ලොව_වේගවත්ම_ප්‍රොසෙසරය

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ලොව_වේගවත්ම_ප්‍රොසෙසරය

    ලෝක වාර්තාවක් සමග ලොව වේගවත්ම ප්‍රොසෙසරය එළිදක්වයි.


    AMD_FX_Bulldozer_Box_BE_689.jpg


    මුලින්ම කියන්නේ..මේක බ්ලොග් එකක තිබුන ලිපියක්..හොඳ දෙයක් නිසා අපේ එළකිරි යාලුවෝ සෙට් ඒකත් එක්ක බෙදා ගන්න හිතුනා..කලින් පෝස්ට් වෙලා තියෙනවා නම් දැක්කේ නෑ..රිපොස්ට් නම් ඉතින් සොරි වෙන්ඩ ඕනේ..:):)

    ඕගොල්ලෝ කව්රුත් දන්නවනේ AMD Processors ගැන.ඒ Company එක පසුගිය අගෝස්තු 31වෙනිදා අලුත් ප්‍රොසෙසරයක් එළිදැක්වූවා ඒ ලෝක වාර්තාවකුත් සමග. ඒ කියන්නේ ඒ ප්‍රොසෙසර් එක තමයි දැනට ලෝකේ හදල තියෙන වේගවත්ම ප්‍රොසෙසරය. මේ ප්‍රොසෙසරයේ
    වේගය සටහන්වෙලා තියෙන්නේ 8.429 GHz ලෙසට...:shocked::shocked:

    ඔය පහල පින්තුරේ තියෙන්නේ බලන්නකෝ..:cool::cool:

    AMD.jpg


    [ඔය පින්තුරේ වේගය තියෙන්නේ MHz වලින්. කව්රුත් දන්නවනේ 8429.2 MHz , ගිගා හර්ට්ස් වලට පරිවතනයකරාම එන්නේ 8.429 GHz කියල.(1000 MHz = 1GHz නිසා 8429.2 MHz , ගිගා හර්ට්ස් කරගන්න 1000 න් බෙදන්නනේ තියෙන්නේ).]

    මේ ප්‍රොසෙසර් එකට කියන්නේ AMD FX Prosessor කියලා. මීට කලින් තිබුන වේගවත්ම ප්‍රොසෙසරයේ වේගය වාර්තා උනේ 8.309 GHz ලෙසට. මේ AMD FX අලුත් ප්‍රොසෙසරය සාමාන්‍ය Cooling Fans ඇති සිසිලන පද්ධතියක හෝ ජලය යොදාගන්නා සාමාන්‍ය සිසිලන පද්ධතියක ක්‍රියා කරවීමෙන් 5GHz අගයට වඩා වැඩි අගයක් ලබාගත හැකිවෙලා තියනවා(ඊට වැඩිය වේගයක් ඕනනම් ඔය පහල තියන video එකේ වගේ හොඳ Cooling System එකක් තියෙන්න ඕන). මේ ප්‍රොසෙසරය cores 8 ක් සහිත ප්‍රොසෙසරයක්. AMD සමාගම මේ ප්‍රොසෙසරයේ 8.429 GHz වගේ වේගයක් ලබාගැනීමේදී සිසිලන ක්‍රියාවලිය සඳහා යොදාගෙන තියෙන්නේ ද්‍රව හීලියම් සහ නයිට්‍රජන්. ද්‍රව නයිට්‍රජන් වලට මේ ප්‍රොසෙසරයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 180 ක් දක්වා පල දැමීමට හැකිවෙනවා. හැබැයි මෙහෙම උනාම ඇතිවෙන අනිත් ප්‍රශ්නේ තමයි "cold bug". ඒකියන්නේ ප්‍රොසෙසරය ක්‍රියාත්මක වෙන්න ඕන වෙන නියම උෂ්ණත්වයත් නොලැබෙන එක. හැබැයි මේ AMD FX ප්‍රොසෙසරයට නම් එක බලපාල නෑ. ඒඅතින් බලනකොට මේ AMD FX ප්‍රොසෙසරය සාර්ථක නිර්මාණයක් වෙලා තියනවා...:yes::yes:



    AMD සමාගම කියන අනිත් දේ තමයි මෙලෙස සිසිලන පද්ධති වලට ද්‍රව හීලියම් සහ නයිට්‍රජන් වැනි දේ යොදාගනිමින් ප්‍රොසෙසර් වල වේගය වැඩි කිරීමෙන් Hardware warranties අවලංගු වීමට සහ පරිගණකයට හානි වෙන්න පුළුවන් කියලා. එත් ඉතින් ඒගොල්ලෝ කොහොමහරි World record එක තිබ්බනේ...:):)

     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඉතින් බං අපේ ඒවා එතකොට speed නැද්ද??? මගේ Core2Quad 2.7Ghz.. ඒ කියන්නේ 2.7GHz 4න් වැඩි කලාම 10.8GHz නේ?? :P:rofl::rofl:
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    8.429 GHzeka ape norml pc ekaka ganna ba. un eka uba kiyapu widyta wenma patta coolin dala wrld recrd eka kadanna witarai a gaanata gtte natiwa a gaana digtma use krna ba. eka recrd ekata witarai a arenna kisima use ekak apita na mchan .. :P:P
     
    Last edited:

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ගොඩක් වැදගත් දැනුවත් කිරීමක්
    ගොඩක් ස්තූතී සහෝ අපිව දැනුවත් කලාට

    You have given out too much Reputation in the last 24 hours, try again later.
    :(
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    8.429 GHzeka ape norml pc ekaka ganna ba. un eka uba kiyapu widyta wenma patta coolin dala wrld recrd eka kadanna witarai a gaanata gtte natiwa a gaana digtma use krna ba. eka recrd ekata witarai a arenna kisima use ekak apita na mchan ..

    hmm..ow machan..meka record ekakaa witharai karala thiyenne...:D:D
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මේක කොහොමද ??
    Intel core i9 - 4.6GHz / 133MHz bus speed and 18X multiplier / 12MB of L3 cache.. මේක core 12 k තියෙනවා.
    core i7 එකේ core 8ක් තියෙනවා වගේ..


    මේක 12 Cores processor එකක් ..
    Core i9 processor එක 32-nanometer කින් සමන්විත වෙනවා
    Core i7 processor එකට වඩා 50% වේගවත් ඒ වගේම less power use කරනවා
    තව Core i9 processor එක clock speed එක 4.6Ghz තරම් ඉහල අගයක් වන බව කියනවා


    231763141.jpg