ලෝකයේ විශාලම මාoසල ශාකය ගැනයි මේ....

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    ලෝකයේ විශාලම මාoසල ශාකය ගැනයි මේ....

    [FONT=&quot]විශේෂ හැඩයක් ඇති මෙම අපූර්ව ශාකය බයෝබැබ් වේ. බයෝබැබ් ගස කප්රැකක් ලෙසද හැදින්විය හැක. එයට හේතුව එහි මුලේ සිට කොළය දක්වා සියලුම දේ ආහාර නිෂ්පාදනය හා වෙනත් නිෂ්පාදන[/FONT][FONT=&quot]සදහා යොදා ගැනීමයි. ශ්‍රී ලංකාවේ මන්නාරමේද මෙම ගසක් ඇති අතර මෙරටට පැමිණි අරාබි වෙළදුන් එය රෝපණය කළ බව විශ්වාස කෙරේ.
    [/FONT]

    tree.jpg
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]බයෝබැබ් ශාකයේ ඵල හටගන්නේ වසර 20ක් පමණ ගතවීමෙනි. මෙම ශාකයේ අතුවල ගෙඩි හට ගන්නා අතර ඒවා ඉහළ පෝෂ්‍ය පදාර්ථ සහිත පළතුරකි. මෙම ගෙඩියේ මදය තුළ ඇති “පුඅයි“ ලෙස හදුන්වන පළතුර ඉතා ඝනකම්ය. ගසට නැගීමෙන් හෝ රිටි මගින් එක් පුද්ගලයෙක්ට දිනකට කි.ග්‍රෑ. 50-100 ප්‍රමාණයක බර ගෙඩි කැඩීමේ හැකියාව ඇත. පලතුර හා ඇට වියළා කොටා ගැනීමෙන් පාන වර්ග, ධාන්‍ය ආහාර, චොක්ලට් නිෂ්පාදනය කරයි. වියළි පලතුරේ පිටි තුළ 12%ක් පමණ ජලය ඇති අතර කාබෝහයිඩ්‍රේට්, යකඩ, තන්තු, මැග්නීසියම්, පොටෑසියම්, විටමින් සී ඇත.[/FONT]


    [FONT=&quot]
    baobab_3155909b.jpg
    [/FONT]
    [FONT=&quot]අතීතයේ සිට බයෝබැබ් ගසෙහි සෑම කොටසක්ම ආහාරයක්, නිර්මාණ සදහා අවශ්‍ය ලීයක්, සම ආරක්ෂක ආලේපයක්, ඖෂධයක් ලෙස යොදාගෙන ඇත. කදේ කොටස් මගින් කඹ සැකසිය හැක.[/FONT]

    [FONT=&quot]ඇතැම් බයෝබැබ් ගස්වලට වසර 6000ක් පමණ ජීවත් විය හැක. මෙම ගසේ කදෙහි වර්ධක වළලු නැත. ගසෙහි උස අඩි 100ක් පමණවේ. ගසේ කද මගින් වර්ෂා ජලය ලීටර් 120,000+ ක ප්‍රමාණයක් රදවා ගත හැක. බොහෝ සත්තු ජලය සොයා මෙම ගස වෙත පැමිණෙන බැවින් බෝතල් ගස, උඩුයටිකුරැ ගස, වදුරැ දෙල් ගස ලෙසද හදුන්වයි.

    [/FONT]
    [FONT=&quot]අප්‍රිකාව තුළ සිදුවූ වනාන්තර විනාශය මෙම ශාක ගහනයේ අඩුවීමට බලපා ඇත. ලෝක වන සත්ව අරමුදලට ආධාර පිණිස 2015 වර්ෂයේ නිකුත් කළ පුංශ ෆ්‍රෑන්ක් 100 කාසියේ මෙම ගස දැකිය හැක.
    [/FONT]

    images.jpg




    [FONT=&quot]උපුටා ගැනීම - විජය පුවත්පත[/FONT]
    [FONT=&quot]විද්‍යා හා තාක්ෂණ නිළධාරි, මාවනැල්ල[/FONT]
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591
    113
    මන්නාරමේ තියනව මේ ගස් ඒත් අපේ දේශගුනය අනුව ඔයවගේ උස යන්නෙ නැහැ

    800px-Mannar_Bio_bab.jpg

    මන්නාරම බයෝබැබ් ගස​

    අරාබි වෙළෙන්දන් විසින් ශ්‍රී ලංකාවට බයෝබැබ් ගස (අලි ගස) ගෙන එන්නට ඇතැයි විශ්වාස කෙරේ. 2003 වසරේ සිදුකරන ලද සමීක්ෂණයකට අනූව මෙරට අලි ගස් 40ක් පමණ තිබෙන අතර, ඉන් 34 පමණ මන්නාරමේ පිහිටයි. මින් පල්ලිමුනේ පිහිටා තිබෙන අලිගස වර්ෂ 800ක් පමණ පැරණි යැයි විශ්වාස කෙරේ. වර්ථමානයේ මෙය පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් වශයෙන් නම්කර තිබේ
     

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    ela visthare bro.....thawa chuttak add karannam.......lankawe mewargaye trees 300 vithara thiyenawa, mahathama eka thiyenne mannar town eke, oya hari. puttalame, delft island eke aaye yhiyenne, arabsla thmai lanakwatagenalla thiyenne.