ලොව හුදෙකලාම ගොපල්ලා!!!!!!!!!
මේ තොරතුර ලෝකයේ කාත් කවුරුත් නැති ඈත මුල්ලකට වෙලා තට්ට තනියම කල් ගෙවන පුද්ගලයකු ගැනයි. ලොව හුදෙකලාම ගොපල්ලා ලෙසින් වාර්තා වන මොහු චිලී ජාතිකයෙක්. නම පවුස්තිනෝ. කාත් කවුරුත් නැතිව චිලී රටේ පැටගෝනියා කඳුකරයේ මොහු වසර 46 ක් තිස්සේ වාසය කරයි. හිමෙන් වැසුණු කඳු මුදුන් හා චිලී පැටගෝනියාවේ විල්වලින් වට වූ ප්‍රදේශයක දිවි ගෙවන මේ පුද්ගලයාගේ තනිය මැකෙන්නේ බැටළුවන්ගේ හඬින් සහ ඔහුගේ රේඩියෝවේ හඬින් පමණයි.
චිලී රටේ ඕහිගින්ස් විල අසබඩ ප්‍රදේශය හැඳින්වෙන්නේ ලොව හුදෙකලාම ප්‍රදේශ අතරින් එකක් ලෙසයි. ෆවුස්තිනෝ ජීවත්වෙන්නේත් මේ විල අසලයි.
ඇමෙරිකානු පුවත්පත් කලාවේදීහු පිරිසක් පසුගිය වසරේ මේ හුදෙකලා මිනිසා හමුවීම සඳහා ගියහ. ඔවුනට ඒ සඳහා දින 4 ක් ගතව තිබිණ. එහිදී මේ 81 හැවිරිදි හුදෙකලා මිනිසා දිවි ගෙවන අන්දම දුටු මේ පුවත්පත් කලාවේදීන් පුදුමයට පත්වූහ.
“මට මුදල් උවමනා නෑ. මට ඇති තරම් කෑම තියෙනවා. හුදෙකලා වුණාම ජීවිතය වඩාත් හොඳ වෙනවා. මං මැරෙනතුරුම මෙහේ ඉන්නවා” පවුස්තිනෝ පුවත්පත් කලාවේදීන් සිය නිවහනට පිළිගනිමින් පැවසූ වේය.
පවුස්තිනෝ හැදී වැඩුණේ ද මේ ප්‍රදේශයේමය. එහෙත් ඔහුගේ ඥාතීන් ප්‍රදේශය හැරදමා යද්දී එකල චිලී රට පාලනය කළ ඒකාධිපති පාලක පිනොචේගේ බලය වැඩිවෙද්දී පවුස්තිනෝට ද සිය ගම් පළාත හැර දමා යන්නට සිදුවිය.
ඔහු ගියේ අසල්වැසි ආර්ජන්ටිනාවටය. ඒ රටපුරා ඇවිදිමින් විවිධ රැකියාවල නිරත වූ පවුස්තිනෝ වසර කීපයකට පසු යළිත් ඕහිගින්ස් විල අසබඩ ප්‍රදේශයට පැමිණියේය. මුළු චිලී රටේම ජනගහනය ඉතාම අඩු පළාත ලෙස වාර්තා වෙන්නේ මේ ප්‍රදේශයය.
ඉඩමේ ඇති කුඩා මඩු දෙකෙන් එකක ඔහු නිදා ගන්නා අතර ආහාර ගන්නේත් රේඩියෝවට සවන් දෙන්නේත් පත්තර බලන්නේ එහි සිටය. මේ පත්තරත් ඔහුට ලැබෙන්නේ වසරකට දෙවරකි. අනෙක් මඩුව ඔහුගේ ආහාර ගබඩාවය. ඒ හැරුණාම ඔහු හරකුන් සහ බැටළුවන් ද ඇති කරයි. දිනපතාම ඒකාකාරී ලෙසින් දිවි ගෙවන මේ පුද්ගලයා දින ගෙවී යන අන්දම දැන ගැනීම සඳහා කැලැන්ඩරයේ දින කපා හැරීම කරන්නේය.
රටේ පැටගෝනියා කඳුකරයේ මොහු වසර 46 ක් තිස්සේ වාසය කරයි. හිමෙන් වැසුණු කඳු මුදුන් හා චිලී පැටගෝනියාවේ විල්වලින් වට වූ ප්‍රදේශයක දිවි ගෙවන මේ පුද්ගලයාගේ තනිය මැකෙන්නේ බැටළුවන්ගේ හඬින් සහ ඔහුගේ රේඩියෝවේ හඬින් පමණයි.

සෑම දෙවසරකටම වරක් ඔහු සිය සතුන් විකිණීම සඳහා සැතපුම් 25 ක් ඔබ්බෙන් පිහිටි කුඩා නගරයකට යන්නේය. ඔහුට ළඟින්ම ඇති ඒ ගම ඔහුට ළඟ නගරය ද වෙයි.
එහි මුළු ජනගහනය ද සීයකට ආසන්නය. ගිරි කදුරු හා කඳු හෙල් අතරින් යන ඒ දුෂ්කර ගමනට දින දෙකක් ගත වේ. ශීත කාලයට ඒ ගමන තවත් දුෂ්කරය. නගරයට ගොස් සතුන් විකුණා ලබන මුදල් ඔහු වැය කරන්නේ ඔහුට අත්‍යවශ්‍ය බඩු මිලදී ගැනීමටය.
ඔහු සතු නවීන මෙවලම් සංඛ්‍යාව ඉතා අල්පය. ලෝකයා ඔහු හා සම්බන්ධ කරන එකම උපකරණය රේඩියෝව පමණි. ඉන් අසල්වැසි රටවල දේශපාලන තොරතුරු සහ ක්‍රීඩා තොරතුරු දැන ගැනීමට ඔහු ඉතා කැමැත්තේය. මේ හුදෙකලා පුද්ගලයා ජීවිතයටම රූපවාහිනිය නරඹා ඇත්තේ වරක් පමණි.
මින් දෙවසරකට පමණ පෙර රජයේ නියෝජිතයෙක් පවුස්තිනෝ හමුවට පැමිණියේය. ඔහු ළඟ තුවක්කු තිබෙන බව දැන පැමිණි ඒ නියෝජිතයා ඔහුගේ තුවක්කු තම බාරයට ගෙන හිලව්වට සූර්ය විදුලි කෝෂයක් ලබා දී ඇත්තේය. එහෙත් ඔහු එය පාවිච්චි කරනුයේ කලාතුරකිනි. “දැන් මට ආයිත් තුවක්කු තියෙනවා. මේ වතාවේ නම් ඒවා හුවමාරු කරගන්නේ නැහැ” පවුස්තිනෝ පවසයි.
මේ හුදෙකලා මිනිසා ගේ නිස්කලංක ජීවිතයට දැන් දැන් බාහිර ලෝකයේ බලපෑම් එල්ලවීම් වැඩි වී තිබේ. රජයේ බෝට්ටු ඔහු පදිංචි ප්‍රදේශයේ විලට පැමිණෙන අතර දින 10 කට වරක් ග්ලැසියර නැරැඹීමට පැමිණෙන සංචාරකයන් රැගත් බෝට්ටු ද පැමිණේ. මේ බෝට්ටු නිසා ඔහුට ආහාර, සුප් හා අතුරුපස ටින්, සීනි හා පිටිමලු ද ඌරු තෙල් පෙට්ටි ද අඩු නැතිව සැපයේ.
ඒ හැරුණු විට එඩේර ජීවිතයක් ගෙවන යුවළක් ද සිය සතුන්ට තණ කවමින් යන ගමනේ දී මොහුගේ ඉඩමේ නවාතන් ගනිති. හිලව්වට ඔව්හු පවුස්තිනෝගේ සතුන් ද බලා දෙති.
මේ හුදෙකලා මිනිසා මේ පළාතෙන් ඉවත් කිරීමට චිලී රජය කෙතෙක් උත්සාහ කළ ද ඒ පළාත අත්හැර යෑමට ඔහුගේ කිසිම අදහසක් නැත්තේය. පවුස්තිනෝ ගැන වාර්තාමය චිත්‍රපටයක් නිපදවූ ඇමෙරිකානු පුවත්පත් කලාවේදීහු ඔහුගෙන් පැටගෝනියාවේ දේශගුණික විපර්යාස සහ ඇමෙරිකානු ගොපලු ජීවිත ගැන තොරතුරු විමසීමට ද අමතක නොකළහ.
source:-silumina.lk

rep iwarailu 