ලෝකයේ තියෙන අමුතුම කෑම වර්ග 10

1NAPOLION

Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    ලෝකයේ තියෙන අමුතුම කෑම වර්ග 10

    Home



    සර්ප වයින්

    snake%2Bwine.jpg


    ගිණිකොන දිග ආසියානු රටවල් වල ජනප්‍රිය වයින් වර්ගයක් තමයි සර්ප වයින් කියන්නේ. මේවා හදන්නේ හාල් වලින් හදන වයින් වලට සර්පයින් හෝ සර්ප ලේ වගේ සර්පයින්ගේ කොටස් දැමීමෙනුයි. චීනයේ සහ වියට්නාමයේ අය විශ්වාස කරනවා මේ වයින් වලට රෝග සුව කිරීමේ හැකියාව තියනවා කියලයි.

    චීනයේ ශතවර්ෂ බිත්තර
    centry%2Begg.jpg


    බිත්තර ශතවර්ෂ බිත්තර බවට පත් කරගන්නේ විශේෂ මැටි වර්ගයක්, අළු හා හුණු විශේෂයක් තුල මාස ගණනක් තැබීමෙනි. මෙසේ තැබීමෙන් බ්ත්තර කහ මදය තද කළු හෝ තද කොළ පැහැයකට පත්වන අතර සුදු මදය තද දුඹුරු පැහැති ජෙලි වර්ගයක් බවට පත් වේ. මෙම බිත්තර පරණ වීම නිසා අධික දුර්ගන්ධයකින් යුක්ත වුවත් රසය තදින් තම්බාගත් බිත්තර යක හා සමානය.

    මකුළු බැදුම
    spider.jpg



    කාම්බෝජයේ Skuon ප්‍රදේශයේ ඉතා ජනප්‍රිය ආහාරයකි. සුදු ලූණු, ලුණු, සීනි සමග මේ මකුළු විශේෂය බැදගැනීමෙන් මෙය සකසා ගනී. මෙම මකුළුවාගේ බිත්තර, අසූචි හෝ බඩවැල් කිසිවක් ඉවත්නොකර පිස ගැනිම විශේෂයකි.

    පිලිපීනයේ Balut තාරා බිත්තර
    bullet.jpg



    තරා බිත්තරයක් තුල ඇති වර්ධනය වන තාරා කලලයක් පණ පිටින් තම්බා ගැනීමෙන් මෙම ආහාරය සාදා ගනී. පිලිපීනයේ මාර්ග අද්දර බහුලව විකිණීමට තබා ඇති මෙම බිත්තර, බියර් සමග ආහාරයට ගැනිමට එහි මිනිසුන් රුචිකත්වයක් දක්වයි.

    තණකොලපෙත්තෝ
    grasshoppers.jpg


    ලෝකයේ රටවල් කීපයකම ඉතා ජනප්‍රිය ප්‍රෝටීන් බහුල ආහාරයක් වන මෙය ආසියාවේ මාර්ග අද්දරදී මිලදී ගන්න පුළුවන්. මේවා මෙක්සිකෝව වැනි රටවලත් ජනප්‍රිය ආහාරයක්.

    කොරියාවේ Beondegi පණුවෝ
    bunji.jpg



    පටපණු විශේෂයක් තම්බාගෙන අවශ්‍ය පරිදි තුළුබඩු එක්කර සදා ගන්නා ජනප්‍රිය අහාරයකි. කොරියාවේ මාර්ග අසල වෙළදුන්ගෙන් මිලදී ගන්න පුළුවන් මේවා ලී කෑල්ලක් කනවා හා සමාන රසයකින් යුක්තයි.

    Kopi Luwak කෝපි
    cofee.jpg



    Kopi Luwak කියන්නේ ලෝකේ මිල අධිකම කෝපි වර්ගයක්. මෙය නිපදවන්නේ ඉන්දුනීසියාවේ යි. Civets නම් බළල් කුලයට අයත් සත්ව විශේෂය කෝපි අහාරයට ගෙන පසුව බැහැර කරන අසුචි වල ඇති කෝපි ඇට වලින් මේවා සාදා ගනි. මෙම කෝපි කිලෝවක මිල රුපියල් 90 000ක් පමණ වේ.

    ජපානයේ Fugu මසුන්
    Fugu.jpg



    මේවා ආහාරය ගන්නවා කියන්නේ ජීවිතය අනතුරට දමාගැනීමක්. එසේ වන්නේ මෙම මාළුවාගේ ඇති විෂ සහිත කොටස් නිවැරදිව ඉවත් නොකර මේවා ආහාරයට ගැනීමෙන් මරණය පවා අත්විය හැකි නිසයි. 2000 වසරේ සිට මේවන විට ජපානයේ 20 දෙනෙක් පමණ මේවා ආහාරයට ගැනීමෙන් මරණයට පත්වී තිබෙනවා.
    .
    මීයෝ
    fried-rat.jpg



    ලෝකයේ බොහෝ රටවල මීයන් ආහාරයට ගන්නවා. වියට්නාමය, මලාවි, කෙන්යාව වැනි රටවල මීයන් බැද ගැනීමෙන්, වේලාගැනීමෙන් හෝ ලුණු දැමීමෙන් ආහාරයක් ලෙස සකස්කර ගනී

    කුරුළු කැදලි සුප් .
    soup.jpg


    සියවස් ගණනාවක අතීතයේ සිට චීන ජාතිකයන් කෙල වලින් කූඩු නිර්මාණය කරන වැහිලිහිණියන් වැනි කුරුල්ලන්ගේ කූඩු වලින් සුප් වර්ග සදා ගෙන ඇත. මෙවැනි කුරුළු විශේෂ ගණනාවක කූඩු වලින් සුප් වර්ග සාදා ගන්නා අතර මේවා ලෝකයේ ඉතා මිල අධික ආහාරයකි. රතු කූඩු වලින් සාදන ලද සුප් කෝප්පයක් රුපියල් ලක්ෂ 13ක් පමණ මිල වෙනවා.
    - See more at: http://srilife.lk/topics/foods/ලෝකයේ-තියෙන-අමුතුම-කෑම-වර්ග-10#sthash.YDN5sVeE.dpuf
     
    Last edited: