ලෝකයේ දිගම

mudantha

Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    ලෝකයේ දිගම සෝවියට් රුසියාවේ “මහා සයිබීරියානු දුම්රිය මාර්ගය “හා බයිකාල් විල ගැන පොඩි විස්තරයක්.
    1891 සිට 1916 දක්වා වර්ෂ 25ක් තුල රුසියාවේ මොස්කව් නුවර සිට රුසියාවේ වියාඩිවොස්ටොක් දක්වා කිලෝමීටර 9289 ක දුරකට ඉදිවුනු සයිබීරියානු දුම්රිය මාර්ගය ලොව මෙතෙක් නිමවූ දිගම දුම්රිය මාර්ගය වේ.

    784px-Prokudin-Gorskii-25.jpg



    මෙම මාර්ගයට මොන්ගෝලියාව,චීන
    ය,ජපානය හා උතුරු කොරියාව යන රට වලට සම්බන්දක මාර්ග ඉදිකර ඇත.මෙහි දෛනිකව දුම්රිය ගමන් කරන අතර ප්‍රමාදයකින් තොරවුවහොත් පැය 140 කින් (~දවස් 7ක්) කාලයකින් ගම්න නිමාවේ.
    ලෝකයේ ඇති දුෂ්කරම හා සුන්දරම දුම්රිය මාර්ගයක් තමයි සයිබීරියානු දුම්රිය මාර්ගය.මෙම දුම්රිය ගමන් කරන්නේ

    ලොව විශාලතම විල වන බයිකාල් විල අසලිනි.

    12400586_1246423158708389_6259029381503791571_n.jpg


    12592563_1246423258708379_8687284056708996304_n.jpg



    බයිකාල් විල ලොව ඇති ගැඹුරුම විලය. මෙය රුසියාවේ සයිබීරියා පුදේශය ආශ්‍රිතව රිෆ්ට් නිම්නයේ පිහිටා ඇත. එමෙන්ම බයිකාල් විල ලොකයේ පැරණිතම විල් වලින් එකකි. දල වශයෙන් බයිකාල් විල වසර මිලියන 25-30 අතර කලක් පැරණිය. ලොකයේ ඇති පිරිසිදු ජලයෙන් දළ වශයෙන් 20% ක්, බයිකාල් විලේ අඩංගු වෙයි. මෙය ලොකයේ පිරිසිදුම ජලය අඩංගු ලොකුම විලද වේ.
    බයිකාල් විල වර්ගකිලෝමීටර් 31,722ක පමණ ප්‍රදේශයක් පුරා අඩ සඳක ආකාරයට දිගට පැතිර පවති. මෙහි සාමාන්‍යය ගැඹුර මීටර් 744 ක් පමණ වේ. ගැඹුරුම ස්ථානයේ ගැඹුර 1,741 ක් වේ. බයිකාල් විලේ දිග 636 Kmද, පලල 79 Kmද වේ. මෙහි ජලය ඝන කිලෝමීටර් 23,615, අඩංගු වේ. බයිකාල් විලේ වෙර‍ළේ දිග 2100Km වේ. බයිකාල් විල වටාම පිහිටා ඇත්තේ කඳුය. ගංඟා 330ක් පමණ බයිකාල් විල තුලට ජලය ගෙන එයි. නමුත් විලේ සිට ජලය පිටට ගෙන යනු ලබන්නේ ඇන්ගරා ගඟ මගිනි.
    බයිකාල් විල සත්ව හා ශාක කොට්ඨාශ 1,700කට වඩා ප්‍රමණයකට නිවහනක් වී ඇත. මෙය 1996 දී යුනිස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. බයිකාල් විලේ නැගෙනහිර ආශ්‍රිතව බුර්යට් ගෝත්‍රය වාසය කරයි. බයිකාල් විල ආශ්‍රිත ප්‍රදේශයේ උස්ණත්වය සීත සෘතුවේදි සෙල්සියස් අංශක -19ත් ග්‍රීස්ම සෘතුවේදි සෙල්සියස් අංශක 14ත් අතර විචලනය වෙයි.

    12523896_1246423672041671_6505489586564731279_n.jpg


    12400894_1246423205375051_5264378814532201617_n.jpg


    12565464_1246423188708386_5170887787970404077_n.jpg


    12573694_1246423202041718_6610500622742384022_n.jpg


    1935037_1246423225375049_9125626259744667486_n.jpg






     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    Baikal loke tiyana lokuma wila nemai...lokuma wila caspian sea eka.. :D

    anith eka japan welata connect wenne na me railway eka..

    mongolia or china wela rail track eka wenas me siberian line ekata wada..eka nisa train eke roda maaru kerenawa eka tanakadi train ekama ussala..
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    Baikal loke tiyana lokuma wila nemai...lokuma wila caspian sea eka.. :D

    anith eka japan welata connect wenne na me railway eka..

    mongolia or china wela rail track eka wenas me siberian line ekata wada..eka nisa train eke roda maaru kerenawa eka tanakadi train ekama ussala..

    මෙම මාර්ගයට මොන්ගෝලියාව,චීනය,ජපානය හා උතුරු කොරියාව යන රට වලට සම්බන්දක මාර්ග ඉදිකර ඇත
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මෙම මාර්ගයට මොන්ගෝලියාව,චීනය,ජපානය හා උතුරු කොරියාව යන රට වලට සම්බන්දක මාර්ග ඉදිකර ඇත

    ko mata railway line eka pennana ehenam..