ලෝකයම ආර්තික අවපාතයක් අබියස.

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,516
    9,010
    113
    ලෝකයම ආර්ථික අවපාතයක්(recession) අබියස ද?

    අද(සඳුදා) ලෝකයේ සියලුම කොටස් වෙළඳපොළවල් දැවැන්ත කඩා වැටීමට ලක්වුනා.

    ජපානයේ nikkei දර්ශකය 12% කින් ද
    කොරියානු kospi දර්ශකය 9% කින් ද
    ඉන්දියානු nifty 50 දර්ශකය 2.6% කින් ද
    තායිවාන twii දර්ශකය 8.5% කින් ද
    චීනයේ shanghai දර්ශකය 1.5% කින් ද කඩා වැටුණා.

    යුරෝපයේද සියලුම රටවල කොටස් වෙළඳපොළ දර්ශකයන් මේ වන විටත් 3-5 % ත් අතර ප්‍රමාණයකින් කඩා වැටී තිබෙනවා. ඇමරිකානු කොටස් වෙළඳපල දර්ශකයන්ද අද දින දැවැන්ත කඩා වැටීමකට ලක්වීමට නියමිත බව ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන්.

    අද දින ලංකාවේද සියලු කොටස් මිල දර්ශකය ලොකු දෛනික පිරිවැටුමක්(turnover) නොමැතිව වුවත් 1.65% කින් කඩා වැටුණා.

    මේකට මූලික හේතුව උනේ ගිය සතියේ නිකුත් කරපු ඇමරිකාවේ රැකියා දත්ත. ඇමරිකාවේ විරැකියා ප්‍රතිශතය 4.3% ක් දක්වා ඉහළ යෑම බොහෝ ආයෝජකයන්ව තැතිගැන්වීමට හේතු වී තිබෙනවා. ඇමරිකාවේ විරැකියා ප්‍රතිශතය බොහෝවිට ඇමරිකාවේ ආර්ථික තත්ත්වය ගැන හොඳ දර්ශකයක්.

    මෙම කඩා වැටීම වළක්වා ගැනීමට ඇමරිකාවේ මහ බැංකුවට ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීමට වෙනවා. ඔවුන්ට ගත හැකි ප්‍රධානම ක්‍රියාමාර්ගය හදිසි රැස්වීමක් මගින් ප්‍රතිපත්ති පොලි අනුපාතයන් 0.75 - 1 % කින්වත් පහත දැමීම යි. නැතහොත් මෙය ලෝක ආර්ථිකයන් සියල්ලටම ලොකු බලපෑමක් කළ හැකි ගැටලුවක් බවට පත්වෙන්න පුළුවන්.

    එපමණක් නොව ගෝලීය තත්වය අනුව ක්‍රිප්ටෝ මුදල්ද අද දින දැවැන්ත කඩා වැටීමකට ලක් වී තිබෙනවා. Bitcoin වටිනාකම 10% කින් ද Ethereum වටිනාකම 14% කින් ද වැටී තිබෙනවා.

    ලංකාවේ උන්ටනම් අවුලක් නෑ දැන් ලපයා ආවම අමුතුවෙන් වැටෙන්න දෙයක් නෑ කොහොනත් වැටෙන එකනේ.
    Hamuge bada yana hilata oluwa gahuwa wage
     
    • Dislike
    Reactions: J Starlin

    AnuradhaRa

    Well-known member
  • මම පොඩි කාලෙ එකම එක දවසක් ලිදට බැහැල තියෙනව
    වතුර සෑහෙන්න අඩු වෙලා තිබුණෙ
    අම්මට සිරි ඇතුලට බැහැල උඩ බැලුව. ලෝකෙ කොයි පැත්තටද තියෙන්නෙ කියල හිතාගන්න බැරුව ගියා.
    උතුර දකුණ හිතා ගන්න බෑ. වත්ත කොයි අතටද තියෙන්නෙ කියල හිතා ගන්න බෑ 😅
     
    • Dislike
    Reactions: J Starlin

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    කොටස් වෙළඳපොළ කඩා වැටීමේදි එය ලෝකයේ තත්වයක් මත සිදුවන අතර කොටස් වෙළඳපොළ වර්ධනය වීමේදි එය පොන්නප්පුගේ දක්ෂතාව නිසා සිදුවේ. 🙈
    Ahh huttige putho