ලොව භයානකම ජෛව අවි 10

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ලොව භයානකම ජෛව අවි 10

    120j6o9.jpg


    10 . Smallpox - වසූරිය

    බ්‍රිතන්‍ය හමුදාවේ කමාන්ඩර් ජෙෆ්රි අමෙර්ස්ට්(Jeffrey Amherst) ගේ අණපරිදි උතුරු ඇමෙරිකා මහාද්වීපයේ ආදිවාසීන්වූ රතු ඉන්දියානුවන් වෙත වසූරිය බීජ ඇතුලත් පොරෝනයන් බෙදාදී ඇත. මෙය සිදුවී ඇත්තේ 18 වන සියවසේදී කැනඩාවේ (Ottawa) හිදීය. මෙමගින් පැතිරුණ වසූරිය වසංගතය රතු ඉන්දියානු ජනගහණයට බරපතල හානි සිදුකරන ලදී.


    09. Anthrax


    2001 එලබීමත් සමගම එක්සත් ජනපදයේ සෙනෙට් සභිකයන් හා මාධ්‍ය ආයතන කිහිපයකට තැපැල් මගින් පැමිණි මාරාන්තික සුදු කුඩක් හේතුවෙන් ලොවම බියට පත්විය. මෙය මාරාන්තික බැක්ටීරියාවක් වන Bacillus anthracis ය. සමෙන් මෙන්ම ආශ්වසයෙන්ද සිරුරට ඇතුළුවන මෙම බැක්ටීරියාවෙන් සිරුරෙහි ප්‍රධාන අවයව අඩපනකර මරණය ගෙනදෙයි. 1930 දී ජපාන විද්‍යාඥයින් මෙම අවිය පිලිබදව පර්යේෂණ පවත්වා ඇත. 1942 දී බ්‍රිතන්‍ය හමුදාව Anthrax බෝම්බ පිලිබදව පරීක්ෂණ පවත්වා ඇත. 1979 දී රුසියානු හමුදාව සතුව තිබු වාතය මගින් පැතිරෙන Anthrax විශේෂයක් කාන්දුවීම හේතුවෙන් 66 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.


    08. Ebola Virus


    මේ දිනවල කතාබහට ලක්වී ඇති ඉබෝලා වයිරසය මගින් සිරුරෙහි රක්තපාත උණ වර්ගයන් ඇතිකරයි. මෙයින් සිරුරෙහි අභ්‍යන්තර ලේගැලීම් ඇතිවී ප්‍රධාන අවයව අඩපන වීමෙන් මරණය ඇතිවේ. මෙය 1970 දී සිවිල් ගැටුම් පැවති අප්‍රිකාවේ සයරේ රාජ්‍යයේ මුල්වරට පැතිරීමෙන් සිය ගණනක් මරණයට පත්විය. අනතුරුව විවිධ ගැටුම් පැවති අප්‍රිකානු රටවල් ගණනාවකින් මෙන්ම යුරෝපයේ හා එක්සත් ජනපදයේ රෝහල් ගණනාවක් තුලින්ද වරින් වර මතුවිය. ඉබෝලා වයිරසය කොංගෝවේ කොල වදුරන්ගෙන් ආරම්භවූ බවට සුරංගනා කතාවක් පතුරුවා ඇතිනමුත් කොලවදුරන්ට මෙය මිනිසුන් විසින් ලබාදුන් බවට සාධක තිබේ. 1990දී රුසියානු පර්යේෂකයින් ඉබෝලා වයිරසය අවියක් ලෙසට වැඩිදියුණු කිරීමට උත්සහකර ඇත. එනම් එය වාතය මගින් ඉක්මනින් පැතිරවිය හැකි ආකාරය පිළිබදවය. පසුගිය කාලයේ අප්‍රිකාවේ සේවය කිරීමේදී ඉබෝලා වයිරසයට ගොදුරුවූ ඇමෙරිකානු විද්‍යාඥයින් දෙදෙනා එක්සත් ජනපදයට ගෙන්වාගත් පසුව පැය 24න් සුවපත්වුයේ කෙසේදැයි මෙතෙක් හෙළිකර නැත.


    07. Plague - මහාමාරිය


    14 සියවසේදී යුරෝපයේ පැතිරුණ දරුණුතම වසංගතයයි. 1940දී ජපානය විසින් චීනය ආක්‍රමණය කිරීමේදී මෙම රෝගබීජයන් අඩංගු ගෝනි හා මලු දහස් ගණනක් ගුවන්යානා මගින් චීනයට හෙලා ඇත.


    06. Tularemia


    Francisella tularensis යන බැක්ටීරියාව මගින් මෙම රෝගී තත්වය ඇතිවේ. මෙය සිරුර අඩපන කරන සති 2-3 පවතින උණකි. ප්‍රතිකාර නොකළහොත් මාරාන්තිකය. මෙය සතුන්ටද බලපාන බැක්ටීරියාවකි. 1941 ජර්මානු හමුදාව රුසියාව ආක්‍රමණය කල අවස්ථාවේදී මෙය භාවිත කිරීමෙන් රුසියානු සෙබළුන් ලක්ෂ ගණනක් රෝගාතුරවී ඇත. දෙවැනි ලෝක යුද්ධයේ අවසන් සමයේදී ලෝක බලවතුන් සියල්ලම මෙය අවියක් ලෙස තවදුරටත් වැඩිදියුණු කිරීමේ නියැලෙමින් සිට ඇත.


    05. Botulinum Toxin


    මෙය ඉතාම භයානක විෂ වර්ගයකි. පැහැයක්, ගද සුවදක් නොමැති හෙයින්,ආශ්වාසය මගින් සිරුරට ඇතුළුවූ බව දැනගැනීමට නොහැක. පැය 24 - 72 අතර මරණය ගෙන දෙයි. 1990දී Shoko Asahara නමැති ජපාන ආගමික කල්ලියක නායකයෙකු විසින් දේශපාලනික ඉලක්කයන් කිහිපයකට මෙමගින් පහර දී ඇත.


    04. Rice Blasts


    මෙම අවිය රුසියාව, එක්සත් ජනපදය, බ්‍රිතන්‍ය හා චීනය ප්‍රධාන වශයෙන් වැඩිදුර අත්හදා බලමින් පවතිනු ලැබේ. මෙම වයිරසයන්ගෙන් හානි සිදුවන්නේ මිනිසුන්ට නොව ඔවුන්ගේ ආහාර වගාවන්ටය. මෙමගින් සතුරන්ගේ ආහාර සැපයුම් අඩාල කිරීම අරමුණවේ. එක්සත් ජනපද හමුදාවන් විසින් මෙය වියට්නාම් යුද්ධයේදී භාවිතකර ඇත.


    03. Rinderpest


    මෙය 13 වන සියවසේදී යුරෝපය ආක්‍රමණය කල ''ජෙන්ගිස් කාන්'' විසින් යොදාගෙන ඇත. මෙය වැළදෙන්නේ ප්‍රධාන වශයෙන්ම ගවයන්ට හා එළුව්න්ටය. වැළදී දින 6 -10 අතර මරණයට පත්වේ. අරමුණ වන්නේ සතුරන්ගේ ආහාර සැපයුම් අඩාල කිරීමයි. එක්සත් ජනපදය හා කැනඩාව මෙම අවිය වැඩිදියුණු කරමින් සිටී.


    02. Nipah Virus


    මෙය C කාණ්ඩයේ ජීවවිද්‍යා අවියකි. භයානක වන්නේ, මෙය මිනිසාගෙන් මිනිසාට හා සතුන්ටද, සතුන්ගෙන් මිනිසාටද පැතිරීමයි. 1999 ඉන්දුනීසියාවේ ''නිපා'' ප්‍රාන්තයේ හදිසියේම 265 කට වැලදී 105 මියගොස් ඇත. එය යම් බලවත් රටකින් කල පර්යේෂණයක් බවට සැක කරයි.


    01. Chimera Viruses


    කයිමේරා වයිරසයන් යනු ලොව පවතින භයානකම වයිරසයන්ගේ ජාන සංයුතියන් වෙනස් කරමින් හා ඒවා එක්කරමින් නිපදවන සුපිරි ගනයේ විනාශකාරී වයිරසයන්ය. 1980 අගභාගයේදී සෝවියට් දේශයේදී, වසූරිය හා ඉබෝලා වයිරසයන් එකට එක්කර සුපිරි වයිරසයක් නිපදවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකවී තිබේ. අදට ලෝක බලවතුන් සියල්ලන්ම කයිමේරා වයිරසයන් නිපදවීමේ පර්යේෂණයන්ගේ නිරතවෙමින් පසුවේ. මෙවැනි භයංකර ජීව අවි භාවිත කරන ලෝක යුද්ධයක් ඇතිවුනහොත් ලෝක ජනගහණයෙන් 2/3 පමණ මියයනු ඇතැයි විශ්ලේෂකයින් පවසයි.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කක්කි වැඩ... ඔයින් එකක් බැරිද ලන්කාවට ගෙනල්ලා, ඉවරයක් කරලා දාලා අලුතින් හොද මිනිස්සු ටිකක් ජපානෙන්, ඇමෙරිකාවෙන් වගේ ගෙනත් පදින්චි කරන්න. සක්ක්ලි ශ්‍රි ලන්කික හැත්තම ඉවර කරලා

    ඔව් පුලුවන් උබලගේ ගෙදරින් මුලින්ම අපි වැඩේ පටන් ගමු.
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ගොඩාක් වටිනා පෝස්ට් එකක්..මේ හැමදේම හැදෙන්නේ නිව් වර්ල්ඩ් ඕඩර් කියන න්‍යායට අනුවලු..2020 වන විට ලෝක ජනගහණයෙන් 3/4ක් විනාශ කිරීම මේකේ අරමුණලු..:)
     

    waligamaya

    Well-known member
  • ගොඩාක් වටිනා පෝස්ට් එකක්..මේ හැමදේම හැදෙන්නේ නිව් වර්ල්ඩ් ඕඩර් කියන න්‍යායට අනුවලු..2020 වන විට ලෝක ජනගහණයෙන් 3/4ක් විනාශ කිරීම මේකේ අරමුණලු..:)

    නිව් වර්ල්ඩ් ඕඩර් කියන න්‍යායට
    ????

    mokakdha ban e
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මචන් පොඩි නිවෑරදි කිරීමක් සොකො අසහාරා පාවිච්චි කලෙ සෑරින් කියන කෙමිකල් ඒජන්ට් එක. අනික මෙවා සන්තකයෙ තබා ගෑනිම හා නව නිශ්පාදනය 1975 දී UN එකෙන් සපුරා තහනම් කලා නෙහ්ද ?