~ලෝකයේ අමුතුම තැන් ටිකක්..!~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ~ලෝකයේ අමුතුම තැන් ටිකක්..!~

    XZIBUzv.jpg

    නවසීලන්තයේ පාක් ලේක්හි මළ ගිනි කන්ද


    RdGNaau.jpg

    සැන්සිබාරයේ මුහුද මැද අවහන් හලකි. වඩදිය අනුව පයින් හෝ බෝට්ටුවෙන් එහි යා හැකිය
    (මෙවැනිම ස්ථානයක් ලංකාවේ, දකුණු පළාතේ, වැලිගම පිහිටා ඇති අතර එය ගංදූව ලෙස හදුන්වයි)



    KhQVDei.jpg

    මේ කාන්තාරයකි. දම් පැහැයෙන් පෙනෙනුයේ ගෝනුසු මල් යායකි. මේ මල් පිපෙනුයේ වසර කිහිපයකට පසුවය.


    cOyMw7Q.jpg

    මධ්‍යම තුර්කියේ කැපඩෝසියා ගුවනේ බැලූම්


    fXvqaDw.jpg

    පෝලන්තයේ ග‍්‍රයිපිනෝ වනාන්තරයේ මේ ගස අලි හොඬවැල් මෙන් දක්නට ඇති හේතුව නොදනී


    kPiHgVW.jpg

    ලෝකයේ උසම දම්වැල් මෙරිගෝ රවුම උස මීටර් 117කි.පිහිටියේ වියානා නුවරයි


    5DZk2hq.jpg

    බෙල්ජියම හා නෙදර්ලන්ත දේශසීමාවේ අවන් හලකි. එන්.එල්. යනුවෙන් ලියවී ඇත්තේ නෙදර්ලන්ත පැත්තයි. බී. යනුවෙන් සඳහන් වනුයේ බෙල්ජියමයි


    sDC0sK1.jpg

    මෙක්සිකෝ බොක්කේ වාසය කරන මඩුවෝ දස දහසක් පමණ වසරකට දෙවරක් යුකෑටන් සිට ප්ලොරිඩාවට සංක‍්‍රමණය වෙති. සීත ඍතුව ලබන විට පිටවී යන මඩුවෝ ගස්වල කොළ හැළෙන කාලයට යළි පැරණි නිජ බිමට එති.


    ONn9cn0.jpg

    උතුරු ඩෙන්මාකයේ ස්කේජන්හිදී බෝල්ටික් සාගරය හා උතුරු මුහුද එක්වෙයි. මුහුදු දෙකේ ජලයේ ඝනත්වය වෙනස නිසා ජලය හමු නොවේ


    Zv2WeEQ.jpg

    චීනයේ ෂැංඩොං පළාතේ ජීආ ඕෂු බොක්ක හරහා ඇති පාලමේ දිග කිලෝමීටර් 36 කි. වාහන ගමනාගමනය සඳහා තීරු 8 ක් ඇති මෙම පාලම මුහුදක් මැදින් දිවෙන ලොව දිගම පාලමයි


    hUCVt4g.jpg

    ලිතුවේනියාවේ එක් පැත්තකට රැය එළැඹෙන විට අනෙක් පැත්තට හිරුපායයි


    teBhRYm.jpg

    කැලිෆෝනියාවේ සොකොයියා ජාතික උද්‍යානයේ උමං මඟකි


    bdI6Kon.jpg

    බ්රූනෝ කැටලානෝ මුර්ති ශිල්පියාගේ මේ මූර්තිය ප‍්‍රංශයෙනි.


    BFMGy6P.jpg

    ලොව දීර්ඝතම වාහන තදබදය. චීනයෙනි. දිග කිලෝමීටර් 262කි


    CRRqR1r.jpg

    පැරිසියේ පරිගණක කඩයකි. මෙහි බිම සැබවින්ම වළගොඩලි රහිතය.


    57KnFoO.jpg

    ඇමෙරිකාවේ ඔරිගන්හි කේප් පර්පෙචුආ පෙදෙසේ මේ කළුවර ආවාටය වඩදියේ රිදී වන් ජල කඳෙන් මෙසේ බැබලෙයි


    7LUsK7h.jpg

    ඇමෙරිකාවේ බෆෝඩ් නුවර ජීවත්වනුයේ එක් මිනිසකු පමණි. ඔහු එහි නගරාධිපතිද නගරය පිරිසිදු කරන්නා ද වෙයි.


    xBWzUt1.jpg

    රුසියාවේ ලෙනා ගඟයි. මහා ගඟ යනු තේරුමයි. දිග කිලෝමීටර් 4300කි. නැගෙනහිර සයිබීරියාවේ බයිකල් විල අසලින් පටන් ගනී. කේම්බි‍්‍රයන් යුගයේ පාෂාණ ශේෂ දැකිය හැකිය. රුසියාවේ දිගම ගඟයි.


    pQASnHH.jpg

    දකුණු කොරියාවේ සෝල් අගනුවර බන්ජෝ පාලමයි


    8ihrkQL.jpg

    බ‍්‍රසීලයේ ඇති නැති පරතරය


    1SE6AfS.jpg

    ඉන්දියා සාගරයේ ලාමු දූපත


    g9ATzSw.jpg

    මෙවැනි භූ විද්‍යා දර්ශන චීනයේ ගන්සූ පළාතයේ ෂැංග්යේ ප‍්‍රදේශයේ දී දැක ගත හැකියි. රතු හුණුගල් හා වෙනත් පාෂාණ වසර කෝටි ගණනක් තිස්සේ මුසු වීමෙන් මේ අරුම පුදුම ලක්‍ෂණ පහළ වී තිබේ.


    Hwwafrr.jpg

    අමෙරිකාවේ මොන්ටානාහි ජලය බෙහෙවින්ම විනිවිඳ පෙනේ. මේ විලේ ජලය නොගැඹුරුයැයි මේ අනුව පෙනෙතත් එය ඉතා ගැඹුරුය.


    pW2u41f.jpg

    ප‍්‍රංශයේ මෙයාර්හි ප‍්‍රදීපාගාරයයි.


    MCQIQ5l.jpg

    ඩුබායි අහස සිප ගන්නා අඩසඳ කුළුන


    qPjpy1A.jpg

    ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර මීදුම් සේලය


    Ump4htJ.jpg

    ජර්මනියේ මැග්ඩෙබර්ග් පැන්නුම් ගඟ. (ගඟක් උඩ ගඟක්)



    ගත්තේ මෙතනින්
    http://sathsamudura.blogspot.ca/