මිනිස්සු මුලින්ම හිතන් හිටියේ ලොකය තැටියක් වගේ රොටියක් කියලා. ගොඩක් ආගම් වලත් සඳහන් උනේ එහෙමයි. ගොඩක් මිනිස්සුන්ට හිතන්න තරම් බුද්ධියක් තිබ්බේ නෑ. ඒ නිසාම ආගමේ නාමයෙන්, ඒවට විරුද්ධව තර්ක විතර්ක ගෙන විද්‍යාඥයින්ගෙන් පවා පලි අරගෙන තියෙනවා. ඊට පස්සේ කාලයත් එක්ක නූතන විද්‍යාවෙන් හඳ, සෞරග්‍රහ මණ්ඩල මන්දාකිනි වගේ වචන එලියට එන්න ගන්නවා. දැන් දැන් පෘතුවියට සමාන ග්‍රහලෝක ඒවායි මේවායි කියලා හම්බෙන්න අරගෙන. අනාගතයේ තව කීයක් නම් හොයා ගනීද. තව මන්දාකිනි කීයකට අපි නම් තියාවිද කියලා බලන්න වෙන්නේ අනාගතයේදිම තමයි. හැබැයි පෘතුවිය තැටියක්ය ෆැල්ට්ය රොටියක්ය යැයි කියන කරුනේ අසත්‍යතාවය නූතන විද්‍යාවෙන්ද ඔප්පු කරලා ගොඩක් කල්. ඉස්සර කාලේ ආගම් නාමයෙන් මිනිමරාගත්තු එවුන් පවා නොදැන හිටියට, දැන් මොන්ටිසෝරි යන දරුවෙක් පවා දන්නවා පෘතුවිය ගෝලාකාර බව.
මේක මම කියපු කාරනාව එක්ක අදාළ වෙන්නේ කොහොමද?
මාව quote කරලා තියෙන නිසා ඇහුවේ.
අනිත් එක මාව quote කරපු එකේ මම කැමති කොහෙද ඔහොම "ලෝකය පැතලියි" කියල තියෙන්නේ කියල අහන්න...

පුලුවන්නම් ඔහොම "මේ අපි ජීවත් වෙන ලෝකය පැතලියි" කියල භූ විද්යාත්මක කරුණක් විදිහට යම් කිසි ආගමක කෙලින්ම සදහන් වෙනවනම් මූලාශ්‍ර දාන්න..ඒ කියන්නේ දැන් පෘතුවි තලය, අහස් තලය වගේ භාෂාවේ යෙදුම් හරවල පැතලියි කියල කියන්නේ නැතුව,
ඒ ආගමෙන් නිශ්චිත කරුණක් විදිහට මෙහෙම "පෘතුවිය පැතලියි" කියල තියෙනවද? 
ඉතින් එහෙම ඇති වෙමින් නැති වුනානම්, ඒ කියන්නේ පරිනාමනය කියන්නේ නොකඩවා සිද්ද වෙන දෙයක් නේ? 
ඇයි එහෙනම් විද්‍යාත්මකව අපිට පෘතුවියේ මුල් යුගයේ ඒ වගේ දියුණු මනුස්ස ජීවයක් පැවතුනා කියල සාක්ෂි නැත්තේ? 
මා ජීවය ඇති වෙමින් පැවතියා කීවේ මේ මුලු මන්දාකිනියම නොහොත් බුදු වදනින් සහස්‍රී ලෝක දාතුවම ඇතිවෙමින් නැතිවෙමින් පැවතියා .ඉතින් මේ ග්‍රහලොව ගැන කුමන කතාද ?

වරදිනකොට සාහිත්‍ය හරියනකොට ප්‍රාතිහාර්ය