ලෝකෙ බරම පිඹුරා

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    ලෝකෙ බරම පිඹුරා


    පිඹුරන් යනු ඉතා සෙමෙන් පරිණාමය වන නොදියුණු සත්ව කොට්ඨාසයක් බව සත්ව විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. එමෙන්ම අද වන විට ලෝකයේ ජිවත් වන විශාලතම සර්පයන්ද අයත් වන්නේ පිඹුරන් අයත් වන කුලකයටය. දකුණු ඇමරිකානු ඇනකොන්ඩා සහ ආසියානු පිඹුරා එම කුලකයට අයත් දැවැන්තයන් දෙදෙනෙකු ලෙස හැදින්විය හැකිය.

    ආසියානු කලාපයේ දක්නට ලැබෙන පිඹුරු විශේෂ අතර Indian Rock python නම් විශේෂයට වැදගත් තැනක් හිමිවේ. එම විශේෂයට අයත් ලෝකය තුළ දැනට සොයා ගෙන ඇති වැඩිම දේහ බරින් යුතු පිඹුරා පසුගිය දිනක අපේ රටින් වාර්තා විය. ඒ මාතලේ පතන්පහ ප්‍රදේශයෙනි.

    පසුගිය දිනෙක මාතලේ පතන්පහ ප්‍රදේශවාසීන්ට තරමක් අමුතු අත්දැකීමකට මුහුණපෑමට සිදුවිය. මේ දිනවල පවතින අධික හිරු රශ්මිය නිසා ජලය හිඟවීමෙන් ජලය සොයා අමුත්තෙක් පතන්පහ ප්‍රදේශයට පැමිණියේය. ඒ අමුත්තා පිඹුරෙකි. එසේ මෙසේ පිඹුරෙකුද නොවේ. මිට පෙර කිසිවෙකුත් දැක නොමැති අන්දමේ යෝධ, දැවැන්ත පිඹුරෙකි.

    මේ දැවැන්තයා දැක කලබලයට පත්වූ ප්‍රදේශවාසීන් ප්‍රථමයෙන්ම ඌට ගල්මුල් ප්‍රහාර එල්ල කරන්නට වුහ. නමුත් ඊට පසුව කිහිප දෙනෙකු මැදිහත්වී ආධාරක මඟින් පිඹුරා ගස් තුනකට අල්ලා බැඳ දමනු ලැබිය. ඉන්පසු වහාම මේ පිළිබඳව පොලිසියට දන්වා යැවීමට ගම්වැසියෝ කටයුතු කළහ. මුලස්ථාන පොලිස් පරීක්ෂක කිර්ති රණවීර මහතාගේ උපදෙස් පරිදි සේනාරත්න, බණ්ඩාර, නන්දසේන යන පොලිස් සැරයන්වරු එම ස්ථානයට පැමිණියහ.

    ඔවුන් විසින් අදාල ස්ථානවලට කරන ලද දැනුම්දීම්වලට අනුව එහි පැමිණි වනජීවී අධ්‍යක්ෂක සංරක්ෂණ සභාපති සමිත හරිස්චන්ද්‍ර මහතා පිඹුරා තමාගේ බාරයට ගත්තේය. ඉන්පසු ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා ඌ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට රැගෙන ගියේය.



    දිගින් අඩි 21.7 ක් වූ පිඹුරාගේ බර කිලෝ 87 ක් පමණ විය. ඌ හමුවන අවස්ථාවේ වැලිමුවෙකු ආහාරයට ගෙන තිබුණු අතර ඒ අවස්ථවේදී උගේ බර කිලෝ 100 කට වැඩියෙන් සටහන් වී තිබිණි. මේ වන විට ලෝකයේ සොයාගෙන ඇති බර වැඩිම පිඹුරා වාර්තා වී ඇත්තේ පාකිස්තනයෙනි. උගේ බර කිලෝ 52 ක් පමණ වෙයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී සිදුකල පරීක්ෂණවලදී මේ සතා පිරිමි සත්ත්වයෙකු බවද හෙළිවිය. එසේම සමිත හරිස්චන්ද්‍ර මහතා නිගමනය කරන පරිදි උගේ වයස අවුරුදු තිහක් පමණ විය හැකිය.

    ඒ වන විට මේ යෝධ පිඹුරාගේ නවාතැන බවට පත්වී තිබුනේ ද සමිත හරිස්චන්ද්‍ර මහතාගේ නිවසය.
    ඒ ගැන ලැබුණු තොරතුරු අනුව අපි මේ දැවැන්තයා දැක බලා ගැනීම සඳහා හරිස්චන්ද්‍ර මහතාගේ නිවසට ගොඩ වැදුනෙමු. අප යන විට ඌ විශාල පෙට්ටියක් තුළ ආරක්ෂිතව වැතිර සිටියේය. ඌ අප සිතා සිටියාටත් වඩා මහා දැවැන්තයෙක් විය. හොඳින් වැදුණු පොල් කඳක් තරම්වූ පිඹුරාගේ ශරීරය දකින ඕනෑම කෙනෙකුට බිය ඉපදීම එතරම් විස්මයට හේතුවක් නොවේ.
    හරිස්චන්ද්‍ර මහතා පිඹුරාට ආහාර වශයෙන් ලබා දෙන්නේ කුකුළන්ය. සාමාන්‍යයෙන් පිඹුරන් ගොදුරු ආහාරයට ගන්නේ පණ පිටින් නිසා හරිස්චන්ද්‍ර මහතාට පණ පිටින් කුකුළන් පිඹුරාට බිලි දීමට සිදුවෙයි. කෙසේ වෙතත් ඔහු පවසන පරිදි ඒ ලබන ආහාරය ඌට දින කිහිපයකට ප්‍රමාණවත් වේ.

    ශ්‍රී ලංකාවේ තෙත් කලාපයක් ලෙස හඳුනාගෙන ඇති මාතලේ ප්‍රදේශයෙන් හමු වූ මේ පිඹුරා තෙත් කලාපයටම මුදා හැරිය යුතු බව හරිස්චන්ද්‍ර මහතාගේ මතය විය. එසේ නොකොට සත්ත්වයා වියළි කලාපයට මුදා හැරියහොත් උගේ ජිවිතයට හා සාමාන්‍ය ජිවන රටාවට එයින් බලපෑමක් එල්ල විය හැකි බව ඔහු පැහැදිලි කළේය.



    පිඹුරන් ඉතාම සෙමෙන් පරිණාමය වන නොදියුණු සත්ත්ව කොට්ඨාසයකි.
    අද වන විට ලෝකයේ ජිවත් වන විශාලතම සර්පයන් අයත් වන්නේ පිඹුරන් අයත් වන කුලකයටය.
    ලෝකයේ විශාලතම පිඹුරු වර්ග ලෙස Reticu Lar Python දකුණු ඇමරිකානු ඇනකොන්ඩා, ආසියාතික පිඹුරා Casian Python හැදින්විය හැකිය.

    ප්‍රධාන වශයෙන් ආසියාතික පිඹුරාගේ උප විශේෂ දෙකක් දක්නට ලැබේ. ඒ දකුණු ආසියානු පිඹුරා සහ නැගෙනහිර ආසියානු පිඹුරා ලෙසයි. මේ අතරින් නැගෙනහිර ආසියානු පිඹුරා දැකගත හැකි වන්නේ හිමාලය ආසන්නයේ සමහර ප්‍රදේශවල, ඇසෑම් ප්‍රාන්තයේ, බංගලාදේශයේ සහ බුරුමය වැනි ප්‍රදේශවලයි. අනෙක් විශේෂය වන දකුණු ආසියානු පිඹුරා පාකිස්ථානය, මධ්‍යම සහ දකුණු ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි රටවලද දක්නට ලැබෙයි.

    පිඹුරන් නිර්විෂ සර්පයන් විශේෂයකි. ඔවුන්ට විෂ දළ හෝ විෂ ග්‍රන්ථි පිහිටා නැත.
    නමුත් මොවුන් ඉතා දරුණු ලෙස ගොදුර වෙත කඩා පනින අතර ක්ෂණිකව ගොදුර වෙළාගෙන පීඩනයට ලක් කර මැරුණු පසු ආහාරයට ගනී.

    pimbura04.JPG


    හොඳින් වැඩුණු විශාල පිඹුරෙකුට ආහාර නොමැතිව වසර දෙකක් පමණ ජිවත් විය හැක.
    වෙනත් බොහෝ සර්ප විශේෂ මෙන් නොව පිඹුරාගේ ගෙල හා හිස පැහැදිලිව දැකගත හැකි ආකාරයට පිහිටා තිබේ. එසේම විශේෂ ස්වල්පයක් හැරුණු විට පිඹුරාගේ උඩු තොල වටා විශේෂිත වූ සිදුරු දැකගත හැකිය. මේවා Labial pits ලෙස හදුන්වයි. මෙම සිදුරු අධෝරක්ත කිරණවලට ඉතා සංවේදී වන අතර එමඟින් ඔවුන්ට ගොදුරු සොයාගැනීම පහසුවේ.
    සාමාන්‍යයෙන් පිඹුරාගේ ගැහැණු සතා පිරිමි සතාට වඩා ප්‍රමාණයෙන් විශාලය.
    ඔවුන්ගේ අභිජනනය බොහෝ විට මෝසම් කාලයේ සිදුවන අතර අභිජනනයේදී පරිණාමිකයෙකුගේ දියුණු හැසිරීමේ ලක්ෂණ පෙන්නුම් කරයි.

    ඔවුන් බිත්තර දමන සතුන් වන අතර බිත්තර වටා දරන ගසා බිජු රැකිම සිදු කරයි. සාමාන්‍යයෙන් වරකට බිත්තර දහයේ සිට සියය දක්වා ප්‍රමාණයක් දමයි.
    දින අනුවත්, එකසිය විස්සත් අතර බිත්තර පුපුරන අතර සාමාන්‍යයෙන් උපදින විට පැටවෙකු සෙන්ටිමීටර් පනහක් පමණ දිගින් යුක්ත වේ.








    වීඩියෝව















     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇඟ හීතල වෙලා ගියා
    :eek::eek::eek:
    You have given out too much Reputation in the last 24 hours, try again later.