ලොව මිල අධිකම විස්කෝතුව 🍪

nirogoodboy

Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    ලොව මිල අධිකම විස්කෝතුව 🍪

    ඡායාරූපයෙන් පෙන්නුම් කෙරෙන්නේ ලොව මිල අධිකතම විස්කෝතුවයි. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් 23000ක් පමණ වෙතැයි කිවහොත් ඔබ පුදුම වනු ඇති. එසේම මෙය වසර 108ක් පමණ පැරණි ක්‍රැකර් වර්ගයේ සාමාන්‍ය විස්කෝතුවක් බව කිවහොත් ඔබ තවත් පුදුම වනු ඇති. මෙය 1912 දී පමණ එංගලන්තයේ භාවිතා කළ විස්කෝතු වර්ගයකි. වසර 108 ක් පමණ පැරණි වුවද එය දැනටත් ග්‍රීසියේ ධානපතියෙකු සන්තකයේ ඉතා සුරක්ෂිතව ඇත.

    මෙම විස්කෝතුව ලෝක ප්‍රකට ඛේදවාචකය වන ටයිටැනික් නැව හා සම්බන්ධ ඉතා වටිනා කෞතුක වස්තුවක් ලෙස හැඳින්වෙයි. මෙම Pilot වර්ගයේ ක්‍රැකර් විස්කෝතුව ටයිටැනික් නෞකාවේ කුඩා ජීවිතාරක්ෂක බෝට්ටුවක ජීවිතාරක්ෂක කබායක තිබී සොයා ගන්නා ලදී. එය නිෂ්පාදනය කරන ලද්දේ ලන්ඩනයේ ස්පිලර්ස් ඇන්ඩ් බේකර්ස් නම් එකල බල්ලන් සඳහා වන බිස්කට් නිපදවූ බේකරි සමාගමකි. යුධ සමයේදී මිනිසුන් වෙනුවෙන් ඔවුහු ඉතා සැහැල්ලු ලාභදායී බිස්කට් වර්ග සෑදීමද සිදුකරන ලදී.

    ජේම්ස් ෆෙන්වික් සහ මාබල් ෆෙන්වික් නව යුවල ලංඩනයේ සිට වොෂින්ටන් බලා සිය මධුසමය ගතකිරීම සඳහා පිටත්වූයේ RMS Carpathia නෞකාවෙනි. වොෂින්ටන් බලා යන අතරතුර කාපේතියා නෞකාවට ඊට පෙරදින, එනම් 1912 අප්‍රේල් 15 දින අනතුරට පත්වූ ටයිටැනික් නෞකාවේ සිට දිවි ගලවා ගත් මගීන් බේරාගැනීම සඳහා අවස්ථාව ලැබුණි. එහි සිටි ෆෙන්වික් යුවල ටයිටැනික් නෞකාවෙන් බේරී පැමිණි අයෙකුගේ ජීවිතාරක්ෂක කබායේ තිබී මෙම විස්කෝතුව සොයාගත් අතර පසුව එය ඉතා සුරක්ෂිත ලෙස කොඩැක් ඡායාරූප ලියුම් කවරයක බහා තබා ගන්නා ලදී. එහි ඉදිරිපස Pilot Biscuit from Titanic Lifeboat April 1912 ලෙස ලියා තැබීමටද ඔහු අමතක නොකළේය.

    මෙය 2015 වසරේ ලංඩනයේ හෙන්‍ඩ්‍රි ඕල්‍ඩ්‍රිජ් ඇන්ඩ් සන්ස් වෙන්දේසි සමාගම මෙම විස්කෝතුව වෙන්දේසි කළ අතර එය නම ප්‍රසිද්ධ නොකළ ග්‍රීක ධනකුවේරයකු විසින් ඩොලර් 23000ක් ගෙවා මිලට ගෙන තිබේ.

    Kasun Nadeera මහතාගේ සටහනකි!
    BBF0DF38-A422-410A-A965-B13464447395.jpeg
     

    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    කොහොමද ගත්ත කෙනාගෙ බල්ලා විස්කෝතුව කෑව නම් ඌ ලෝකේ වැඩියෙන්ම වටින බල්ලා වෙනවා.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    ඔය භග්‍යා හෙට්ටිආරච්චි ගෑනි අනුන්ගෙ පෝස්ට්ස් පොටෝස් උස්සල ඇඟිල්ල දික්කරන් ඉන්න පොටෝ එක දාල තමන්ගෙ වගේ මාකට් කරනව.

    ලමයින්ට කෙමිස්ට්‍රි උගන්වන්නෙත් අනුන්ගෙන් උස්සපු නෝට් වලින් වෙන්න ඇති.
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මේක කෑවාම මොකො දන්නේ නැ බං වෙන්නේ ඔච්චර වටින්නෙ...
     
    • Like
    Reactions: nirogoodboy

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඔය භග්‍යා හෙට්ටිආරච්චි ගෑනි අනුන්ගෙ පෝස්ට්ස් පොටෝස් උස්සල ඇඟිල්ල දික්කරන් ඉන්න පොටෝ එක දාල තමන්ගෙ වගේ මාකට් කරනව.

    ලමයින්ට කෙමිස්ට්‍රි උගන්වන්නෙත් අනුන්ගෙන් උස්සපු නෝට් වලින් වෙන්න ඇති.

    aniwaa By wesiyak
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    ඔය භග්‍යා හෙට්ටිආරච්චි ගෑනි අනුන්ගෙ පෝස්ට්ස් පොටෝස් උස්සල ඇඟිල්ල දික්කරන් ඉන්න පොටෝ එක දාල තමන්ගෙ වගේ මාකට් කරනව.

    ලමයින්ට කෙමිස්ට්‍රි උගන්වන්නෙත් අනුන්ගෙන් උස්සපු නෝට් වලින් වෙන්න ඇති.
    Oya bhagya hettiarachchi kiyanne fictional character ekak wenna barida?