ලෝකයේ හොඳම වෙරළ උණවටුනේ සැඟවුණු රහස්
එක පසෙකින් දක්නට ඇත්තේ රූමස්සල කඳුවැටියයි. අනෙක් පසින් උණවටුන කඳුවැටිය පිහිටා ඇත්තේය. රූමස්සල කඳුවැටිය නිල්වලා අහස් තලය යට ඇති රුක්ගොමුවක් වැනිය. පහළ දක්නට ඇත්තේ වැල්ලේ දේවාලයයි. රූමස්සල කඳුවැටියේ එක් පසෙක සිට අෑතට විහිදී ඇත්තේ සුන්දර උණවටුන වෙරළ තීරයයි. සැබවින්ම මෙම වෙරළ තීරය ස්වභාවධර්මයේ අපූරු නිමැවුමකි. කොටින්ම කිවහොත් මෙම වෙරළ තීරය දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයකි.
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට මෙකී වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ ෙදාළහෙන් එකකි. කවාකාර හැඩයකින් යුතුව වෙරළ තීරය පිහිටා ඇත්තේය. අපි වැල්ල දේවාල භූමියේ සිට මෙකී වෙරළ තීරයේ පහස විඳදරා ගනිමින් සිටියෙමු. අෑතට පෙනෙන්නේ ඉමක් කොනක් නොපෙනෙන මහ මුහුදය. හිරු කිරණ අවරට යමින් තිබිණි. සැබවින්ම මෙය මනස්කාන්ත දර්ශනයකි. හිරුගේ රක්ත වර්ණ ස්වභාවය හොඳින් දක්නට ඇත්තේය. විදේශිකයන් පිරිසක් හිරු සයුරේ ගිලෙන අයුරු නරඹමින් සිටියෝය.
අපි වෙරළ තීරය දිගේ ඉදිරියට ගමන් කළෙමු. කලාසූරී කොට්ටව රාලහාමි අපේ මඟපෙන්වන්නාය. විදේශීය සංචාරකයන් පිරිසක් වැල්ලේ පහස විඳදරා ගනිමින් විනෝද වෙති. විදේශිකයන්ට පවා වෙරළ තීරයේ ඇවිද යෑමට නොහැකි අයුරින් තැන් තැන්වල කුඩ ඉදිකර තිබේ. ඒ වටා එක පෙළට පුටු තබා ඇත්තේය. මෙය වෙරළ තීරයේ දක්නට ඇති සුන්දර දසුනක් නම් නොවේ. මෙකී වෙරළ තීරය කිලෝමීටර් එකහමාරක් පමණ දිගය. උණවටුන වෙරළ තීරය සංචාරක කලාපයක් වශයෙන් ලෝකයට විවර වන්නේ හැටේ දශකයේ පමණය. 2004 වසරේදී මෙය සුන්දරම වෙරළ තීරය බවට පත්විය. ඒ විතරක් නොව 2013 වසරේදී සංචාරක පාරාදීසයන් දහය අතරට උණවටුන සංචාරක කලාපය පත්විය.
උණවටුන වෙරළ තීරය ගැන තවත් සුබ ආරංචියක් ලැබෙන්නේ මේ ඊයේ පෙරේදාය. ඇමෙරිකානු ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එක්ව සිදුකළ සමීක්ෂණයකට අනුව ලෝකයේ හොඳම මුහුදු වෙරළ ලෙස උණවටුන වෙරළ නම් කර තිබේ. මේ වසරේ මේ දක්වා වාර්තාගත සංචාරකයන් ප්‍රමාණයක් උණවටුන වෙරළ තීරයට පැමිණ ඇති බව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසන්නේය.
මේ අතර උණවටුන වෙරළ තීරයට සංචාරක ආකර්ෂණය තවදුරටත් ලබාගැනීම සඳහා මේ වන විට ව්‍යාපෘති ගණනාවක් සැලසුම් කර ඇති බවද නියෝජ්‍ය ඇමැතිවරයා පවසන්නේය.
උණවටුන මුහුදු වෙරළ තීරය ලොව හොඳම වෙරළ තීරය බවට පත්වීම ගැන කොට්ටව රාලහාමි දැඩි සතුටට පත්ව ඇත්තේය. හතර වටින් කළුවර වැටෙමින් තිබේ. වෙරළ තීරය විදේශීය සංචාරකයන්ගෙන් නම් අඩුවක් නැත. වෙරළ තීරයේ තැන් තැන්වල ලන්තෑරුම් පත්තු කොට තිබේ. තවත් තැන්වල චිමිනි ලාම්පුවල ඉටිපන්දම් දල්වා ඇත්තේය. වෙරළ තීරය ආසන්නයේ ඇති කුඩා හෝටල් ඉදිරිපිට ඉතා අලංකාර ලෙස විදුලි බුබුළු දැල්වෙමින් තිබේ. විදෙස් සංචාරකයන් කා බී විනෝද වෙති.
අපිද වැල්ලේ කුඩයක් වටා තිබූ පුටු මත අෑඳිගත්තෙමු. කොට්ටව රාලහාමි උණවටුන වෙරළ තීරය ගැන මෙන්ම වැල්ලේ දේවාලය ගැන අතීත කතාන්දර රැසක් අපට කීවේය.
ලෝක ප්‍රකට විදේශිකයකු වූ ආතර් සී. ක්ලාක් මහත්තයා උණවටුනේ වෙරළ තීරය ගැන පොත් 42ක් ලියා තියෙනවා. ඔහු ලංකාවට ඇවිත් ලංකාවේ වෙරළ තීරයන් ගැන පරීක්ෂණ කළා. 1950 සිට පුරා දශක 5කට වඩා කාලයක් මේ මවුබිමේ ගවේෂණ සිදුකළා. ක්ලාක් මහත්මයා මුලින්ම ඇවිත් පදිංචි වුණේ උණවටුනේ අමරසිංහ මහත්තයලගේ ගෙදර. වසර ෙදාළහක් විතර එහි හිඳිමින් උණවටුන ගැන ගවේෂණය කළා. ක්ලාක් මහත්තයාගෙ විනෝදය තමයි මුහුදේ කිමිදීම. එයට හොඳම ප්‍රදේශය වැල්ලේ දේවාලය අසල මුහුද තමයි ඔහු තෝරාගත්තේ. බටහිර සිට එන යාත්‍රා දකුණු අප්‍රිකාවට පහළින් කේප් තුඩුව නැත්නම් අපි සුබ ප්‍රාර්ථනා තුඩුව කියා හඳුන්වන තැනින් ඇවිත් ඉන්දියන් සාගරයට වැටුණු ගමන් ඉබේම මෙතැනට එනවලු. ඒකට හේතුව මුහුදේ දියවැල්වලින් එකක් ඒ ප්‍රදේශයෙන් පටන්ගෙන උණවටුනෙන් කෙළවර වීම බව තමයි කියන්නේ. ඇත්තටම උණවටුන වෙරළ තීරය මේ තරම් ලෝකය ඉදිරියේ ප්‍රසිද්ධ වුණේ ක්ලාක් මහත්මයා නිසා කොට්ටව රාළහාමි කතාවට මුලපුරමින් කීවේය.
විදේශිකයන්ගෙන් තවමත් අඩුවක් නැත. රෑ බෝවුණද වෙරළ තීරය විදේශිකයන්ගෙන් පිරී ඇත්තේය. අද ඉඳලා තමයි විදේශිකයන් එන්න පටන්ගත්තේ හෝටල් හිමිකරු කීවේය.
ක්ලාක් මහත්තයා උණවටුන ගැන විතරක් නෙවෙයි රූමස්සල ගැනත් කියලා තියෙනවා. කොට්ටව රාලහාමි අතීත කතාන්දර ආවර්ජනය කරන්නේය.
"මේ පෘථිවි ගෝලයේ උතුර දකුණ හරහා දිවෙන චුම්භක ක්ෂේත්රයට අසුනොවන තැනක් රූමස්සල තියෙනවා කියා ක්ලාක් මහත්තයා කියනවා. එයා කියන විදියට අපේ පෘථිවියේ චුම්බකත්වයට වඩා වැඩි බලයක් සහිත ප්‍රබල යමක් ඒ ආශ්රිත මුහුදු පතුලේ කි¼දාබැස තිබෙන්න ඕනෑ. එය පොළොවට වැටුණු මාර්ගයක චුම්භක ගුණයෙන් තොර හිස් එකක් වන්නත් පුළුවන්. එය ක්ලාක් මහත්මයා ඔප්පු කරන්නේ පෘථිවියෙන් සැතපුම් 22,300ක් ඉහළට යන චන්ද්‍රිකාවල ඉන්ධන නැත්නම් බලශක්ති ඉවර වුණාම පාවෙලා ඇවිත් මේ රූමස්සල අසල මුහුදින් ඉහළ අහසේ නතර වෙනවා කියන හේතුව අනුවයි."
මෙකී වෙරළ තීරය සමීපයෙහි මුහුදේ ගල් තලාවක් පවතී. එය ගැමියන් හඳුන්වන්නේ දෙවොල් දෙවියන් ගොඩට ආ ගල් පාරුව ලෙසය. දේවාල භූමිය තුළ පවතින ගලක් උන්වහන්සේ හිඳගත් ස්ථානය සේ දක්වා ගැමියන් එහි පහන් දල්වති. ගැමියන් එය හඳුන්වන්නේ බාල හාමුදුරුවන්ගේ ගල වශයෙනි.
යොවුන් මදෙන් ගල් පහුර නැඟී ගෙන එතැනින් ඉන්පසු පිටවූවා
දෙවුන්දර ගොස් එතැනින් නික්මී නැවතුනි විත් කැලණිය ගාවා
එයින් ගමන නොනවත්වා නැවැතත් උණවටුනෙන් වෙරළට ආවා
බලන්න පුදුමයි දෙවොලත් පහුරත් තිබේ මුහුදු දිය සුළි නංවා
ඇත්තටම දෙවොල් දෙවියන් පවා මේ වෙරළ තීරයට පැමිණෙන්න ඇත්තේ මෙහි ඇති සුන්දරත්වය නිසා වෙන්න ඇති. පෘතුගීසීන් 1505දී ගාල්ලට යන්න ඇවිත් නැව කැඩුණු නිසා උණවටුනට ගොඩබැස්ස බවත් කියනවා. අදත් උණවටුනේ වත්තක් තියෙනවා පරංගියාවත්ත කියලා කොට්ටව රාලහාමි කියන්නේය. ඒ විතරක් නොව මාර්ටින් වික්‍රමසිංහ සූරීන් උණවටුන ගැන කියූ කතාවක් කොට්ටව රාලහාමි කීවේය.
'අන්දිස් කඳුවැටියට සමාන කඳුවැටියක් මේ ආශ්රිත ගැඹුරු මුහුදේ තියෙනවලු. ඒක ප්රපාතයක් වගේ බැම්මක් බැඳපු වගේලු. මෙහි හැදෙන මුහුදු පැළෑටි මාළු ආහාරයට ගන්නවා. ඒ මාළු කාපු අයගේ බුද්ධිය වර්ධනය වෙනවලු."
කිමිඳුම් පාසලක් පවත්වාගෙන යන ෂර්ලි කෝරලගේ සමඟද අප මේ අතරතුරේ කතාබහට වැටුණේය.
"ඇත්තටම උණවටුන මුහුදු තීරය ලොව හොඳම මුහුදු තීරය ලෙස තෝරා ගැනීම ගැන අප සතුටු වෙනවා. මේ අවට මුහුදු තීරයේ දිය යටට ගිය පසු මේ ලෝකය අමතක වෙනවා. මුහුද යට ඇත්තේ පුදුම සුන්දර ලෝකයක්. ගිලුණු නැව් මේ අවට තියෙනවා. ඒවායේ අලංකාර මසුන් වර්ග ඉන්නවා. විදේශීය සංචාරකයන් මේ මුහුදු තීරයේ දිය යට සුන්දරත්වය විඳදරා ගැනීමට කැමැතියි. ඒ තරම් සුන්දරයි. බලන්න මේ වෙරළ තීරය දිහා කවාකාර වෙරළ තීරයක් තමයි තියෙන්නේ. බලන්න කොළ පාට බෝඩරයක් තියෙනවා. මෙය කොන්ක්‍රීට් වනාන්තරයක් නෙවෙයි. වසර පුරාම මෙම වෙරළ තීරයේ දිය නාන්න පුළුවන්. ඇත්තටම මේක සුන්දර මුහුදු තීරයක්. එක් කොනක ඉඳලා බලන විට මුළු වෙරළ තීරයම දර්ශනය වෙනවා" ෂර්ලි කීවේය.
ඉක්බිති අපි ආතර් සී. ක්ලාක් මහතා උණවටුනේ නැවැතී සිටි නිවෙස වෙත ගියෙමු. එම නිවෙසේ හිමිකරු වන ලකී අමරසිංහ (63) මහතා සංචාරක කර්මාන්තයේ නිරත වන්නේය. හේ ක්ලාක් මහතා ගැන තොරතුරු රැසක් කීවේය.
"ආතර් සී. ක්ලාක් මහත්තයා උණවටුන වෙරළ තීරයට පුදුම ආදරයක් තමයි දැක්වූයේ. මේ වෙරළ තීරයෙන් හුනුගල් කෑල්ලක් කඩන්න ගල් කෑල්ලක් ගන්න කාටවත් ඉඩදුන්නේ නැහැ. ක්ලාක් මහත්මයා උණවටුන වෙරළ තීරයේ ගවේෂණය කරන කාලයේ මම වයස අවුරුදු 16ක විතර කොලුගැටයෙක්. වැල්ල දේවාලය පිටුපස තියෙනවා බෙල්ලන්ගල කියලා තැනක්. එහි මුහුදු පතුලේ බැහැලා තමයි ඔහු ගවේෂණය කළේ. පෘථිවියේ ඉඩකඩ මදි වුණොත් මුහුදු පතුලේ ජීවත් වෙන්න පුළුවන්ද කියලා බලන්න ක්ලාක් මහත්මයා වීදුරු බෝලයක නැඟලා මුහුදු පතුලට ගොස් ගවේෂණය කළා. ඔක්සිජන් ටැංකි අරගෙන තමයි ගියේ. එහි ඉඳගෙන පර්යේෂණ කළා.
බෙල්ලන්ගලට අඩි විස්සක් තිහක් පමණ මුහුද යට ගල් පර්වතයක ගුහාවක් වගේ තැනක් තියෙනවා. මෙහි මෝරු ඉන්නවා. හරක් මස් අරගෙන මෝරුන්ට දෙන්න මුහුද යටට මාත් ක්ලාක් මහත්තයාත් යනවා.
ඩිංගි බෝට්ටුවෙන් තමයි යන්නේ. බෝට්ටුවෙන් බැහැලා මුහුදු පතුලට යනවා. හෙල්ලක් අරගෙන තමයි යන්නේ. මා නම් බහින්නේ බයෙන් මෝරු කාවි කියලා. නමුත් ක්ලාක් මහත්තයා ඒ බය නැති කළා. මෝරුන්ට හරක් මස් දීලා එන විට උෟ අපේ පස්සෙන්ම එනවා. නමුත් කවදාවත් කරදරයක් කළේ නැහැ. ඔහු දිය යටදි පින්තූර ගන්නවා.
අපේ ගෙදර මිදුලේ පොකුණක් තිබුණා. ඒ පොකුණ අසල කැමරා හයිකරලා ග්‍රහ වස්තු නිරීක්ෂණය කළා. අපට නම් ඒ කාලයේ ඒවා මැජික් වගේ. උණවටුන කියන්නේ සුළු පරිමාණ හෝටල් තියෙන සංචාරක කලාපයක්. එක් අවස්ථාවකදී මෙහි ඇති අසල ඉඩමක කඩොලාන කඩලා මහාපරිමාණ හෝටලයක් ඉදිකරන්න හැදුවා. ගම්මුන් මෙයට විරුද්ධ වුණා. පස්සේ ක්ලාක් මහත්තයා එවකට ජනාධිපතිවරයාව සිටි ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට මේ ගැන දුරකතනයෙන් කතා කරලා හෝටලය හැදීම නතර කළා යැයි අමරසිංහ කීවේය.
සංචාරක හෝටල් හිමිකරුවකු වන නීතිඥ රූපසේන කොස්වත්ත මහතා උණවටුන වෙරළ තීරය ආරක්ෂා කිරීම සඳහා නිරන්තරයෙන් අරගල කළ අයෙකි. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් වැල්ල දේවාලය ආසන්නයෙන් දියකඩනයක් දැමීම නිසා වෙරළ ඛාදනය වී මෙකී වෙරළ තීරය එක් අවස්ථාවකදී නැත්තටම නැතිවී යන්නට ගියේය. මේ ගැන හෝටල් හිමියන්ගෙන් එල්ලවූයේ දැඩි විරෝධයකි. පසුව මිලියන 850ක මුදලක් යොදා වැලි පොම්ප කොට මෙහි මේ වන විට කෘත්‍රිම වෙරළක් නිර්මාණය කොට තිබේ. මෙකී වෙරළ තීරය ලොව හොඳම වෙරළ තීරය බවට පත්වීම ගැන කොස්වත්ත මහතාට සතුටක් මෙන්ම පුදුමයක්ද තිබේ.
"ඇත්තටම මෙම මුහුදු තීරයේ ඇති කොරල්පරය වැලිවලින් වැහිල තමයි තියෙන්නේ. මුහුදේ නිශ්චල බවක් නැහැ. චංචල ස්වභාවයක් තමයි තියෙන්නේ. කෘත්‍රිම වැලි දමා ඇති නිසා වැල්ල රත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මුහුද නිතරම කැලැත්තෙනවා. විදේශීය කාන්තාවන් දිය නාන විට වැලි නිසා දෙතුන් වතාවක් ගොඩට එනවා බිකිනිය හෝදාගන්න. මේ වෙරළ තීරය නිර්මාණය කළාට පසු වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැත්ත පළාතක ආවෙ නැහැ. පසු විපරමක් නැහැ. දැනට දමා ඇති දියකඩනය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ඕන. එහෙම නැති වුණොත් වෙරළ ඛාදනය වන එක නතර කරන්න බැහැ. කොස්වත්ත මහතා කීවේය.
ඉස්සුවේ
මවුබිම 2015-11-21