ලෝකයේ_TOP_10_කෑම_මෙන්න

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
ලෝකයේ_TOP_10_කෑම_මෙන්න

ඉස්සෙල්ලාම කියන්න ඕන මේ ත්‍රෙඩ් එක බලන්න කලින් මොනවා හරි කාලා ඉන්න ඕන කියන එක. ඇයි? ද කියනවනම් title එක ටොප් ටෙන් කෑම උනාට ඔක්කොම තියෙන්නේ තිරිසනුන්ගේ මළකුණු හැඩ වැඩ දාලා හදපුවා නිසා.බැලුවට පස්සේ වමනේ යන්න එන ගතියක් අවොත් මට බනින්නෙපා.
විස්තර ගත්තේ දිවයින පත්තරෙන්,පොටෝ ටික මම හොයලා දැම්මේ .මේවා ගැන හොදටම දන්නා,මේවා ඇත්තටම දැකපු එලකිරියන්ස්ලාත් ඇති.උන්ට හොඳ හිතින් කියන්නේ...කියලා තියෙන විස්තරේට පොටෝ අදාළ නැත්නම් කියපන් මචන්ලා.

76.gif

76.gif

76.gif

76.gif


ලෝකය පුරා සෑම රටකටම ආවේණික ආහාර රටාවන් සහ වට්‌ටෝරු තිබෙනවා. ඒවායින් සමහර වට්‌ටෝරු බොහොම අසාමාන්‍යයි. තවත් වට්‌ටෝරු අහන විටත් අපුලයි. මේවා කන්නේ කොහොමද කියල ඔබට හිතුනත් ඒ රටවල උදවියට මේ ආහාර බොහොම සාමාන්‍යයි. ඔවුන්ට සාමාන්‍ය වුණත් අපිට අසාමාන්‍ය වූද ලෝකයේ ප්‍රමුඛ ආහාර දහයට ඇතුළත් වෙන පුදුමාකාර ආහාර ගැන දැනගන්නවා නම් ඒවා මෙහෙමයි.

01- Haggis



B0BKxr6.jpg


YIt02gq.jpg

ස්‌කොට්‌ලන්තයේ ආහාරයක්‌ වන හැගි වෙනුවෙන් යොදා ගන්නේ බැටළුවන්ගේ අක්‌මාව, හෘදයවස්‌තුව සහ පෙනහළු යන ඉන්ද්‍රියයන්. මේ ඉන්ද්‍රියන් සියල්ලම එකතුකරගෙන එයටම ලූනු, මිරිස්‌, ලුණු සහ තුනපහ සංයෝග කරගන්නවා. ගව සහ එළුවන්ගේ මේදයත් ඊටම එකතු කරනවා. ස්‌ටොක්‌ සාරය මිශ්‍ර කරලා පැය තුනක්‌ පමණ වේලා තබා ගන්නවා. මේක දැකුමෙන් නම් අපිට හුරු පුරුදු මීට්‌බෝල වගෙයි. ස්‌කොට්‌ලන්තයේ සුපිරි වෙළඳසල් සහ ආපනශාලාවල අවුරුද්ද මුළුල්ලේම හැගි දැක ගන්න පුළුවනි. ඔබට බැටළු මාංශය, හදවත හෝ පෙනහැල්ල වැනි ඉන්ද්‍රියක්‌ ආහාරයට ගන්න උවමනා වුණොත් ඊට ගැළපෙන හොඳම විකල්පය හැගි බව අමතක කරන්න හොඳ නැහැ.





02--Bugs

RyftKRQ.jpg



SPAhHkU.jpg


s0gYxyG.jpg


vgnYCgB.jpg

කැරපොත්තන්, දිවි මකුළුවන්, සහ පළාපෙත්තන් වැනි කෘමීන් අද ලෝකය පුරාම රසවත් ආහාර විදිහට පිළිගන්නවා. ඒකටත් හේතුවක්‌ තියෙනවා. මේ සතුන් අල්ලා ගැනීමත් පහසුයි. ඒ වගේම පිළියෙල කර ගැනීමත් ලේසියි. අහනකොටත් අප්‍රිය වුණත් ප්‍රොaටීන් අධික වගේම සෞඛ්‍ය සම්පන්න ඇසිඩ්වලින් ඉහළයි. චොකලට්‌ වගේම කුකිස්‌ වර්ග වලට යොදන කෘමීන් කරස්‌ ගාලා හැපෙනවා. අපේ රටේ නැති වුණත් තායිලන්තය, බැංකොක්‌ වැනි රටවලට ගියොත් මේ කෘමීන් සහිත ආහාර පිළිබඳව ඔබටත් අත්දැකීම් ලබා ගන්න පුළුවනි.





03- ෆුග
pZvrdvo.jpg



vijzFP9.jpg


whW1QUN.jpg

ශරීරයට විටෙක විෂ සහිත වුවද මෙම ආහාරයට ඇතැමුන් රුචියක්‌ දක්‌වති. බ්ලොෆිෂ් නම් මත්ස්‍යයාගෙන් මෙම ආහාරය සකසා ගනී. මෙම මත්ස්‍ය විශේෂය තුළ දරුණු විෂ අන්තර්ගත වුවද ජපන් වැසියන් අතර බලපත්‍ර සහිත කෝකිවරුන් ෆුගු පිළියෙල කරන්නේ ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම නිසාය. මෙම බ්ලෝෆිෂ් මත්ස්‍ය විෂ ශරීරගතව ඇති වෙන පෙනහළුවල මාංශ පේශින් අකර්මන්‍යතාවය නිසා පුද්ගලයන් සිහිසුන් බවට පත් වෙන අතර ඒ තත්ත්වය මරණය දක්‌වාම හේතු වෙන තරමට දරුණු වේ.





04 බාළුට්‌

kFxCvfu.jpg



ip7U4bd.jpg


eErDvmS.jpg

පිලිපීනයේ ප්‍රචලිත මෙම ආහාර විශේෂය ගැන අපිට නම් සිතන විටත් දැනෙන්නේ අපුලකි. සති කීපයක්‌ වළලා තබා ආහාරයට ගන්නවා යෑයි කී විට නහයට දැනෙන්නේ දුර්ගන්ධයක්‌ වුවද බාලුට්‌ ඔවුන් අතර රසවත් ආහාරයකි.(විස්තරේ තියෙන්නේ ඔච්චරයි.මම හිතන්නේ කිකිළි හෝ වෙනත් බිත්තර වර්ගයක් පොළොවේ වලදාලා ආපහු අරන් කන සීන් එකක් ):eek:



05-Fried Brain Sandwich

q5JaX58.jpg


bZP2rpB.jpg


qgx7G8j.jpg

ගව පැටවුන්ගේ මොළයෙන් ලබා ගත් කොටස්‌ පාන් පෙති අතරට මැදි කොට ගෙන තනා ගත් මෙම ආහාරය උමතු ගව රෝගය නිසා දැන් ඉල්ලුම අඩු වී ඇත. ඇමරිකා එක්‌සත් ජනපදයේ මිසෝරි ආපනශාලාවන්හි අදටත් මෙම ආහාරය දක්‌නට ලැබෙනවා. නදිය ආශ්‍රිත ප්‍රදේශයන්හි ගව මොළය යොදා ගත් බනිස්‌ බෙහෙවින් ජනප්‍රියය. මාස තිහකට වඩා වයසැති ගවයන්ගේ මොළය මේ වෙනුවෙන් යොදා ගනී. උමතු ගව රෝගයෙන් පසුව ඌරු මොළය සැන්ඩ්විච් වෙනුවෙන් යොදා ගැනීමට මෙම ආහාර රුචියට ප්‍රිය කරන්නන් උනන්දු වී ඇත.

06-Rocky Mountain Oysters

aYV8QXb.jpg


LUaFqAW.jpg

සමහරවිට ඔබට හිතේවි බෙල්ලන් අප්‍රිය ආහාරයක්‌ විදිහට නම් කරන්නේ ඇයි කියලා. මේ මුහුදු ආහාරයක්‌ විදිහට අපි හිතන බෙල්ලන් නෙවෙයි. රොකී කඳුකර ආශ්‍රිත මිනිසුන් අතර මේ ආහාරය බොහොම ජනප්‍රියයි. ප්‍රාදේශීය විදිහට මෙය හඳුන්වන්නේ ප්‍රෙයරි ඔයිස්‌ටර්ස්‌ විදිහටයි. ගව, මී ගව හෝ ඌරන්ගේ මුෂ්කයෙන් ලබා ගන්නා කොටස්‌ තම්බා ඉන් පසුව පිටි දවටා බදිනවා. කොක්‌ටේල් සෝස්‌ සමග බොහොම උජාරුවට රස විඳිනවා. ඔබ ඇමරිකා එක්‌සත් ජනපදයේ හෝ කැනඩාව ප්‍රදේශයේදී ඔයිස්‌ටර් ඉල්ලුම් කළොත් ඔබට ලැබෙන්නේ මුලින් සඳහන් සතුන්ගේ මුෂ්කය සහිත ආහාරයක්‌ බව අමතක කරන්න එපා.(මුෂ්කය =ඇ..දෙක ):baffled::baffled:

07-Sannakji

zhmCDgW.jpg


yhgygTp.jpg


කොරියාව ප්‍රදේශයේ දක්‌නට ලැබෙන මුහුදු ආහාරයක්‌. මෙය ලබා ගන්නේ nakji කියන බූවල්ලාගෙන්. පණ තිබියදීම බූවල්ලා කුඩා කැබලි වලට කපල තලතෙල් හෝ තල ඇට සමග එහි නියම රසය අත්විඳිනවා. පණ සහිත අඬු කොටස්‌ පිඟානේ තිබියදීsම දඟලනවා. මේවා හපන විට බොහොම පරෙස්‌සමෙන් හපන්න ඕන. මොකද කිව්වොත් මේ සතුන්ගේ උරා බොන අවයවයන් මුඛයේ සහ උගුරේ ඇලවෙන්න පුළුවනි .

08 Casu Marzu

wdkQvl1.jpg


P8uK3yl.jpg


gzuMO5K.jpg

ඉතාලියේ සාරඩ්නියා ප්‍රදේශයේ මෙම විශේෂිත චීස්‌ වර්ගය ජනප්‍රියයි. මෙම චීස්‌ වලදි පිලවුන් අතර සිටින කෘමියන් චීස්‌ අතරට එක්‌ කරයි. එවිට චීස්‌ පැසවන අතර එහි අන්තර්ගත මේදය බිඳ වැටී කුණු වීමට ආසන්න මට්‌ටම මෙම ආහාරයේ හොඳම අවස්‌ථාව ලෙස පිළිsගැනේ. සිහින් පණුවන් ඉවත් කරමින් කිසිදු අප්‍රියතාවක්‌ නොමැතිව චීස්‌ රසවිඳින්නට ඉතාලියේ ජනතාව හුරු පුරුදුව සිටිති. මේ ගැන ඇහුවාම චීස්‌ නම් තියෙනවා. ඒත්.. මේ වගේ චීස්‌ නම් කාලා නැතුවා කියලා ඔබට හිතේවි....

09 Stuffed camel

iBDEEUq.jpg


UlcXi0r.jpg


sVU5mov.jpg

මෙම ආහාරය පිළියෙල කිරීමේදී යොදා ගන්නේ ඔටු මස්‌ විතරක්‌ නෙවෙයි. එක්‌ ඔටුවෙක්‌, බැටළුවෙක්‌ සහ කුකුළු පැටවුන් විසි පහක්‌ යොදා ගන්නවා. කුකුළු පැටවුන් හාල් සහ බිත්තර සමග මිශ්‍ර කරනවා. ඔටුවා පුළුස්‌සා ගන්නවා. ලොකුම ආහාර වට්‌ටෝරුව විදිහට මෙය ගිනස්‌ පොතටත් ඇතුළත්.(මේකේ උඩ පොටෝ දෙක එඩිට් ද මන්දා ..එක්කෝ ඇත්තම වෙන්න ඇති.)

10-Hakarl

quiukHL.jpg


6arxqzm.jpg

අමුතු ආහාර ගැන ඇන්තනි බෝර්ඩියන් බොහොම ප්‍රසිද්ධයි. හකාරි කියන්නෙත් ඔහු විසින් හඳුනා ගත් අමුතු ආහාරයක්‌. මෝර මත්ස්‍යන්ගේ බඩවැල් පැසවලා නිපදවා ගන්න හකාරි අයිස්‌ලන්තය වැනි රටවල අවුරුද්ද මුළුල්ලේම වෙළඳපොළෙන් ලබා ගන්න පුළුවනි. මෙයින් වහනය වෙන්නේ ඇමෝනියා ගන්ධයක්‌. හකාරි සංග්‍රහ කරන්නේ දත් හාරන කූරුත් සමග.

මේ ත්‍රෙඩ් එක දැමීමෙන් අදහස් කලේ සමහර කෙනෙකුට ඉක්මනට කඩේට ගිහින් හරකෙක්ගේ ඇ..දෙකක් ගෙනත් තම්බන් කන්න තරම් බඩගින්නක් හදන්නවත් ,
තවත් කෙනෙකුට "අපෝ ඕව නම් මල ජරාව "කියලා කුකුළු මස් ,මාළු විතරක් කන්න කියන්න වත් නෙමෙයි.
මම නම් පව් කරන්න බයයි .ඒ නිසා සත්තු මරන්නෙම නැහැ. මස් නොකන්නේ නම් පවට බයේ නෙමෙයි..තිරිසන් සත්තුන්ගේ මළකුණු බඩේ තියාගෙන ඉන්න බැරි නිසා.

 

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,683
    893
    113
    otuwage seen eka n bithare seen eka dakala thiyanwa otuwanam raha baluwa bt bithare nam pattama gadai machooo..bt thy r saying its healthy ... nice post,,,,,, added machoo
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ලංකාවෙත් සමහරු මාලු ජාඩි දානවා (මාලු කුනු කරලා වගෙ):oo::eek:
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    නොදකින් විතරක් , Vegetarian කෑම කොච්චර ලස්සනද? , ගුණද?
    cilantro-lime-pasta-salad-for-blog-06.jpg
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    [/SIZE][/B][/I]
    මම නම් පව් කරන්න බයයි .ඒ නිසා සත්තු මරන්නෙම නැහැ. මස් නොකන්නේ නම් පවට බයේ නෙමෙයි..තිරිසන් සත්තුන්ගේ මළකුණු බඩේ තියාගෙන ඉන්න බැරි නිසා.

    [/QUOTE]

    Respect that machan ..