ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු

ලෝකේ දියුණුයි...විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුළුවන්... ඕනෙම ප්‍රශ්නෙකට තාක්ෂණේ උත්තර දෙනවා කියලා හිතාගෙන හිටියට ‍මොකද, මෙච්චර දියුණුයි කියන නූතන මානවයටත් විසඳගන්න බැරි ගැටළු... ලෙහා ගන්න බැරි අවුල්... අගක් මුලක් හොයාගන්නවත් නැති අවස්ථාවන් නම් මේ ලෝකයේ අනන්තයි... අප්‍රමාණයි. මේ ලිපියේ ඡායාරූප එක්ක ඉදිරිපත් කරලා තියෙන වස්තුන් සියල්ලම පැහැදිලි කිරීමක් කරන්න බැරි තරමේ අරුම පුදුම අද්භූත දේවල්. මේවා කොහෙන් ආවද ? කොහොම හැදුවද ? මොකට හැදුවද ? කියන එක තමයි ප්‍රශ්නේ... එනම් බලලම කියවන්නකෝ... මේ තමා ලෝක අභිරහස්...!!!



1. ඊජිප්තු පීරමිඩ කියන්නේ කොහොමත් ඉතින් අභිරහසක්ම තමයි. ඒවා ඇතුලේ තියෙන දේවල් ඊට වඩා අභිරහස්...මේ රූපයත් ඒ වගේ. මේක තියෙන්නේ ‍ඊජිප්තුවේ Denderaවල හාතර් දෙවොලේ. මේ රූප වලින් පෙන්නුම් කරන්නේ යම් ආකාරයක විදුලි බුබුලක් වැනි ව්‍යුහයක් බවයි පැවසෙන්නේ. මේ බල්බ දඟර ගැසුනු වයරයකින් ජෙනරේටරයක් වැනි ව්‍යුහයකට සම්බන්ධ වෙනවා. ඔය බල්බ් එක මැද්දේ සර්පයෙක් වගේ තියෙන්නේ සූත්‍රිකාව නොහොත් ෆිලමන්ට් එක (filament). ක‍්‍රිස්තු පූර්ව ගණන් වල විදුලි බල්බ වගේ තාක්ෂණයක් ගැන ඊජිප්තු වැසියන් දැන සිටියාද යන එක තමයි මෙතන තියෙන අභිරහස...!



---------------------------------------------------------------------------------


2. ඉහත කී ඊජිප්තු රූපයට පොඩ්ඩක් එහායින් තමා මේ වස්තු හතර පෙන්නලා තියෙන්නේ. මේ වස්තුන් හතරම පෙරදී මෙන්ම දඟර ගැසුනු වයරයක් වැනි සම්බන්ධකයකින් තවත් එක් ‍පොදු වස්තුවක‍ට සම්බන්ධ වෙනවා. මේ පොදු වස්තුවේ ව්‍යුහය බැටරියකට හෝ එවන් විදුලි සැපයුමකට සමාන බව තමයි පැවසෙන්නේ. ඔය පහතින් තියෙන රූපෙන් පේන්නේ අර වස්තු දෙකක් මැද තිබෙන ගෝලාකාර ව්‍යුහයයි.මෙමගින් යම් ආකාරයක විද්‍යුත් විසර්ජනයක්, නැත්නම් පුලිඟුවක් වැනි යමක් නිරූපණය කෙරෙනවා. මේක මොකක්ද කියන එක තාමත් හොයාගෙන නෑ.




---------------------------------------------------------------------------------


3. මේ තවත් ඊජිප්තු පිරමීඩ අභිරහසක්. ඕගොල්ලෝ දන්නවා ඇතිනේ ඔය පීරමීඩ වල තියෙන රහස් උමං ගැන /රහස් කාමර / රහස් දොරටු ගැන කථා... මේ රූපයේ දැක්වෙන්නේ ඒ වගේ අභිරහස් දොරටුවක්.පුදුමේ කියන්නේ තඹ අත් අල්ලු (handles) දෙකකුත් මේ දොරට දාලා තිබුණත් මේක ඇරෙන්නේ තවත් බිත්තියකටමයි...! Rudolf Gantenbrink ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් මගින් මේ දොරටුව සොයා ගනු ලැබුවේ UPUAUT 2නම් රො‍බෝ පාලක උපකරණයක් මගින් ලබාගත් ඡායාරූපයකින්. Cheopsනම් පිරමීඩයේ රැජිණගේ කුටියෙන් දකුණු දෙසට වැටුණු විවරය කෙලවර වසා ගෙන සිටින මේ දොරටුව මෑතකදී විවෘත කරනු ලැබුවා. කවුරුත් බලාපොරොත්තු වුනේ පෞරාණික වස්තු සමූහයක් දකින්න වුවත් එතනින් එහා තිබුනේ හිස් බිත්තියක්...! සමහරු නම් කියන්නේ ඒ බිත්තිය, එහා පැත්තේ තියෙන වෙනත් දොරක පිටුපස ප‍ැත්ත කියලා. මේ වගේම දොරටුවක් රැජිණගේ කුටියෙන් උතුරු දෙසට යන විවරය කෙලවරත් තියෙනවා. ප්‍රශ්ණේ තියෙන්නේ හංගන්න දෙයක් නැත්නම් මේවා මොකට මෙච්චර හංගලා හැදුවද කියන එක තමයි...!
http://www.cheops.org/



---------------------------------------------------------------------------------

4. මේ රූපයෙන් පේන්නේ පැරණි මිටියක නටබුන්. ඩේවිඩ් බෲස්ටර් කියන භෞතික විද්‍යාඥයෙක් විසින් 1844දී මේක හොයාගෙන තියෙන්නේ වැලිගල් කුට්ටියක් අස්සේ තිබිලා. බ්‍රිතාන්‍ය භූවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයේ ආචාර්ය A.W. මෙඩ් විසින් මේ වැලිගල් කුට්ටියේ කාල නිර්ණය කරන්නට යෙදුනා. දන්නවද කොච්චර පරණද කියලා... අවුරුදු මිලියන 360 ත් 460 ත් අතර ගාණක් මේ මිටිය පරණයි ලු ! ඒ කාලේ කවුද දන්නෑ මේක පාවිච්චි කලේ...!!!


---------------------------------------------------------------------------------



5. මේක දැක්ක ගමන් මොකක්ද ඔළුවට එන්නේ. මිනිස් මූණක් කැටයම් කරපු සිප්පි කටුවක්... 1881 දී මේක හොයාගත්ත භූ විද්‍යාඥ H. ස්ටෝප්ස් ට අනුව නම් මේක තිබිලා තියෙන්නේ එංගලන්තයේ රතු ගල් පරයක. පුදුමේ කියන්නේ ඒක නෙවෙයි,මේ සිප්පි කටුව ප්ලියෝසීන යුගයට අයත් එකක් බව තහවුරු වීමයි. තේරුණේ නෑ නේද... මේක අවුරුදු මිලියන දෙකකට වඩා පරණයිලු...!


---------------------------------------------------------------------------------

6. ආදී කාලීන ලෙදර් බෝලයක් වගේ නේද පේන්නේ. මේ බෝල ලෙදර් බෝල නොවුනත් ලෝක ප්‍රසිද්ධ ඒවා. මේ ලෝහ ගෝල සොයාගෙන තියෙන්නේ දකුණු අප්‍රිකාවේ Klerksdorpනම් ප්‍රදේශයෙන්.ඔය රූ‍ප සටහනේ තියෙන ගෝලයේ වටේට ඇලි තුනක් කොටලා තියෙන්නේ. ඔය වගේ බෝලත් එක්ක තවත් බෝල ගොඩාක් හම්බවෙලා තියෙනවා ආදී කේම්බ්‍රීය යුගයේ - ඒ කියන්නේ අවුරුදු බිලියන 28ක් පරණ ඛණිජ නිධියක තිබිලා. මේ සමහර ගෝල වලට අඟල් කාලක් විතර ඝණකම තියෙන තුනී ක‍බොල්ලක් වගේ පිට කට්ටක් තිබිලත් තියෙනවා. ඒත් ඒක යකඩ වලින් සූරන්න බැරි තරමටම දැඩියි. ඔය කට්ට කැඩුනම ඇතුලේ තිබිලා තියෙන්නේ අමුතු ජාතියේ ස්පොන්ජි ව‍ෙග් ද්‍රව්‍යයක්. මේ අමුතු ද්‍රව්‍යය වාතයට නිරාවරණය වුනාම දූවිලි වගේ කෑලිවලට කැඩිලා විසිරිලා යනවා. Klerksdorpකෞතුකාගාරයේ භාරකරු හා පරිපාලක වන Roelf Marx පවසන්නේ ඔහු ප්‍රදර්ශණය පිණිස තබා ඇති ගෝලයට තමා විසින්ම භ්‍රමණය වීමට මෙන්ම පිටතින් එන සෙලවීමකදී එක තැනකම නොසෙල්වී සිටිය හැකි බවයි...! මේ බෝල මොනවාද ? මෙතරම් ඈත අතීතයේදී මෙවැනි ජ්‍යාමිතික නිවරද්‍යතාවයකින් මේවා සෑදුවේ කවුද ? කුමක් සඳහාද යන්න අඥාතයි. මේවා තැනී ඇත්තේ ආගන්තුක ද්‍රව්‍යයකින් බවයි විශේෂඥ මතය වන්නේ.
nersp.nerdc.ufl.edu/~ghi/spheres.html



---------------------------------------------------------------------------------


7. මේකත් ටිකක් ප්‍රසිද්ධ දෙයක්. මේ වස්තුව හඳුන්වන්නේ කෝසෝ මෙවලම (COSO artifact)යන නමින්. මේ පැරණි ස්ඵටිකමය පාෂාණ කුට්ටිය හොයාගෙන තියෙන්නේ ඇමරිකාවේ කැල්ෆෝනියා ප්‍රාන්තයේ Olancha ප්‍රදේශයෙන්. මෙහි අන්තර්ගත වෙන්නේ ලෝහ හා පිඟන් මැටි (පෝසිලේන්). A රූපයෙන් පෙන්වන්නේ මේ පාෂාණය කොටස් දෙකකට වෙන් කර ඇති ආකාරය. B රූපයෙන් පේන්නේ ඒ කොටස් දෙකේ ඇතුළු පැත්ත. එතකොට Cහා D රූප තමයි වැදගත්.මේවායින් පෙන්වන්නේ මේ පාෂාණයේ Xකිරණ ඡායාරූපයන්.මේ රූප වලින් පේන්නේ කුප්පියක් වගේ ව්‍යුහයක් ඇතුලේ තියෙන යකඩ දණ්ඩක්. මේක පුදුම සහගත වෙන්නේ මේ පාෂාණ කුට්ටිය අවුරුදු ලක්ෂ පහක් පැරණි වීමයි. ගොඩක් දෙනෙක් මත පළ කරන්නේ මේක පුළිඟු පේනුවක් - ස්පාර්ක් ප්ලග් එකක් කියලයි. අවුරුදු ලක්ෂ පහකට එහා වාහන තියා මනුෂ්‍යයා වත් ලෝකෙට පහළවෙලා හිටියේ නැති එකේ, ඒ කාලේ මොන ස්පාර්ක් ප්ලග් ද ? පුදුමයි නේ...!!!
www.eprf.tzo.com/html/spark_plug.html
www.eskimo.com/~pierres/coso/cosopreview.html


---------------------------------------------------------------------------------



8. ජපානයට අයත් යොනාගුනි දූපත් අසල මුහුදේ ගිලී ඇති මේ අරුම පුදුම ව්‍යුහය තවත් අභිරහසක්. මුහුදු මට්ටමෙන් අඩි 75 ක් ගැඹුරේ පිහිටා ඇති මේ ව්‍යුහය පැහැදිලි ලෙසම මිනිස් නිර්මාණයක් ලෙස හඳුනාගත හැකියි. මෙය අඩි 600 ක් පළලින් හා අඩි 90 ක් උසින් යුතු අතර අවුරුදු8000 ක් පැරණි බව පැවසෙනවා. මේ වේදිකාමය ආකෘතිය පැහැදිලිවම නගරයක හෝ එවැනි ශිෂ්ඨාචාරයක නටබුන් කියාපානවා. ප්‍රශ්නේ වෙන්නේ මුහුද යටට මේක ගියේ කොහොමද /නැත්නම් මුහුද යට මේක ඉදිකලේ මොකටද කියන එක තමා...!
http://www.eagle-net.org/phikent/japan/japan.html


---------------------------------------------------------------------------------



9. මේ පේරු හි Sacsahuaman ගල් බිත්තිය. මේක බිමිනි නම් ස්ථානයේ ඇති ගල් බිත්තිවලට සමාන බවයි විද්වත් මතය. මේක තවත් පුරාවිද්‍යාත්මක අභිරහසක් වෙන්නේ මේ ගල් බිත්ති අයත් වෙන්නේ ආදී කාලීන යුගයට වීම නිසායි. මේ ගල් කුට්ටි එකෙනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ හරිම අමුතු ආකාරයකට. මේ එක එක හැඩයේ විශාල ගල් කුට්ටි මේ විදියට කැපුවේ කොහොමද ? ඒවා මේතරම් නිවැරදිව කෝණ ගණනය කලේ කොහොමද ? මේවා මෙතනට ගෙනල්ලා, උස්සලා එකකට එකක් හරියටම පූට්ටු වෙන විදියට සෙට් කලේ කවුද ? කොහොමද ? මොකටද කියන එක තවමත් ප්‍රශ්ණයක්...!ගල් කුට්ටි හතරැස් වෙන්න කපලා ගානට සෙට් කරන්න පුළුවන්කම තියෙද්දී මේවා එක එක හැඩේට කපාගෙන වැඩේ අමාරුත් කරගෙන නොවැ. ඉන්කා වරුන්ගේ පැරණි ලේඛණවලවත් ‍‍‍මේක ගැන කිසිම සඳහනක් නැති එකෙන්ම මේක හදපු උදවිය කොච්චර ඈත කාලෙක ජීවත් වුනාද කියලා හිතාගන්න පුළුවන් !


---------------------------------------------------------------------------------



10. දැක්ක ගමන් පෙනුනේ සිංහ පාදයක් වගේ තියෙන පර්වතය නේද ? මෙතන විශේෂත්වය ඔය පර්වතය නෙවෙයි. මේ රූපේ මැදින් උඩට යන රේඛා දෙකයි. මේ පේරු රටේ ලෝ ප්‍රසිද්ධ නස්කා රේඛා ආසන්නයේ ඇති සලකුණක්.මේ ඉරි දෙක කඳු, නිම්න, මිටියාවත් හරහා කිලෝමීටර් ගණනාවක් ඈතට සමාන්තරව දිවෙන රේඛා දෙකක්. මේ තරම් දිගට - ඒ වගේම සමාන්තරව මේවා ඇන්දේ කවුද ? මොකටද ?

---------------------------------------------------------------------------------


11. ඔන්න තවත් පීරමීඩ අභිරහසක්... මේ රූපයෙන් ‍දැක්වෙන්නේ ඊජිප්තුවේ Abydos නම් දේවස්ථානයේ කුළුනක කොටා ඇති මිසර රූපාක්ෂර සමූහයක්.හොඳට බලන්න මේවගේ වෙනසක් තියෙනවද කියලා... ඔය පහළ රූපයෙන් පෙන්වලා තියෙන සලකුණු අතරේ නූතන හෙලිකොප්ටරයක්, යුධ ටැංකියක්, cargo යාත්‍රාවක් හා ග්ලයිඩර් වර්ගයේ සැහැල්ලු ගුවන් යානාවක් පැහැදිලිවම අඳුනා ගන්න පුළුවන්. මේ රූප ඇත්තටම ඒ දේවස්ථානයේ කොටා ඇති රූප... එතකොට අවුරුදු 3000 කට එහා කාලයේ මේ රූපාක්ෂර බිත්තියේ කොටපු කෙනා ඉහත කිව්ව යානා ගැන දැනගත්තේ කොහොමද ?


---------------------------------------------------------------------------------


12. මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ තවත් අභිරහස් ස්ථානයක අභිරහස් දර්ශණයක්. අහල තියෙනවද ස්කොට්ලන්තයේ කඳුකරයේ පිහිටි නෙස් විල (Loch ness) ගැන. (මේ නෙස් විල කොච්චර අභිරහසක්ද කියනව නම් දැන් ඔය කලින් තියෙන “Loch ness”කියන වචනේ විකිපීඩියා එකෙන් කොපි කරලා මේකේ පේස්ට් කලා විතරයි මුළු මැෂින් එකම ගල් වුනා.ස්ටක්...! අපොයි...!!!) ඔය නෙස් විලේ තමයි අර සර්පයෙක් වගේ දිගම දිග මහ විශාල අද්භූත සත්ත්වයෙක් ඉන්නවා කියන්නේ... මේ උඩ තියෙන ඡායාරූපය ඒ නෙස් විලේ පතුලේ තියෙන අමුතු විදියේ ගල් ගොඩක්. මේ ගල් ගොඩ මීටර30 ක විතර විශ්කම්භයකින් යුතුයි. විලක් පතුලේ මේ වගේ අමුතු හැඩයක් හිටින්න ගල් දැම්මේ කවුද ? අභිරහසක්ම තමයි.



---------------------------------------------------------------------------------


13. මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ සුප්‍රසිද්ධ නෙස් විලේ අද්භූත සත්ත්වයා තමයි. මේ ඡායාරූපය 70 දශකයට අයත් එකක්.



---------------------------------------------------------------------------------



source : http://chathucn.blogspot.com/2011/07/world-mysteries.html#axzz1ShNetjt1
 

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
තැන්ක්ස් ආන්ටි:rofl: :lol:
ගොඩක් වැදගත් පොස්ට් එකක්:)
ස්තූති අපිත් එක්ක බෙදාගත්තට:)

+
 
Last edited:

dulaniresha

Member
Aug 31, 2010
216
5
0
වැදගත් ලිපියක් ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට :).ඔය අන්තිම එකේ ඉන්න සතා ඩයිනසෝර් කෙනෙක් කියල තමයි මං කියවපු ලිපියක තිබ්බේ .සමහර විට ලෝක විනාශයෙන් බේරිච්ච අය තාම ඉන්නවද දන්නේ නෑ :baffled::baffled::baffled:
 

dulaniresha

Member
Aug 31, 2010
216
5
0
712147832.gif
 

Mrsaata

Member
Jul 13, 2011
252
32
0
really thanx... good post.!!! thawath abirahas me srilanka polaweth hangila thiyanwa... anuradhapure daagab wala pihitiima, waw karmanthaya witharak neme anuradapura ugaye , polonnaru ugaye haduna muragalak aran balanna... kohoma echchara siumwa ewa karala thiyanawada? eka wagema mura gal keeyak thiyanawaada? dan kale mechchara diunu welath galaka ehema nirmanayak karanna puluwanda? mewa mata nam prashna...:))
 

dulaniresha

Member
Aug 31, 2010
216
5
0
අම්මෝ මෙයා ඒන්ජල් උනාට ටිකක් වැඩියෙන් තරහ යනවා වගේ :baffled::baffled:
 

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
:yes::yes::yes::yes::yes:
really thanx... good post.!!! thawath abirahas me srilanka polaweth hangila thiyanwa... anuradhapure daagab wala pihitiima, waw karmanthaya witharak neme anuradapura ugaye , polonnaru ugaye haduna muragalak aran balanna... kohoma echchara siumwa ewa karala thiyanawada? eka wagema mura gal keeyak thiyanawaada? dan kale mechchara diunu welath galaka ehema nirmanayak karanna puluwanda? mewa mata nam prashna...:))
 
  • Like
Reactions: miniya

miniya

Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    60 ලු

    :baffled::baffled:ඇයි මචන් මෙයාල පිනක් දහමක් කරන් ගෙදරට වෙලා ඉන්නේ නැතුව මේවට එන්නේ .. අයියෝ දුකයි බන් එහෙනම් උදේ පාන්දරම මම අච්චි කෙනෙක්ටද රෙප් දුන්නේ ..:angry::angry::no::no:
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    :baffled::baffled:ඇයි මචන් මෙයාල පිනක් දහමක් කරන් ගෙදරට වෙලා ඉන්නේ නැතුව මේවට එන්නේ .. අයියෝ දුකයි බන් එහෙනම් උදේ පාන්දරම මම අච්චි කෙනෙක්ටද රෙප් දුන්නේ ..:angry::angry::no::no:

    නැහැ නැහැ මචන්,මම විහිලුවට කිව්වේ,මෙයාට තම 16 යි මාසයයි.අහිංසක චූටි නංගි පැටියෙක් :lol::lol:
    (එහෙමයි කියල බලාපොරොත්තු නම් ඇති කරගන්න එපා,මොකද මෙයා දැන් මැරි කරලා ඉන්නේ)
     
    Last edited: