එකපාරක් මම කම්මලි හිතිලා බෝධියක් ගාවට ගියා.නිකන් ගියේ.බෝ ගහ යට සෙවනක් තියෙන නිසා රිලැක්ස් වෙනව.නිකන් වතුර අරගෙන රතු කලේකට බෝධිය වටේ හල හලා හිටියා.පස්සේ එතන තියෙන බුදු ගේ ලන්නග වාඩි වෙලා ෆොන් එකෙන් සින්ංදුවක් අහගෙන හිටියා.ඒ වෙලාවේ බෝධියේ මම විතරයි .කවුරුත් නෑ.ටික වෙලාවකින් කෙල්ලො දෙන්නෙක් අම්මා එක්ක ආවා.එයාලත් බෝධි පූජාවක් කරනන් එන්න ඇත්තේ. පැය බාගයක් විතර ගියාම මම දන්න ත්රී විල් දුවන එකෙක් ආ ඩොක්ට කොහොම්ද කියලා කතා කරගෙන ඇවිල්ලා ඩොක්ටර් ලෝකයේ බලවතා කියන්නේ අර හමුදුරුවො කියලා මට කීවා.මට තේරුන මූ මාව ස්පයි කරන්න දාලා ඒ සාදුම මූව මගේ ගාවට එවලා තියෙන්නේ.ඒ සාදු ප්රසිද්ද එකෙක්.සාසනෙන් සල්ලි ගරපු එකෙක්.මම ඒ සාදුව හම්බ වෙලා නෑ.මම එයාගෙන් ඇහුවා ඔයා ඒ සාදුව හම්බ වෙලා තියෙනවද කියලා.පොර කීවා නෑ කියලා.එහෙනම් මොන මගුලකටද ඕක මට කියන්න ආවේ මිනිහම එව්වා නේද කියලා මම හිනාවෙලා ගෙදර ආවා.