ලෝකයේ විශිෂ්ටතම අධ්‍යාපන ක්‍රමය

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    ලෝකයේ විශිෂ්ටතම අධ්‍යාපන ක්‍රමය ඇත්තේ Scandinavian රටවල ය. එම රටවල අධ්‍යාපන ක්‍රමය අනුගමනය කරන්නේ පින්ලන්තයේ අධ්‍යාපන රටාවයි. ස්විඩනයෙ ද ඇත්තේ එම අධ්‍යාපන රටාවයි..
    දරුවකු පාසලකට ඇතුළත් වන්නේ වයස අවුරුදු 7 සම්පූර්ණ වූ පසුවයි අවුරුදු 1 සිට 7 දක්වා දරුවන් පෙරපාසලේ කාලය ගත කරති
    අපේ රටවල මෙන් වයස අවුරුදු 1 1/2 දී ක්‍රීඩා පාසල් (Play School), අවුරුදු 2 1/2 දී නිදහස් බාලාංශය (Free K.G.), අවුරුදු 3 දී ප්‍රාථමික බාලාංශය (L.K.G.), අවුරුදු 4 දී ඉහළ බාලාංශය (U.K.G.) ආදී වශයෙන්ම දරුවන්ට දරුණු වධ දීමක් ස්විඩනයෙ දක්නට නැත.
    මවගේ ගර්භාෂයෙන් පිටතට පැමිණි වහාම දුව ගොස් පන්ති කාමරයක වාඩිවීමේ හදිසියක් හෝ අවස්ථාවක් මෙහි දරුවන්ට නැත.
    නින්දෙන් තොර වූ සෑම මොහොතකම දරුවෙකු ඉගෙනීමක් ලබයි. කඩිසරව ක්‍රියාත්මක වන දරුවාගේ කුඩා මොළය, තම පරිසරයේ දක්නට ලැබෙන සෑම චලනයකින්ම සෑම ශබ්දයකින්ම යමක් ඉගෙන ගනී. ගසකින් කොළයක් බිම වැටීම, කුඩා බීජයකින් පැළයක් හටගැනීම, සංගීතයෙන් බිහිවන ශබ්දය හා පක්‍ෂීන් පියාසර කිරීම දියෙ පීනන මාළුවන් වැනි දේවල්වලින් ද දරුවෙක් යමක් ඉගෙන ගනී.එලෙස ඉගෙනීමට අවස්ථාවක් ලබා නොදී දරුවා නමැති මුල උදුරා ඔවුන්ව පන්ති කාමරවල ගාල් කිරීමෙන්
    දරුවන්ගේ දැනුම වැඩිවෙනු ඇතැයි සිතීම ඉතාම සාවද්‍ය විශ්වාසයකි.
    පෙර පාසැල සහ 1-9 දක්වා දරුවන් ඉගෙන ගත යුත්තේ නිවසට ළඟම පාසලේය. මේ දරුවන් අනිවාර්යයෙන්ම පාසල වෙත පයින් යා යුතුමය. අසනීප තත්වයක් වැනි විශේෂිත වූ අවස්ථාවක හැර අව්ව , වැස්ස , සීතල , හිම යන කුමන කාලගුණික තත්වයක් යටතේ වුවද උදේ තම නිවසේ සිට පාසලටත් සවස පාසලේ සිට නිවසටත් පයින්ම ආ යුතුය. එය නීතියකි. දරුවන් නිවස ආසන්නයේ පාසලට ඇතුළු කළ යුතුය කෙසේ වෙතත් කිසිම හේතුවකින් දුර පාසලකට දරුවා ඇතුල් කළ නොහැක.
    සාමූහිකව දරුවන් නිවසේ සිට පයින් ගමන් කිරීමේදී ඉගෙනීමට අමතරව ජීවිතයට බොහෝ දේ එකතු කරගන්නා ආකාරයක් දැකිය හැකිය. ඕනෑම කාලගුණික තත්වයකට ඔරොත්තු දීමේ හැකියාව...පයින් යාම ශරීර සෞඛ්‍යයට ව්‍යායාමයක් වීම පයින් යන විට යන එන පාර අවට ඇති ගස් කොළන් සතා සිවුපාවන් දැකීම ,එක් එක් කාලවල්දී ගස්කොළන් වල පවා සිදුවන වෙනස් කම් වැනි දෑ වල ඇස නිරන්තරයෙන් ගැටීම නිසා පරිසරය ගැන අවබෝධයක් ලැබීම. යහළුවන් සමග කණ්ඩායම් වශයෙන් ඇවිද ගෙන යාමේදී එකමුතුකම ඇති වීමට හුරු වීම වෙනි බොහෝ දෑ හුරු වෙ.
    අවුරුදු 7දි පාසලට ඇතුළත් වන දරුවා ඊළඟ අවුරුදු තුනක කාලය තුළ, පාසලට යන්නේ අවුරුදදෙන් මාස හයක් පමණි. අවුරුද්දේ ඊළඟ මාස හයම ඔහුට නිවාඩු කාලයකි.දිනපතාම පාසලෙහි ඉගෙනුම් කටයුතු කෙරෙන්නේ ද සීමිත පැය කීපයක් පමණි. ඒ සීමිත කාලය තුළ පවා අධ්‍යාපනයට ලබාදෙන කාලය හා සමාන කාලයක් සංගීතය, චිත්‍ර හා ක්‍රීඩාවලට වෙන් කෙරේ.
    සෑම පාසලකම විවේක කාමර ඇත. ඉගෙනීමට කැමැත්තක් (රුචියක්) නොදක්වන හා විඩාවට පත්වන දරුවන් එම විවේක කාමරවලට ගොස් විවේක සුවය ලබාගත හැකිය.
    විශේෂයෙන් දරුවන්ගේ වයස 13 වන තෙක් ප්‍රාථමික හා ද්විතියීක ලෙස ඔවුන්ගේ පන්ති බෙදීම සිදු කෙරේ. ශ්‍රී ලංකාවේ මෙන් දරුවන්ට ප්‍රගති වාර්තා නැත. ඒ වා මව්පියන්ට ලබාදී ඔවුන්ගේ අත්සන් ලබාගැනීමේ ක්‍රමයක් ද ක්‍රියාත්මක නොවේ.තම දරුවාගේ අධ්‍යාපන තත්ත්වය පිළිබඳ දැන ගැනීමට අවශ්‍ය වූ මව්පියකුට ඒ සඳහා පුද්ගලිකව ඉල්ලුම් කර තනිවම වෙලාවක් තීරණය කරගෙන පාසලට ගොස් පාසල් වේලාවෙන් පසු අදාල ගුරුවරුන් හමුවිය හැක . අධ්‍යාපනයෙහි තරගයක් නොපවතින බැවින් විභාගවලදී තමන් උපරිම ලකුණු ලබාගත යුතුය යන සිත් තැවුලක් මෙම රටවල ශිෂ්‍යයන්ට නැත.
    අනෙකුත් ශිෂ්‍යයන් තමන්ගේ තරගකාරයන් ලෙස දැකීමේ සිරිතක් මේ ශිෂ්‍යයන් අතර නැත. ශිෂ්‍යයන්ට ‘ගෙදර වැඩක්’ දෙනු ලබන්නේ ද නැත. ශිෂ්‍යයන් කැමති විෂයක් තෝරා ඒ විෂයෙන් ඔවුන්ට අවශ්‍ය නම් ගෙදර වැඩ කළ හැකිය. එය ද අනිවාර්ය නොවේ.
    එක් පාසලකට ගන්නා ශිෂ්‍යයන්ගේ උපරිම ගණන 600 කි. ස්විඩනයෙ පුද්ගලික පාසල් නැත. අධ්‍යාපනය මුළුමනින්ම රජය සතුය.
    ශිෂ්‍යයන් සියලු දෙනාටම සම තත්ත්වයක අධ්‍යාපනක් ලබාදීම රජයේ වගකීමකි. එබැවින් ශිෂ්‍යයෝ 99%ක්ම සුඛෝපභෝගී අධ්‍යාපනයේ නිරත වෙති. එයින් 94%ක් උසස් අධ්‍යපනය කරා යති. ටියුෂන් (අමතර පන්ති) නමැති අශික්ෂිත සංස්කෘතිය මෙම රටවල හඳුන්වා දී නැත.විභාග සමත්වීමේ පදනමකින් තොරවූ මෙවැනි අධ්‍යාපනයක් ලබන මෙ රටේ ශිෂ්‍යයෝ ජාත්‍යන්තර මට්ටමින් පවත්වනු ලබන විභාගවලදී වැඩියෙන්ම ලකුණු ලබා උසස් ප්‍රතිඵල ලබාගනිති.අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙවැනි ජයග්‍රහණයක් ලබාගන්නේ කෙසේ ද?
    මෙවැනි අධ්‍යාපන ක්‍රමයේ ජයග්‍රහණ පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ සිටින අධ්‍යාපනඥයෝ පුදුමයට පත් වී සිටිති. මෙම විප්ලවයට හේතු සොයන්නට ඔවුහූ පෙලඹෙමින් සිටිති. එහෙත් එක්සත් ජාතීන්ගේ සමුළුව (UNO) විසින් ඒ සඳහා පර්‌යේෂණ රාශියක් පවත්වා ඊට හේතූන් සොයාගෙන ඇත.
    ලෝකයේ සිටින දරුවන්ගෙන් ඉතාමත් සතුටින් කල් ගෙවන අය පිළිබඳව වාර්ෂිකව පර්‌යේෂණයක් පවත්වා එය ලැයිස්තු ගත කර ඇත. එම ලැයිස්තුවේ කවදත් මුල් තැන ලබා ඇත්තේ ෆින්ලන්ත අධ්‍යපන ක්‍රමයයි
    ඉතාමත් සතුටින් කල් ගෙවිය හැකි පරිසරයක ජීවත්වන දරුවෝ විවිධාකාර දැනුමක් ලබාගැනීමට උද්‌යෝගයක් දක්වති. ෆින්ලන්තයේ ආභාෂයෙන් දක්නට ලැබෙන මෙම අධ්‍යාපන ක්‍රමය පිළිබඳව දැනුම්වත් වීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් සිටින විද්වත්හු හා අධ්‍යාපනඥයෝ ඒ රටේ සංචාරය කරති. සමහරු එම රටවල සංචාරය කර ලබා ගන්නා දැනුම තම රටවලට ගෙනගොස් ක්‍රියාත්මක වන්නේදැයි යන්න ගැටලුවකි..
    -උපුටාගැනීමකි.
    243000980_1946391348861781_5456905766557138378_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,794
    113
    අපේ රට හදන්න ආපු එකාගේ පුතා අපේ රටේ නැත. පුතාගෙ පුතාද අපේ රටේ නැත. සියළුම දේ පිටරටය එනමුත් හරකා බාන හෙළ යඛ්ඛහ් පුරේය. ඕවා කියව කියව හූල්ල හූල්ල ඉඳපල්ලා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    අපේ රට හදන්න ආපු එකාගේ පුතා අපේ රටේ නැත. පුතාගෙ පුතාද අපේ රටේ නැත. සියළුම දේ පිටරටය එනමුත් හරකා බාන හෙළ යඛ්ඛහ් පුරේය. ඕවා කියව කියව හූල්ල හූල්ල ඉඳපල්ලා.

    රටේ කාලකණ්ණි මෝඩ මිනිස්සු තමයි රට වල පල්ලට ගෙනියන්නේ.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ වගේ ලගම ඉස්කොලේ මේ වගේ හොද තත්වෙකට ගේන්න අපේ රටට කොයි තරම් මුදලක් යයිද?

    අපේ රටේ ගම් තියෙන විදියට නෙවේ ඉස්කෝල පිහිටලා තියෙන්නේ සමහර පැති වල හැතැම්ම 20ක් විතර යන්න ඔනේ ඉස්කෝලයක් හම්බෙන්න

    අනික රටේ දේශගුනයත් එක්ක ලමයි උදේට පයින් ඉස්කෝලෙට යන එක ප්‍රායෝගික වෙයිද?

    දියුනු රටක් කල දේවල් අපිට කරන්න පුලුවන්ද?

    ඔය ආදී ශිශ්‍ය සංගම් එහෙම රටේ එකම විදියේ ඉස්කෝල හැදෙන්න දේවිද?

    ඔක්කොටම වැඩිය මෙච්චර උගන්නලත් වරද්දගන්න අපෙ පොඩි උන් මේ වගේ සෙල්ලම්ම කරන්න දුන්නොත් ඉගෙන ගනීද?

    ඔය එක විඩියෝ එකක පෙන්නනවා වගේ විඩියො ගේම් සෙල්ලම් කරන්න දීපුවාම එහේ ලමයි වගේ පිලිවෙලට කරනවා වෙනුවට අපේ එවුන් එතන පොර අල්ලාවී

    ලගම පාසල හොදම පාසල හොද කන්සෙප්ට් එකක් නමුත් රටේ ස්භාවයත් ඒ එක්ක හදන්න වෙයි

    මිනිස්සුන්ට පදිංචි වෙන්න හැමතැනම දෙන්නේ නැතිව පොඩි නගර ආර්ශිතව සියලු පහසුකම් සපයලා ඒ අවට තට්ටු නිවාස වගේ ක්‍රම ගේන්න වෙයි

    අපේ රටේ ජනගහනය එක්ක සමහර විසදුම් ප්‍රායෝගික නොවන්නත් ඉඩ තියෙනවා
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346

    oya mma highlight krpu eka thma ape rate un waraddaganna thana bn.. api kochchra waradi unath ape aya eeka pilignna kamthi nha... api kiwwath api hondta lamainta ugannav kiyala lamai igengnne nththam api kiynv eka lamayge waradda kiyala... ehenm ee krame nthuw wena kramyk thyn rataka lamaya igengnnv.. ethninm penv ape lamayage newei waradda api lamayata ugannana kramei waradii kyna eka....

    ithiri point ghthoth bn hma ekm ape wdht krnn one nha thmaa.. eth bn sadaniya steps godk lankwe gnn plwn.. ube facts conclude krla gththoth bn... apita infrastructure hdnna bha hbai apita plwn gawlata ugann yna teacherlata 50% wthr bonus ekk denna.. hbai eka hmbenne school eke reslt anuwa withrai.. ethkot ice ghnna gam wlata riganne nha.. aththtm slli hoynn one nisa mhnsiwela ugannv... anith eka thma uni gnna gota genaapu krame..(pora kiwwt krenm nha but ek supiri) school anuwa z eka wens krna eka.. gamwla z eka adu krhm gam wala lamai lesiyen cmpz ynv... ooka awurudu 10k wthr unhama nikmm town eke school ekka wage loku OB ekk game school ektth hadenv.. ithanin passe game school eke development ek nikmm wenv.... muladi cmpz ynna lesi nisa lamai game schoolet ynv.. padi hnda nisa hnda teacherslath game school eke innv.. after 10 years hnda ob ekkuth game school ekt innv...

    oya wge eurpoe wlin gnna method ape kramet hrwgnn plwn bn... mewata thm shortcut nha.. penvne mma kypu ekm at least 10year plan ekk... me plan ek athra thwa magadi adupadu awoth hdgen ynna one.. ratakata short term plan ghla anagathyak nha... long term me wage (or wena honda wdhe hri) long term plans thyena one:(
     
    සහො කිරියේ ප්‍රශ්නයක් කතා කරලා ලැබුන හොදම විසදුම තමා මේක

    ඔයාගේ අදහස අති විශිශ්ටයි

    අධ්‍යාපනය ගැන සම්පුර්න විස්තරයක් ඔයා ලියන්න සින්හලෙන් ආසයි ඒවා දැනගන්න

    පොඩි අය සෙල්ලමටමනේ යන්නේ පස්සෙන් පන්නලා වැඩ කෙරෙවුවේ නැත්නම් මුකුත් කරන්නේ නැහැ
    නිවාඩු කාලේ ඉවර උනාම ගනන් මතක නැහැ කොටින්ම අකුරුත් මතක නැතුව ටීචර්ලාගෙන් බැනුම් අහනවා මම අහගෙන ඉතින් අර ෆිල්ලන්ඩ් වගේ කරොත් අපේ ලමයි ඉගෙන ගනීද?
    අනික අර වගේ පොඩි කාලයක් ඇතුලත ඉගෙන ගන්න පුලුවන් විශය කරුනු සීමිත වෙන්නේ නැතිද?

    පොඩි කෙනෙක්ට උගන්වන්න ඔනේ දේවල් හා උගන්වන්න ඕනේ ක්‍රමේ ගැන දන්නවා නම් කියලා දෙන්න