ලෝකයේ පරණම බෝතල් පණිවුඩය
ලියුම්, Post Card තැපෑලෙන් එන්න සාමාන්‍යයෙන් දවස් දෙක තුනක් යනවනේ. හැබැයි අවුරුද 100කට කලින් එවපු Post Card එකක් හමබ වුනේ අදයි. ඒකත් ආවේ තැපෑලෙන් නෙවෙයි. මුහුදෙ තිබිලා හම්බ වුන බෝතලේකින්. මේ තමයි බෝතලයක තබිලා හම්බ වුණ ලෝකයේ පරණම පණිවුඩය.
"අද පාන්දර කැප්ටන් කොන්රඞ් එයාගේ බෝට්ටුවෙන් ගෝලයොත් එක්ක මුහුදු ගියා. බෝල්ටික් මුහුදේ ටික දුරක් ගිහින් එලපු දැලේ පැටලූනු වයින් බෝතලයක් කැප්ටන් කොන්රඞ්ට හම්බවුණා.
බැලූ බැල්මට හිස් වගේ පෙනුනට මූඩිය ඇරලා බලද්දි ඒක ඇතුලේ Post Card එකක් තියෙනවා කොන්රඞ් දැක්කා. Post Card එක එළියට අරගෙන බලද්දි ඒකේ ලියලා තිබුණු දේ දැක්කම කොන්රඞ් හොදටම බය වුණා. මොකද ඒ Post Card එක 1913 මැයි මාසේ 17 ලියපු එකක්. අත්සන් කරලා තිබුණේ රිචඞ් ප්ලාටස් කියලා කෙනෙක්. ඔහු ඩෙන්මාර්කයේ ඉදලා ජර්මනියේ තමන්ගේ නිවසට එවපු පණිවුඩයක් තමයි මේ Post Card එකේ තිබුනේ. " හැබැයි තැපැල් පෙට්ටියට දාන්න ඕන Post Card එක බෝතලේකට දැම්ම හේතුව නම් හොයා ගන්න බැරි වුණා. ඒත් පළවෙනි ලෝක යුද්ධ කාලේ ගොඩක් අය මේ විදිහටම ලියුම්, Post Card බෝතල් වලට දාලා මුහුදේ පාකරලා තියෙනවා. ඒවා අවුරුදු ගාණකට පස්සේ හම්බ වුණ අවස්ථා මීට කලින් අපිට ඇහිලා තියෙනවනෙ.
ගිනස් වාර්ථා පොතේ තියෙන විදිහට මෙහෙම බෝතලයක තිබිලා හම්බ වුණ පරණම පණිවුඩය වෙන්නේ 2012 අවුරුද්දේ හම්බ වුන අවුරුද 97ක් පරණ Post Card එකක්. හැබැයි මේ කියන විදිහට ඒ වාර්ථාව වෙනස් කරන්න ගිනස් පොතේ අයට සිද්ධ වෙන පාටයි. මේ කතාව ඇහුවම වහින වෙලාවට කඩදාසි බෝට්ටුවක්වත් හදලා යැවුවෙ නැතත් Post Card එකක් බෝතලේකට දාලා මුහුදේ පා කරන්න ඔබටත් හිතුනා නේද ?