ලොව බිහිසුණු එකාධිපතියෝ
::::::::::::ෆුල්ජන්සියෝ බැටිස්ටා::::::::::::
ෆුල්ජන්සියෝ බැටිස්ටා යනු එක්සත් ජනපද සහය ලැබූ අවසන් කියුබානු පාලකයාය. 1921 වන විට ඔහු යුධහමුදාවට බැඳුණි. හමුදා අධිකරණයේ ලඝු ලේඛකයෙකු ලෙස 1932 වන තුරු සේවය කළේය. 1933 සැප්තැම්බර් 4 වන දින එවකට කියුබානු ජනපති වූ ජෙරාඩෝ මචාඩෝට එරෙහිව සාජන්වරුන්ගේ කැරැල්ල නමින් ප්‍රකට වූ හමුදා කුමන්ත්‍රණයට නායකත්වය දෙනු ලැබුවේ බැටිස්ටා විසිනි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සහය ලැබීමත් සමගම සියලු සන්නද්ද හමුදාවන්ගේ ප්‍රධානියා බවට බැටිස්ටා පිළිගන්නා ලදී. කැරැල්ලෙන් පසුව බලයට පැමිණි තාවකාලික ජනපති වූ රාමොන් ග්රවෝසන් මාර්ටින් ට බලයෙන් ඉවත් වන ලෙස බැටිස්ටා අණ කළේය. එතැන් සිට 1959 පිදෙල් කස්ත්‍රෝ ගේ නායකත්වයෙන් ආරම්භ කල විමුක්ති අරගලය හමුවේ පරාජයවනතුරු ඔහු වසර ගණනාවක් කියුබාව පීඩාවෙන් හා මර්ධනයෙන් පාලනය ගෙන ගියේය.
1938 නව ව්‍යවස්ථා සංශෝදන කරමින් බලය දිගුකරගත් ඔහු ( බොහෝ රටවල ඒකාධිපතියන් වීමට පෙර ව්‍යවස්ථා සංශෝදන මගින් ජනතාව රවටා ඇත. ) 1940 දී මැතිවරණයක් පවත්වා ජනපති ලෙස පත් විය. 1944 වන තුරු කියුබානු ජනපති ලෙස කටයුතු කල ඔහු එම වසරේ පැවැත්වූ ජනපති වරණයෙන් ග්‍රාවෝ සැන්මාටින් විසින් පරාජයට පත් කළේය.
ඇමෙරිකානු වුවමනාවන් නිසියාකාරව ඉටු නොවුණු නිසා නැවතත් කුමන්ත්‍රණයක් 1952 දී ක්‍රියාත්මක කර බැටිස්ටා බලය අත් කරගත්තේය. එයට සහය වීම පිණිස ලොව නම් දරා සිටි මාෆියා කල්ලිවල නායකයින් පවා සහභාගී වී තිබුණි. ඇමෙරිකානු පාතාල නායක මේයර් ලුයින්ස්කි , ඉතාලි මාෆියා නායක ලකී ලුසියානෝ ඒ අතර කැපේ පෙනෙන වැඩ කොටස ඉටු කරමින් මිනිස් සංහාරයක් සිදු කළේය. ඉන් පසුව ඇමෙරිකානු කුප්‍රකට ව්‍යාපාර වල තෝතැන්නක් බවට කියුබාව පත් විය. හවානා නගරය " ලතින් ලාස් වෙගාස් " බවට පත් විය.
මේයර් ලුවින්ස්කි වැනි නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් හවානාව ලෝක මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මද්‍යස්ථානය බවට පත් කළේය. සුදු ව්‍යාපාරයෙන් 40 % ක් බැටිස්ටාගේ හා බිරිඳගේ බැංකු ගිණුම් වලට බැර විය. බැටිස්ටාගේ පුතුන් තිදෙනා විසින් අර්ථසාධක අරමුදලේ තිබු සියලු මුදල් ප්‍රමාණය වන ඩොලර් මිලියන 12 කට ආසන්න මුදලක් නිව් යෝර්ක් බැංකු වෙත හොර රහසේම මුදාහැර තිබුණි.
කියුබාව තුල ඉදිවන සියලුම ඉදිකිරීම් වල කොන්ත්‍රාත් ඇමෙරිකානු සමාගම් වලට පිරිනමමින් ඇති විශාල කොමිස් කුට්ටි බැටිස්ටාගේ පව්ලේ සාමාජිකයින් විසින් අත්පත් කරගන්න ලදී. ඇමෙරිකානු පාලනයට අවශ්‍ය වුයේ කෙසේ හෝ ප්රජාතන්ත්රවාදී වෙස් මුහුණු පළඳවමින් බැටිස්ටා පාලනයේ හිඳවීමටය. ඒ වෙනුවෙන්ම නැවත යැංකි සහයෝගය මත අන්ත දුෂිත ජනපතිවරණයක් පවත්වා 1954 බලයට පත් කළේය. එහෙත් කියුබානු විපක්ෂය , බහුජන සංවිධාන එම තීන්දු පිළිගැනීමට එරෙහිව වීදියට බසින් සටන් වැදුනි. ජනතා විරෝධය උත්සන්න වීමත් සමගම පිදෙල් ඇතුළු පිරිස නිදහස් කිරීමට බැටිස්ටාට සිදු විය.
බැටිස්ටාගේ ජන පීඩක පාලනයට එරෙහිව පළමු උණ්ඩය නිකුත් වුයේ පිදෙල් ගේ අවිනි.
ඒ අයිතිහාසික මොන්කාඩා ප්‍රහාරය එල්ල කරමිනි. ප්‍රහාරයේදී මියගිය සෑම සොල්දාදුවෙකුටම කැරලි කරුවන් 10 දෙනෙකු මරා දැමිය යුතු බවට අණ කරමින් මර්ධනය දියත් කළේය. ප්‍රා , කොළ කොටි, කහ බළල්ලු , සුදු වෑන් වැනි ඝාතක කල්ලි රට පුරා විසිරුවාහැරියේය. 1955 දී ශිෂ්‍ය විරෝධතා පැන නගිමින් දැවැන්ත උත්ගොෂණ රැල්ලක් රටපුරා ක්‍රියාත්මක කළේය. කෘර ලෙස සියලු උත්ගොෂණයන් මර්ධනය කරමින් සිය ගණනක් ශිෂ්‍ය ජීවිත ඒකාධිපති පාලනය විසින් බිලි ගන්න ලදී.
මාධ්‍ය වාරණය කරමින් රට පුරා හමුදා මුර කපොලු ඉදි කළේය. රජයට අවනත නොවන සියල්ලම රහසිගතව මරාදමන ලදී.
මේ අතර 1956 දෙසැම්බර් මස පිදෙල් , රාවුල් , චේ ඇතුළු පිරිස කියුබානු ඒකාධිපති පාලනයට එරිහිව එරටට ගොඩබසිමින් දැවැන්ත සටනක් දියත් කළේය. ඉතිහාසයේ වීරත්වයෙන් සටහන් වූ කියුබානු ජනතා නැගිටීම හමුවේ බැටිස්ටාගේ පාලනයත් , ඇමෙරිකානු ගැති සියලුම සමාගම්ද පලවා හරිමින් 1959 ජනවාරි මස පළමු දින කියුබාවේ පාලන බලය කස්ත්‍රෝ විසින් අත් කරගන්නා ලදී. බැටිස්ටා 1973 දී පෘතුගාලයේදී මියගියේය.