යතුරුපැදි වලට ආදරේ කරන කොයි කවුරුත් දැනගන්න කැමති මාතෘකාවක් ගැනයි මේ. SuperBikes කිව්වම කාටත් මතක් වෙන්නේ CB1300, CBR1000, kawasaki Z, Suzuki GSXR, Yamaha R1 වගේ යතුරුපැදි. මේවාගේ පූර්වජයෝ ගැනයි මේ හුය. 1970 දශකයේ එළි බැස්ස මේ අපූරු යතුරුපැදි මුළු යතුරුපැදි ලෝකයේම විප්ලවයක් වුණා.
අපි කවුරුත් දන්නවා ජපන් සිලින්ඩර් හතරේ යතුරුපැදි ගැන. CB250 ජේඩ් එකේ ඉඳන් CB1300 වගෙ ලොකු එන්ජින් ධාරිතාවක් තියෙන යතුරුපැදි දක්වා සිලින්ඩර් හතරේ යතුරුපැදි තියෙනවා. හොණ්ඩා සමාගම සිලින්ඩර් හතරේ යතුරුපැදි නිශ්පාදනය කරන්න ගත්තේ 1969දීයි. ඒ CB750 Four යතුරුපැදිය සමගින්.
විසිවෙන සියවස මුල් භාගයේ නිශ්පාදනය වුනු ඇතැම් ඇමරිකානු යතුරුපැදි වලින් පසුව ලෝකයේ නිෂ්පාදනය වුනු පලමු සිලින්ඩර හතරේ යතුරුපැදිය තමා මේක. හොණ්ඩා මෙතුවක් කල් හදල තිබුනේ සිලින්ඩර දෙකේ යතුරුපැදි පමණයි. OHC, air cooled එන්ජිමක් සහිත මෙම යතුරුපැදිය ඉදිරිපස ඩිස්ක් බ්‍රේක් එකකින්ද යුක්තයි. 1969 නිශ්පාදිත යතුරුපැදියක් වුනත් මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 200ක් වෙනවා.
1971දී මෙහි මල්ලී ලෙසින් හැඳින්විය හැකි CB500 යතුරුපැදියත් එළි දක්වනවා හොණ්ඩා සමාගම විසින්.
1969දී කවසාකි සමාගම ඔවුන්ගේ පළමු කාණ්ඩයේ යතුරුපැදියත් එලිදක්වනවා. ඒ තමයි Kawasaki H1. සිලින්ඩර තුනේ Air cooled එන්ජිමකින් මෙය සමන්විත වුණා. එන්ජින් ධාරිතාවය 500cc. පැයට කිලෝමීටර් 180ක පමණ උපරිම වේගයක් මේ යතුරුපැදියට තිබුණා. 1969 සිට 1972 වනතුරු මේ යතුරුපැදිය නිශ්පාදනය වෙනවා.
1972දී H2 යතුරුපැදිය කවසාකි සමාගම විසින් හඳුන්වා දුන්නා. එන්ජින් ධාරිතාවය 750cc වීම හැරුණුකොට වෙනත් ලොකු වෙනසක් තිබුනෙ නැහැ.
1973දි කවසාකි සමාගම සුපර්බයික් කාණ්ඩයේ ඔවුන්ගේ පළවෙනි ෆෝ ස්ට්‍රෝක් යතුරුපැදිය හඳුන්වාදුන්නා. ඒ තමයි Kawasaki Z900. අදටත් මේ Z පවුලේ යතුරුපැදි කවසාකි සමාගම විසින් නිෂ්පාදනය කරනවා.
මෙහි එන්ජිම DOHC. එනම් ඉන්ලට් හා එක්සෝස්ට් පැති දෙකට කැමි දඬු දෙකක් තියෙනවා. වැඩි performance සඳහායි මේ නිර්මානය කරල තියෙන්නේ. එන්ජිම වායු සිසිලන (air cooled) එන්ජිමක්. SuperBike ඉතිහාසයේ පළවෙනි DOHC යතුරුපැදිය වෙන්නෙත් මේක තමයි.
මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 210ක්
1971 වර්ෂයේදී සුසුකි සමාගම සුපර්බයික් තරඟයට අවතීර්ණ වන්නේ Suzuki GT750 යතුරුපැදිය සමගින්
සිලින්ඩර තුනේ water cooled two stroke එන්ජිමක් මෙම යතුරුපැදියට තිබුණා. 1977දී මේ යතුරුපැදියේ නිෂ්පාදනය නවතා දමනවා. ඒ වනවිට ඉදිරිපසට ඩිස්ක් දෙකක් සහිත තිරිංග පද්ධතියක්, CDI ignition පද්ධතියක් මෙයට තිබුනා.මෙම යතුරුපැදියේ උපරිම වේගය පැයට කිලෝමීටර් 180ක් පමණ වනවා..
1978දී සුසුකි සමාගම Suzuki GS1000 යතුරුපැදිය හඳුන්වාදෙනවා. මෙය air cooled, DOHC, 4 cylinder 1000cc එන්ජිමකින් යුක්තයි. මෙම එන්ජිම බොහෝ දුරට Kawasaki Z1 යතුරුපැදියෙන් කොපි කර ඇති බවයි පැවසෙන්නේ. කෙසේ වුවත් මෙය ඉතාම සාර්ථක නිර්මාණයක්..
පසුපස එක් ඩිස්කයකින් සහ ඉදිරිපස ඩිස්ක් දෙකකින් යුක්ත තිරිංග පද්ධතියකට හිමිකම් කියන මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 220ක්
1979දී හොණ්ඩා සමාගම එතෙක් කල් කිසිවෙකු විසින් නොකරන ලද වෙනසක් කරනවා. ඒ තමයි හොණ්ඩා CBX යතුරුපැදිය හඳුන්වාදීම.
සිලින්ඩර හයකින් යුත්, DOHC, Air cooled, ධාරිතාවය 900cc වන මෙම යතුරුපැදිය පැයට කිලෝමීටර 240ක උපරිම වේගයක් ලබාගැනීමට සමත් වෙනවා.

Last edited:

+Rep