---| ලොව වේගවත්ම කාර් |--

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ---| ලොව වේගවත්ම කාර් |--

    1. Bugatti Veyron Super Sport

    track11.jpg

    උපරිම වේගය පැයට කිලෝමීටර 430 කි. (430 Kmph) තත්පර 2.4 කදී 60 mph* වේගයක් ගනී. Narrow Angle 8 Liter W16 වර්ගයේ අශ්ව බල 1200 ක ඇලූමිණියම් එන්ජිමක් ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 2,400,000 කි. 2007 මාර්තු හිදී Bugatti Veyron රථය විසින් හිමි කරගෙන තිබූ වේග වාර්තාව SSC Ultimate Aero කාර් රථය විසින් පරාජය කරනු ලැබිණි. එයින් පසු Bugatti සමාගම විසින් Bugatti Veyron Super Sport මාදිලිය නිෂ්පාදනය කර 2010 ජූලි මස ලෝකයේ වේගවත්ම කාරය ලෙස කිරුළු පැළඳීය.

    barlight.gif


    2. Hennessy Venom GT: (සම ස්ථානය)


    Hennessey-Venom-GT-2-thumb-550x366.jpg


    උපරිම වේගය පැයට කිලෝමීටර 418.5 කි (418.5 Kmph) තත්පර 2.5 කදී 60 mph වේගයක් ගනී. 6.2-liter LS9 Turbo-charged V8 Twin Turbo වර්ගයේ අශ්ව බල 1200 ක එන්ජිමක් ඇත. මෙහි මිල ඇමෙරිකානු ඩොලර් 950,000 කි. මේ කාරය Bugatti Veyron Super Sport රථයට ඇති ප්‍රධානම අභියෝගයයි. තවමත් ප්‍රායෝගිකව සනාථ කර නැතත්, Venom GT හට 440 Kmph පමණ වේගයකට ලඟාවිය හැකි යැයි විශ්වාස කෙරේ.

    barlight.gif


    2. Koenigsegg Agera R: (සම ස්ථානය)


    මෙහිද උපරිම වේගය පැයට කිලෝමීටර 418.5 කි. (418.5 Kmph) තත්පර 2.9 කදී 60 mph වේගයක් ගනී. 5.0-liter V8 Engine වර්ගයේ අශ්ව බල 1099 ක ට්වින් ටර්බෝ එන්ජිමක් ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 1,600,000 කි. මේ කාරය ද Bugatti සඳහා හොඳ තරඟයක් ලබාදෙන අතර මෙහි දැනට දැක්වෙන උපරිම වේගය 418.5 Kmph වුවත්, න්‍යාත්මකව එයට වඩා වේගවත්ව ධාවනය කරවීමේ හැකියාව පවතී. අඩුම කාලයකදී (තත්පර 14.53 ) පැ.කි.මී. 300 ක වේගය ලබාගත් කාරය ලෙස වාර්තාව උසුලන්නේ ද මේ Agera R කාරයයි.

    barlight.gif


    3. SSC Ultimate Aero:


    SSC-Ultimate-Aero-2.jpg

    උපරිම වේගය පැයට කිලෝමීටර 413.5 කි. (413.5 Kmph) තත්පර 2.7 කදී 60 mph වේගයක් ගනී. Twin-Turbo V8 වර්ගයේ අශ්ව බල 1183 ක එන්ජිමක් ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 654,400 කි. 2007 මාර්තු සිට 2010 ජූලි දක්වා ලොව වේගවත්ම කාරය ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියුවේ මේ කාරයයි.මේ වාර්තාවට වර්තමානයේ හිමිකම් කියන්නේ ඉහත දැක්වූ Bugatti Veyron Super Sport රථය වන අතර Shelby Super Cars සමාගම එය පරාජය කර අංක 1 ට පැමිණීම සඳහා SSC Tuatura ලෙස නව රථයක් නිෂ්පාදනය කරමින් සිටී.


    barlight.gif


    4. Saleen S7 Twin-Turbo:

    Saleen-S7_Twin_Turbo_2005_1280x960_wallpaper_051-500x375.jpg

    72205986361950636.jpg

    උපරිම වේගය පැයට කිලෝමීටර 399 කි. (399 Kmph) තත්පර 2.8 කදී 60 mph වේගයක් ගනී. Twin-Turbo V8 වර්ගයේ අශ්ව බල 750 ක ඇළුමිණියම් එන්ජිමක් ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 555,000 කි. සුමට වේගවත් ධාවනයක් ලබාදෙන සුපිරි කාරයකි.


    barlight.gif


    5. Koenigsegg CCX:

    koenigsegg-ccx.jpg

    උපරිම වේගය පැයට කිලෝමීටර 394 කි. (394 Kmph) තත්පර 3.2 කදී 60 mph වේගයක් ගනී. V8 වර්ගයේ 90 Degree එන්ජිමක් ඇත. අශ්ව බල 806 ක ජවයක් සහිතයි. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 545,568 කි. ස්වීඩන් සමාගමක් වන Koenigsegg සමාගමේ නිෂ්පාදනයක් වන මේ කාරය පෙර දැක්වූ Agera R හි පැරණි සගයා වේ.

    barlight.gif


    6. McLaren F1:


    McLaren-F1.jpg

    උපරිම වේගය පැයට කිලෝමීටර 386 කි. (386 Kmph) තත්පර 3.2 කදී 60 mph වේගයක් ගනී. BMW S70 / 260 Degree V12 වර්ගයේ අශ්ව බල 627 ක එන්ජිමක් ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 970,000 කි. මේ ලැයිස්තුවේ ඇති සියළුම කාර් අතරින් වඩාත් පැරණිම හා ජනප්‍රියතම කාර් මාදිලිය වශයෙන් McLaren F1 හැඳින්විය හැකිය. පසුගිය සියවසේ ලොව ජනප්‍රියතම කාරය ලෙසද මෙය හැඳින්වේ. මෙහි ඇති අපූර්ව හැඩය නිසාම මෙහි ආකර්ශණීය ගුණය ඇතිවී තිබේ.


    barlight.gif


    7. Gumpert Apollo:

    gumpert-apollo-05.jpg

    උපරිම වේගය පැයට කිලෝමීටර 360.5 කි. (360.5 Kmph) තත්පර 3 කදී 60 mph වේගයක් ගනී. 4.2 liter V8 වර්ගයේ අශ්ව බල 650 ක එන්ජිමක් ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 450,000 කි. ජර්මානු සමාගමක් වන Gumpert සමාගම පවසන්නේ මෙම Apollo කාරය 305 Kmph හෝ වැඩි වේගයකින් උමඟක් තුලදී ධාවනය වන්නේ නම් මෙම කාරයට උඩු-යටිකුරු ආකාරයෙන් වුවත් යා හැකි ලෙස සැලසුම් කර ඇති බවයි. කෙසේ වුවත් මෙය තවමත් අත්හදා බලා නොමැත.

    barlight.gif


    8. Noble M600:


    noble+M600.jpg


    උපරිම වේගය පැයට කිලෝමීටර 359 කි. (359 Kmph) තත්පර 3.7 කදී 60 mph වේගයක් ගනී. Twin-turbo charged 4.4-liter V8 වර්ගයේ අශ්ව බල 650 ක එන්ජිමක් ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 330,000 කි. බාහිර නිමාව හා හැඩය අතින් එතරම් විශේෂතාවයක් නොපෙන්වූවත් මෙම කාරය අධිවේගී ධාවන රථයක් ලෙස නමක් දිනා තිබේ.

    barlight.gif


    9. Lamborghini Aventador: (සම ස්ථානය)

    Lamborghini-Aventador.jpg

    උපරිම වේගය පැයට කිලෝමීටර 349 කි. (349 Kmph) තත්පර 2.9 කදී 60 mph වේගයක් ගනී. V12 වර්ගයේ අශ්ව බල 700 ක එන්ජිමක් ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 379,700 කි. ස්පාඥ්ඥයේ සරගෝසා රඟමඬලේදී පොරයට ආ ප්‍රසිද්ධ කුළුමීමෙකුගේ නමින් මෙම කාරය නම් කර තිබීම විශේෂත්වයකි.


    barlight.gif


    9. Pagani Zonda Cinque Roadster: (සම ස්ථානය)

    Pagani-Zonda-Cinque-Roadster.jpg

    උපරිම වේගය පැයට කිලෝමීටර 349 කි. (349 Kmph) තත්පර 3.4 කදී 60 mph වේගයක් ගනී. Twin turbo-charged AMG V12 වර්ගයේ අශ්ව බල 678 ක එන්ජිමක් ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 1,850,000 කි. සීමාසහිත නිෂ්පාදනයක් වූ මේ කාරයෙන් නිපදවනු ලැබ ඇත්තේ පහක් පමණි. අමුතුම ආරක් ගත්, සුවිශේෂී හා ඉතා විශිෂ්ඨ ගණයේ කාරයක් ලෙස මෙය හැඳින්විය හැකියි.


    barlight.gif


    9. Ferrari Enzo: (සම ස්ථානය)

    Ferrari-Enzo-001.jpg

    උපරිම වේගය පැයට කිලෝමීටර 349 කි. (349 Kmph) තත්පර 3.4 කදී 60 mph වේගයක් ගනී. F140 Aluminum V12 වර්ගයේ අශ්ව බල 660 ක එන්ජිමක් ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 670,000 කි. ලෝ ප්‍රසිද්ධ ෆෙරාරි සමාගයේ නිෂ්පාදනයක් වන මෙම කාර් මාදිලියෙන් ද නිපදවා ඇත්තේ ඒකක 399 ක් පමණි.

    barlight.gif


    9. Jaguar XJ220: (සම ස්ථානය)


    jaguar-xj220-11.jpg

    උපරිම වේගය පැයට කිලෝමීටර 349 කි. (349 Kmph) තත්පර 3.8 කදී 60 mph වේගයක් ගනී. Twin Turbo V6 වර්ගයේ අශ්ව බල 542 ක එන්ජිමක් ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 650,000 කි. ලෝ ප්‍රසිද්ධ කාර් රථයක් වන මෙය මුලින්ම නිෂ්පාදනය කර ඇත්තේ 1992 තරම් ඈත කාලයේදීයි. නමුත් තවමත් වේගවත් කාර් රථයක් ලෙස තම නම සටහන් කරගන්නට Jaguar සමත්ව සිටී.


    barlight.gif


    10. Ascari A10: (සම ස්ථානය)

    ascari-a10-03.jpg

    උපරිම වේගය පැයට කිලෝමීටර 346 කි. (346 Kmph) තත්පර 2.8 කදී 60 mph වේගයක් ගනී. 5.0 litre BMW V8 S62 වර්ගයේ අශ්ව බල 625 ක එන්ජිමක් ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 650,000 කි. මේ වර්ගයේ තවත් කාර් රථ 50 ක් පමණ නිපදවීමට මෙම එංගලන්ත සමාගම තීරණය කර තිබේ.


    barlight.gif


    10. Pagani Zonda F: (සම ස්ථානය)

    pagani-zonda-f.jpg

    උපරිම වේගය පැයට කිලෝමීටර 346 කි. (346 Kmph) තත්පර 3.5 කදී 60 mph වේගයක් ගනී. Mercedes Benz M180 V12 වර්ගයේ අශ්ව බල 650 ක එන්ජිමක් ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 667,321 කි. උපරිම වේගය තරමක් අඩු වූවත් මෙහි ඇති V12 වර්ගයේ සුපිරි එන්ජිම නිසා Pagani Zonda F කාරය වේගවත් කාරයක් ලෙස පිළිගැනේ.


    barlight.gif
    උපුටාගැනීම - චතූගේ කතා බ්ලොගයෙනි
    :yes:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    patta machan.....
    11.gif

    +4


    elaz kollo
    rep denna balune

    Patta, Rep 2+

    ela ban supiri car tika
    rep ++

    ela rep+6

    Bugatti is no more machan chek this out:yes::yes:

    අනිවා පට්ට භාන්ඩෙ මචං.. Italy බාන්ඩයක් නේද..?

    elazzzz
    rep 2+

    patta macho ++rep

    patta bn 6+


    තෑන්ක්ස් මචංලා.. රෙප් වලට සහ කොමෙන්ට්ස් වලට..:love::yes: