ලොව විශාලතම ඩීසල් එන්ජිම.

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
ලොව විශාලතම ඩීසල් එන්ජිම.

ෆින්ලන්තයේ හෙල්සිංකි අගනුවර මුලස්ථානය කොට ගත් Wärtsilä සමාගමේ විශිෂ්ඨ නිර්මාණයක් ලෙස සැලකෙන RT-flex96C ඩීසල් එන්ජින් සැලකෙන්නේ ලොව වඩාත් විශාලතම සහ ප්‍රබලතම ඩීසල් එන්ජින්( reciprocating engine ) විශේෂය ලෙසයි (පිස්ටන් යොදාගනිමින් පීඩනය භ්‍රමණයක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය සිදුකරන එන්ජින් හැදින්වෙන්නේ reciprocating engine නමින්)

14670629_227226171026073_8667238894654232428_n.jpg


වරකට බහාලුම් 10,000 - 18,000 අතර ප්‍රමාණයක් පටවාගෙන යාත්‍රා කල හැකි කන්ටේනර් නැව් සදහා අති දැවැන්ත බලයක් ලබා දීමට RT-flex96C වර්ගයේ එන්ජින් භාවිතා කරනු ලබනවා.

14650239_227226301026060_1198840417523700933_n.jpg


මීටර් 13.5 උසින්ද මීටර් 26.95 දිගින් ද සමන්විත වන මෙම එන්ජිමක් කුඩා නිවසක ප්‍රමාණය ගනු ලබනවා.

14681790_227225964359427_1365121397467399384_n.jpg



එන්ජිමේ බර (Dry weight) ලෙස සැලකෙන්නේ ටොන් 2,300 ක්.

14729293_227226157692741_3035698016583000437_n.jpg


මීටර් 6 උස ටොන් 5.5 ක බරින් යුතු පිස්ටන් 14 කින් බලගැන්වෙන අතර ක්‍රෑන්ක්ෂාෆ්ට්ය ටොන් 300 බරින් යුක්තයි.

14680624_227226307692726_3326882000318241986_n.jpg


14720429_227226327692724_6778431726886476821_n.jpg


එන්ජිම උපරිම කාර්යක්‍ෂමතාවයෙන් ක්‍රියාත්මක වන විට පැයකට ඩීසල් ලීටර් 6,284 දහනය කෙරෙන අතර එමගින් මුදාහරින ශක්තිය අශ්ව බල 108,920 ක්.

14642074_227225971026093_580381482129920944_n.jpg



දැනට RT-flex96C වර්ගයේ සහ එහි පරණ වර්ෂන් එක ලෙස සැලකෙන RTA96C වර්ගයේ එන්ජින් වලින් සන්නද්ධ දැවැන්ත නැව් 300 පමණ ලොව පුර සාගර කලාපයන්හි ධාවනයේ යෙදෙනවා.

14724633_227226354359388_5962166679109320440_n.jpg


14657440_227226184359405_1648549005733060821_n.jpg


14650476_227225977692759_4924929804367902600_n.jpg


Technical data
===========
Bore: 960 mm
Stroke: 2,500 mm
Displacement: 1,820 liters per cylinder
Mean piston speed: 8.5 meters per second
Engine speed: 22–102 RPM
Torque: 7,603,850 newton metres (5,608,310 lbf·ft) @ 102 rpm
Power: up to 5,720 kW per cylinder, 34,320–80,080 kW (46,680–108,920 BHP) total
Mass of fuel injected per cylinder per cycle: ~160 g (about 6.5 ounces) @ full load
Crankshaft weight: 300 tons


මුලාශ්‍රය : wikipedia.org
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලීටරේකින් කිලෝමීටර් කීයක් විතර යනවද දන් නෑ නේද

    පැයකට ඩීසල් ලීටර් 6,284

    average speed of a large tanker = 12 knots
    12 knots = 22.224kmph

    for 6284L , 22.224kmh

    for one 1L = 22224/6284 m = 3.54m:lol::lol: = 354 cm:lol::lol::lol:

    ඇවරේජ් ස්පීඩ් එක හරිද දන්නේ නෑ. ගූගල් එකෙන් හොයාගත්තේ..
     

    AnuradhaRa

    Well-known member
  • ලීටරේකින් කිලෝමීටර් කීයක් විතර යනවද දන් නෑ නේද

    probably about 1 meter..

    පොපබ්ලි අබවුට් ලීටරේකින් මේ නැවට පඩයක්වත් යන්නෙ නැතුව ඇති බං :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලීටරේකින් කිලෝමීටර් කීයක් විතර යනවද දන් නෑ නේද

    අපේ උන් නැවක් ගැන කිව්වත් අහන්නේ තෙල් වැඩකරන ගාන අප්පා....

    ඕකනේ වෙහිකල් සෙක්ශන් එකේ අපේ ලේ ටික පිච්චෙන්නේ:lol::lol:
     

    AnuradhaRa

    Well-known member
  • රත්තරං;20827106 said:
    අපේ උන් නැවක් ගැන කිව්වත් අහන්නේ තෙල් වැඩකරන ගාන අප්පා....

    ඕකනේ වෙහිකල් සෙක්ශන් එකේ අපේ ලේ ටික පිච්චෙන්නේ:lol::lol:

    උඹට වගේ කොයින්ද අපට සල්ලි... :(
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ලීටරේකින් කිලෝමීටර් කීයක් විතර යනවද දන් නෑ නේද

    නැව් වල එහෙම නම් බලන්නේ නැහැ මචන්....;)
    සාමන්යෙන් Full Ahead යද්දි more than 60 tons per day Heavy Fuel Oil පිච්චේනවා...:D
     

    AnuradhaRa

    Well-known member
  • නැව් වල එහෙම නම් බලන්නේ නැහැ මචන්....;)
    සාමන්යෙන් Full Ahead යද්දි more than 60 tons per day Heavy Fuel Oil පිච්චේනවා...:D

    සාමාන්‍යයෙන් ඔය වගේ නැවක උපරිම ස්පීඩ් එක කොච්චරක්ද බං...
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මේකෙ ඔක්කොම හරි විසාලෙට තියෙනව.. එකක් දැක්කම පව් කියල හිතුණ :lol:
    ආර් පී එම් එක ;)

    RPM එකෙන් වැඩක් නැහැ මචන් නැව move වෙන්න, ඕන torqe එක තමා ඕන නැව move වෙන්න.

    rpm වැඩ් උනාහම propeller එක Cavitate වෙන බලනවා.

    අනික rpm අඩු කරන්න කියලා වෙනම gear box එකක් දාන්න ඕන නැහැ slow speed එන්ජින් එකක් තියෙද්දි, engine direct couple කරහැකි propeller.
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    සාමාන්‍යයෙන් ඔය වගේ නැවක උපරිම ස්පීඩ් එක කොච්චරක්ද බං...

    නැවෙන් නැවට වෙනස් වෙනවා මචන් ඒක maintain කරන rpm එක්ක.
    සාමානයෙන් 15 knots per hour තමා.
     

    AnuradhaRa

    Well-known member
  • නැවෙන් නැවට වෙනස් වෙනවා මචන් ඒක maintain කරන rpm එක්ක.
    සාමානයෙන් 15 knots per hour තමා.

    නොට් :angry:

    පැයට කිලෝමීටර කියද ?

    කැවිටේෂන් සීන් එක මචං අපේ ගෙවල්වල තියෙන වතුර මෝටර් වලත් සිද්ධ වෙනව.. ඕව හයිකරන බාස්ල මේ ගැන දන්නෙ නෑ..