ලොව හොදම සජීවිකරණ චිත්‍රපට 25
ලැයිස්තුවට ජපාන චිත්‍රපට තුනක් ඇතුළත්
වැඩිම චිත්‍රපට ගණනක් වෝල්ට් ඩිස්නි සමාගමෙන්
ශරේක්, ඇලඩින් වැනි ජනප්‍රිය සජීවිකරණ චිත්‍රපට ලැයිස්තුවට ඇතුළත් වී නැහැ
මුල්කාලීනව කාටුන් චිත්‍රපට සඳහා සැකසුණේ අතින් ඇඳුණ රූප රාමුය. අද සජීවිකරණ චිත්‍රපට ලෙස හැඳින් වෙන මේවා ත්‍රිමාන චිත්‍රපට ලෙස ද එළි දකිමින් තිබේ. 80 හා 90 දශකයන්හිදී සජීවීකරණ සිනමා පට නිර්මාණය සඳහා පරිගණක භාවිතය පුළුල්ව ඇරඹිණි.
ඒ සමඟම එම චිත්‍රපට තවත් වැඩි ජනප්‍රියත්වයක් ලබා ගත් අතර හොලිවුඩයේ ප්‍රධාන චිත්‍රපට නිෂ්පාදන සමාගම්වලට අනුබද්ධිතව පරිගණක ආශ්‍රිත සජීවීකරණ චිත්‍රපට සඳහා චිත්‍රාගාර ද බිහිවන්නට වූයේය.
වෝල්ට් ඩිස්නි සමාගමේ පික්සාර් චිත්‍රාගාරය ඊට උදාහරණයකි.මුල් කාලීනව නිපැයුණේ කෙටි කාටුන් චිත්‍රපටය.
ලොව මුල්ම වෘතාන්ත කාටුන් චිත්‍රපටය ලෙස සැලකෙන්නේ 1917 ආර්ජන්ටිනාවේදී නිෂ්පාදනය වූ කුයිනිනෝ ක්‍රිස්ටියානි ගේ EL APOSTOL සිනමා පටයයි. අද මෙම චිත්‍රපටයේ පිටපතක් ලොව කොතැනකවත් නොමැති වීම කනගාටුවට කාරණයකි.
ලොව බිහි වූ දෙවැනි වෘතාන්ත කාටුන් චිත්‍රපටය ලෙස සැලකෙන්නේ 1929 ජර්මනියේදී බිහි වූ The Adventure of Prince Achmed ය. 1937 දී හොලිවුඩයේ වෝල්ට් ඩිස්නි සමාගම
වෙතින් ලොව තෙවැනි කාටුන් වෘතාන්ත චිත්‍රපටය Snow White and the Seven Dwarfs බිහි විය. එය අතිශය සාර්ථකත්වයට පත් පළමු කාටුන් වෘතාන්ත චිත්‍රපටය වූ අතර අදටත් සජීවීකරණ චිත්‍රපට නිෂ්පාදනයේ පෙරමුණේම සිටින්නේ වෝල්ට් ඩිස්නි සමාගම යැයි පැවසීම වරදක් නොවේ.
සජීවීකරණ චිත්‍රපට ලොව පුරා ජනප්‍රිය වීමත් සමඟම මේ සියවස ආරම්භයේදී ඇකඩමි සම්මාන උළෙල සංවිධායකයන් තීරණය කළේ වසරේ හොඳම සජීවීකරණ චිත්‍රපටයට ද සම්මාන පිරිනමන්නටය.
ජර්මනිය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය වැනි යුරෝපා රටවල් මෙන්ම ජපානය වැනි ආසියානු රටවල් ද සජීවීකරණ චිත්‍රපට නිපැයුමට එක්ව සිටින නමුත් එම කාර්යයේ තවමත් පෙරමුණේ සිටින්නේ ;හාලිවුඩයයි. සජීවීකරණ චිත්‍රපට අද මෙරට බාල මහලු කා අතරත් ජනප්‍රියය.
ලෝක ප්‍රකට සඟරාවක් වූ ‘ටයිම්’ එදා මෙදාතුර ලොව නිපැයුණු හොඳම සජීවීකරණ වෘතාන්ත චිත්‍රපට 25 ක ලැයිස්තුවක් පළ කළ අතර අප එම ලැයිස්තුව ‘සරසවිය’ හරහා මෙසේ ඉදිරිපත් කරන්නේ දයාබර පාඨක ඔබ සැම ද සජීවීකරණ චිත්‍රපට කෙරේ උනන්දුව දක්වන බව අප දන්නා හෙයිනි.
25. Lady and the Tramp
වෝල්ට් ඩිස්නි නිෂ්පාදනයක් වූ මෙය 1955 දී ප්‍රදර්ශනය වූයේය.
24. Fantastic Mr; Fox
ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් නිෂ්පාදනයක් වූ මෙය 2009 වසරේදී තිරගත වූයේය. ජනප්‍රිය නළු නිළි යුවළක් වූ ජෝර්ජ් කූල්නි හා මෙරිල් ස්ට්‍රීප් මෙහි හඬ කැවීම් සඳහා දායක වූහ.
23. Yellow Submarine
බ්‍රිතාන්‍ය නිෂ්පාදනයක් වූ මෙය 1968 දී ප්‍රදර්ශනය වූයේය. ඒ සමකාලීනව වඩාත් ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ බීට්ල්ස් පසුබිම් කරගෙන මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබිණි. පෙපර්ලන්තය බලා යන සංගීත කණ්ඩායමක් ගැන මෙයින් කියැවිණි.
22. Dr, Seuss Horton Hears a Who
ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගමේ හා බ්ලූ ස්කයි චිත්‍රාගාරයේ නිෂ්පාදනයක් වූ මෙය අධ්‍යක්ෂණය කළේ ජිමී හේවර්ඩ්ය.
21. Kung Fu Panda
ඩ්‍රීම් වර්ක්ස් චිත්‍රගාරයේ නිෂ්පාදනයක් ලෙස 2008 දී තිරගත වූ මෙය මහත් සාර්ථකත්වයක් ලබා ගත්තේය. එහෙයින්ම නිර්මාණය වූ එහි දෙවැනි කොටස දැන් ලොව පුරා බොහෝ රටවල ද, ශ්‍රී ලංකාවේ ද ප්‍රදර්ශනය වෙයි.
20. Paprika
ජපානය 2007 දී නිපැයූ චිත්‍රපටයකි. යසුටකා සුත්සුයිගේ පැප්රිකා නවකතාව එම චිත්‍රපටයට පසුබිම් විය. සතෝෂි කොන් එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය.
19. Tangled
2010 දී ප්‍රදර්ශනය වූ වෝල්ට් ඩිස්නි නිෂ්පාදනයකි.
18. The Lion King
රොජර් ඇලන් අධ්‍යක්ෂණය කළ 1994 දී තිරගත වූ ‘ද ලයන් කිං’ ලොව පුරා සාර්ථකත්වයට පත් වෝල්ට් ඩිස්නි නිෂ්පාදනයකි.
17. Akira
ජපානයෙන් බිහි වූ මීට පසුබිම්ව තිබෙන්නේ විද්‍යා ප්‍රබන්ධයකි. 1988 දී තිරගත වූ අකිරා හි තිර රචක හා අධ්‍යක්ෂක කත්සුචිරෝ ඔටොමෝය.
16. Happy Feet
වෝනර් බ්‍රදර්ස් නිපැයුමක් වන මෙය 2006 දී තිරගත වූයේය. ජෝර්ජ් මිලර් ගේ අධ්‍යක්ෂණයක් වූ මෙයට එම වසරේ හොඳම සජීවීකරණ චිත්‍රපටය සඳහා වූ ඇකඩමි සම්මානය පිරිනැමිණි.
15. Wallace & Gormit in the Curse of the Were Rabbit
බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය රූපවාහිනී කාටුන් වැඩ සටහන් මාලාවක් ආශ්‍රිතව මෙම චිත්‍රපටය නිපැයිණි. 2005 දී ප්‍රදර්ශනය වූ මෙය එම වසරේ හොඳම සජීවීකරණ චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේය.
14. The Adventure of Prince Achmed
1926 දී ප්‍රදර්ශනය වූ ජර්මනියේ නිෂ්පාදිත ලොව දෙවැනි කාටුන් වෘතාන්ත චිත්‍රපටයයි.