්ලටත් උනේ ඒ ටිකමයි.එයා මටත් ඔය විස්තරය කීවට පස්සේ මටත් මිනිස් මස් කන්න හරී ආසාවක් ඇති උනා.
    1928 , ජූනි 3 වෙනිදා , ඒ කියන්නේ සෙනසුරාදා දවසක් , මම ඔයාට කතා කලා.
    චීස්, ස්ට්‍රව්බෙරි එහෙම අරන් ඔයාලගේ ගෙදර ඇවිත් දිවා ආහාරය ගත්තා.
    ඔයාගේ චූටි දුව මගේ ඔඩොක්කුවේ ඉදගෙන හිටියා.එයා මාව සිප ගත්තත් එක්ක.
    මට හරිම ආසාවක් ආවා එයාව කන්න.එක හින්දා මම එයාව සාදයකට අරන් යනවා කියලා බොරුවක් කීවා.
    ඔයා එකට මට අවසර දුන්නා.මම එයාව පාලු ගෙදරකට අරන් ගියා.
    එයාව තියලා මම ඉහල මාලයට ගිහින් මගේ ඇදුම් ගැලෙව්වා.
    එයාගේ ලේ මගේ ඇගේ ගෑවෙනවට කැමති නැති හින්දයි මම එහෙම කලේ.
    මම එයා ගාවට ගියා.එයා මාව දැකලා කෑගැහුවා , ඇඩුවා.
    මම එයාව නිරුවත් කරලා එයාගේ හුස්ම හිර කලා.
    මම එයාව කෑලි කෑලි වලට කපල කෑවා.එයාගේ තට්ටම රෝස් කරල කනකොට පුදුම රහක් තිබ්බේ.
    මට දවස් 9ක් ගියා එයව මුලිමනින්ම කාලා ඉවර කරන්න.
    මම එයාට වෙන කිසිම කරදරයක් කරේ නෑ. එයා මිය ගියේ කන්යාවියක් විදියටයි. "

    ----------------------------------------------------------------------

    Grace_budd.gif


    That little girl
     
    Last edited:

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ෙගාඩක් කමිපාෙවන් බලනවා යලුවා.. :sorry:ෙමි පුද්ගලයන් සතුන්වත් ෙනාකරන වැඩෙන් කරන්ෙන්..:growl: නියමයි.. තව දාන්න.. ෙගාඩක් ස්තුතියි.. පුලුවන් ෙකෙනක් ඉන්නවනමි ෙමි කතා නිරැපණය Movie වල ලින්ක්ස් දානවද..
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    Charles Manson (Killings in 1969)

    manson1a.jpg
    Charles-mansonbookingphoto.jpg


    ලොව දරුණුතම මිනිහා , යක්ෂයා :growl: වැනි නම් වලින් අන් අයට තමන්ගේ බිහිසුණු බවට නමක් යෙදීමට අවසරය ලබා දුන් චාල්ස් මැන්සන් 60 දශකයේ ත්‍රස්තවාදය ලෙස හැදින්විය හැකියි. :yes:

    1934 අවුරුදු 16 වයසැති කාන්තාවක් චාල්ස්ට උපත ලබා දිනි. ඇය නිතරම කුඩා චාල්ස් ඔහුගේ නැන්දා හෝ මිත්තණිය සමග තැබීය. ටික කලකින් පසු ඇයට අයුධ හොරකමට අසු වී හිර ගත වීමට විය.චාල්ස්ගේ පියා ඔහු ඉපදී ටික කලකින්ම තම බීරිද ,ඒනම් චාල්ස්ගේ මව හැර දා යාම නිසා චාල්ස් නිතරම හැදී වැඩුනේ තනිවයි. :(

    මව හිරෙන් නිදහස් වුවත් චාල්ස්ගේ භාරකත්වය ගැනීමට ඇයට කිසිදු උවමනාවක් නොතිබිනි :no: .ඒ වෙනුවට ඇය කලේ මුදලට චාල්ස්ව විකිණීමට උත්සහ දැරීමයි :frown: .මෙවැනි සිද්දීන් හේතු කොට ගෙන චාල්ස් කුඩා කල සිටම අනුන් හට කරදරයක් වෙන ලෙස ජීවත් විය .ඔහුට අවුරුදු නවයේදී පාසලෙන් චාල්ස්ව නෙරපා දැමීය.වයස අවුරුදු 26 පමණ වන විට ඔහුට විරුද්ධව ස්ත්‍රී දුෂණ , හොරකම් , මත්ද්‍රවය,ගණිකාවන් සැපයීම ආදිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුනී. :eek:

    චාල්ස් ආගමික විශ්වාස වලට නැඹුරුවක් තිබු අතර ඔහුට මිනිසුන් මෝහනය කර තමාගේ අනුගාමිකයන් ලෙස තබා ගැනීමේ සුවිශේෂී හැකියාවක් තිබුනී.ඔහුට වයස අවුරුදු 34 දී පමණ ඔහු "චාල්ස් මැන්ස්න් පවුල " නැමති සන්විධානය ඇති කර ගත් අතර එය ඔහුගේ අනුගාමිකයන්ගෙන් සමන්විත විය. අනුගාමිකයන්ගෙන් වැඩි පිරිසක් කරදරකාරී අතීත තිබු කාන්තාවන් විය.ඔවුන් චාල්ස් හට ජේසුතුමා ( Jesus Christ ) යනුවෙන් පවසන් තරමටම චාල්ස් ඔවුන් ඇදබැද තබා ගත්තේය.චාල්ස් පවසන ඔනෑම දෙයක් ඉටුකර දීමට ඔවුන් නොපැකිලිව ඉදිරිපත් විය.

    චාල්ස් සන්ගීතයට දැඩි ලෙස ඇලුම් කල තැනැත්තෙකු විය ;) .බීට්ල්ස් සන්ගීත කණ්ඩායමේ රසිකයෙකු වූ ඔහු විශ්වාස කලේ බීට්ල්ස් යනු මෙලොවෙහි පෙරලියක් කිරීමට පැමිනූ සුවිශේෂී බල සහිත සෘෂිවරු බවයි. :P

    චාල්ස් තම අනාගතයේ විය හැකි දේවල් පිලිබද සිහින මැවුවා.ඔහු සිතුවේ දිනක, කලු ජාතිකයන් සියලුම සුදු ජාතිකයන් මරා දමනු ඇති බවත් ලොවට ඉතිරි වන එකම සුදු ජාතිකයන් පිරිස තම " චාල්ස් මැන්ස්න් පවුල " බවත්ය.කලු ජාතිකයන් පහත් මිනිසුන්ගේ සම්මිශ්‍රණයක් නිසා මුලු ලොව පාලනය කිර්‍රමේ අයිතිය තමා සතු බව ආදී වශයෙන් නොයෙකුත් දෑ ගැන ඔහු සැලසුම් කලේය. :shocked:
    අවසානයේ ප්‍රතිපලය වුයේ තම මනස්ගාත වලට අරුතක් දීමේ අදහසින් තම අනුගාමිකයන් ලවා කිසිදු හේතුවක් නොමැතිව මිනිසුන් මැරවීමට චාල්ස් පෙලඹීමයි.:sorry:

    ඔහු අත් අඩන්ගුවට ගෙන ඔහුට මරණ දඩුවම නියම කලත් පසුව එය ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් ලෙසට ලිහිල් කරන ලදී. වරක් ඔහුගෙන් එම අපරාධ පිලිබද විමසද්දී ඔහු පැවසු දෙය අදටත් මිනීමරුවෙකු පැවසූ බිහිසුණුම වචන කිහිපය ලෙස බොහෝ දෙනා සලකයි. එනම්
    " මැරුවේ මම නෙමෙයි.මගේ අනුගාමිකයන්. මම මරන්න පටන් ගත්තනම් උඹලා එකෙක් වත් ඉතුරු වෙන්නේ නෑ. " :baffled:
    ( Beleive me , If I started murdering people , there'd be none of you left )




    මෑතකදී ගත් ඡායාරූපයක්


    r
     

    maxpro

    Member
    Aug 15, 2010
    424
    16
    0
    machen meva fattz mevage katha kiyavanna asai..thanxx yaluva thava puluvannam dapanz okkoma beluva mama book mark akakuth dagattha
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    Herman Webster Mudgett – Dr. Holmes (Killings between 1893 and 1895)

    holmes-holmes1.jpg


    Holmescastles.jpg

    හර්මන්ගේ අපරාධ දිවිය ඇරෙඹෙන්නේ ඔහු මිචිගන් වෛද්‍ය විද්‍යාලයේ සිසුවෙකු ලෙස අධ්‍යාපනය හදාරණ සමයේදීයි.පරීක්ෂණ සදහා රදාවා තිබු මල සිරුරු හොරකම් කර ජීවිත රක්ෂණ මුදල් ලබා ගැනීමේ ඉතා සූක්ෂම ජාවාරමක යෙදුනී :nerd: .මත්ද්‍රව්‍ය විකුණන ගබඩා ඇති කිරීමෙන් ඉතා ඉක්මනින් ධනවතෙකු වු හර්මන් තම මුදල් වියදම් කර මහල් කිහිපයකින් සමන්විත මන්දිරයක් ඉදි කරවුයේය.එම මන්දිරය චිත්‍රපට වල එන හොල්මන් මන්දිරයක ආභාෂය කියා පායි. එනම් ඔහු විසින් එම මන්දිරය සැලසුම් කල ආකරය අනුව මන්දිරය සතුව උගුල් ඇටවු දොරවල් , බොරු වලවල්, ව්‍යාජ බිත්ති , ඇසිඩ් කල්දේරම්, නිමක් නැති පඩි පෙලවල්, මෙන්ම රහස් මාර්ග පවා තිබුනී. :dull:

    හර්මන් තම මන්දිරයෙහි කාමර කුලියට දීම ආරම්භ කලේය. පෙර කී උගුල් වලට අසූ වී ජිවිත අහිමි වන සියල්ලන්ගෙම ජීවිත රක්ෂණ මුදල් ලබා ගැනීමට කූට උපක්‍රම යෙදීමෙහිලා හර්මන් දක්ෂයෙක් විය. ඔහුගේ " වද හින්සා මන්දිරය " ට පැමිණියේ කාමර මිලදී ගන්නා අය පමණක්ම නොවේ. ඔහු විසින් විවාහ වන බවට පොරොන්දු වූ කාන්තාවන්ද මේ අතර විය. එක් එක් කාන්තාවන් තම උගුල් වලට අසු කර මර වන්නට පෙර ඔවුන් සතු සම්පත් තමා නමට හැරවීමට කැමති කරවා ගැනීමට තරම් හර්මන් කාන්තාවකට ආදරණිය පෙම්වතාගේ චරිතය රග දක්වන අයුරුද මැනවින් දැන සිටියේය.:rofl:

    හර්මන් නිව් හැම්ප්ෂියර් හී උපත ලැබුවේය. ඔහුගේ පියා දැඩි ගතිගුණ වලින් සමන්විත තැනැත්තෙකු වු අතර ඔහුගේ රළු බැනුම් වලට යටවු ලමා වියක් හර්මන්ට හිමිවිය:(. ඔහු වෛද්‍ය මධ්‍යස්ථාන වලට බියක් දැක්විය. ඒ කුඩා ලමයකු ලෙස බෙහෙත් ගැනීමට තිබූ අකමැත්තද , ඔහු තුල පැවති මානසික රෝගයක්ද යන්න පිලිබද එතරම් විස්තර සදහන් නොවේ. ඔහුත් සමග ඉගෙන ගත් අනෙක් ලමුන් ඇටසැකිලි ස්පර්ෂ කරන මෙන් හර්මන් ට බල කිරීමත් , ඔවුන්ගේ අනිසි විහිලු වලට නිතර ලක්වන්නට සිදු වීමත් සමග ඔහු බියෙන් කල් ගෙවුවේය.එහෙත් පසුව නිරන්තරයෙන් එල්ලවන මෙම විහිලු නිසා ඇටසැකිලි වල තිබු බිය තුරන් වී එවා පිලිබද ආසාවක් හර්මන්ගේ සිත තුල වර්ධනය විය :sorry: . ඔහු මල මිනී හොරකම් කිරීමට උත්සහ දරන්නේ මින් අනතුරුවයි.

    හර්මන් චිකාගෝ හි පදිංචිවූ පසු විවිධාකාර වංචනික කටයතු වල නිරත වූ අතර තමා හැදින්වීමට " එච්.එච්.හෝම්ස් " නැමති අනවර්ථ නාමය යොදා ගන්නා ලදී.ඔහු විවාහකයෙකු වූ අතර තමා පලමුව විවාහ වූ කාන්තාව තම පලමු බිරිද ලෙස තබා ගන්නා අතරාතුරම දෙවරක් විවාහ විය.හර්මන් යනු කාන්තාවන්ගේ සිත් වශී කරගත හැකි තැනැත්තෙකු ලෙස ප්‍රකටය.කාන්තාවන් මරා දැමීමට ඔහු නිතර යෙදූ උපක්‍රමය වුයේ විෂ වායු සහිත කාමර වල ඔවුන් සිර කිරීමයි.:baffled:

    ඔහු තම අපරාධ මාලිගයෙහි වසර 3ක් තිස්සේ බිහිසුනු මිනීමැරුම් කලේය.එය කාමර 100කින් පමන සමන්විත වූ අතර ඔහු විසින් ඉදි කල වායු නල වර්ගයක් හේතුවෙන් මරණයට පත්වන්නගේ කෑගැසිම්, උදව් ඉල්ලිම් ආදී කිසිදු ශබ්දයක් පිටතට නොඇසුනී.තම ගොදුරු වල මරණයට පත් වන්නන් බොහොමයක්ගේ ඇගේ කොටස් ඉවත් කර ඇටසැකිලි විශ්ව විද්‍යාලවලට විකීණීමටත් ඔහු නොයෙකුත් උපක්‍රම යෙදීය. ඔහු ගබ්සා සැත්කම් පවා සිදු කල අතර ඔහුගේ රෝගීන්ගෙන් වැඩි දෙනෙක් මිය යාමත් විශේෂයක්.

    හර්මන් කොටු කරගත් විට ඔහු එල්ලා මරා දමන ලෙසට නොයෝග ලැබුනී. අවසාන අවස්ථාවේ කෑම වේලට තම්බන ලද බිත්තර , බැදපු මස් කා කෝපි පානය කල ඔහු පවසා ඇත්තේ තමා කොන්ක්‍රීට් වල මිහිදන් කල යුතු බවයි. එවිට කිසිවෙකුටත් ඔහුගේ මලසිරුර හැරීමට හැකි නොවනු ඇතැයි ඔහු විශ්වාස කර ඇත. මෙයට හේතුව වන්නට ඇත්තේ තම හැසිරීමම ඇති තව අයෙක් තම මලසිරුර සොරකම් කරනු ඇතැයි ඔහු තුල තිබු බිය විය යුතුයි. හර්මන් එල්ලා මැරීමේදී ඔහු මිය ඉතා සෙමිනි. එනම් ඔහු මද වේලාවක් වේදනාවෙන් පණ අදිමින් සිට ඇත :shocked: .මෙලස ඉතා නිර්මාණශීලි මනසක් තිබු මිනිසෙක් වැරදී මාවතේ ගමන් කල හෙයින් අවාසනාවන්ත ඉරණමකට ගොදුරු විය.