මේ පින්තූර මට දාන්න හිතුනේ මේ වගේ ළමයි අපේ රටෙත් ඉන්නව ඕනා තරම්,මම ඊයේ බයික් එක හදන්න ගරාජ් එකට ගියා එතන හිටියා අවුරුදු 12 විතර ළමයෙක්,මජං කිට් එකත් ගහගෙන,කොල්ලා ඒ වෙලාවේ හිටියේ වෙන බයික් එකක ප්ලග් එක සුද්ද කරන ගමන්,උගේ කතාවත් මහ ලොකු මිනිහෙක්ගේ වගේ,ඒ බයික් අයිතිකාරයට කියනවා අයියෝ මහත්තයා මේ ප්ලග් එක බයික් එක ගත්තු දා ඉදලම මාරු කරලා නෑ නේ,හොදලවත් නෑ නේ,ඌ කියන සමහර බයික් කොටස් වල නම් අර මනුස්සයට තේරෙන්නේ නෑ,මේ පොඩි එකා දැන්ම ගැරෙජ් බාස් කෙනෙක් වෙලා,මන් හොයලා බලද්දී මු දැන් අවුරුදු 2 ඉදන් ලු මෙතන ඉන්නේ,ඉස්කෝලේ යන්නෙත් නෑලු....ඌට තියෙන ප්‍රස්න මොනාද දන්නේ නෑ,ඒත් ඉතින් තාම පොඩි එකෙක් නේද,හැබැයි ඌ අනාගතයෙදි හොද බාස් කෙනෙක් වෙන පෙනුම තියනවා

