ලෝකෙ ලොකුම තක්කාලි සටන(La Tomatina) !

asiri100

Active member
  • Dec 8, 2009
    232
    110
    43
    ලෝකෙ ලොකුම තක්කාලි සටන(La Tomatina) !

    la-tomatina-70th-anniversary-5748008186544128.2-hp.gif


    ගොඩක් අය යාලුවො සෙට් වෙලා කොට්ට වලින් එහෙම ගහගෙන ඇති.ඒත් කොහොමද මිනිස්සු 40,000ක් විතර සෙට් වෙලා තක්කාලි වලින් ගහගත්තොත්?

    තක්කාලි සටන (La Tomatina) 1944 සිට අද දක්වා ස්පාඤ්ඤයෙ Buñol වල Valencian නගරයේ වාර්ෂිකව පැවැත්වෙන සාම්ප්‍රදායික උත්සවයක්.මේක පැවැත්වෙන්නෙ සෑම අවුරුද්දකම අගෝස්තු මාසයේ අන්තිම බදාදා දිනයේ.උදේ 11 ට විතර පටන් අරන් දවල් 1 විතර වෙනකන් ගහගන්නවලු.මෙදාට මිනිස්සු 40,000 ක් විතර මේ නගරයට රැස් වෙනව.නගරයේ කඩසාප්පු වල වීදුරු පොලිතින් වලින් ආවරණය කරනවලු මෙදාට නගරයේ පාරවල් රතු පාට වෙනව සම්පූර්ණයෙන්ම ටොන් 100ක විතර තක්කාලි ජූස් වලින්.නමුත් කවුරුත් මේක මුලින්ම ආරම්භ උනේ කොහොමද කියල දන්නෙ නෑ.එක අදහසක් තියනව ඒ නගරෙ සංගීත උත්සවයක් තියන වෙලාවක සින්දු කියපු සංගීතඥයෙක්ට තරහ ගිය නගරෙ කොල්ලො සෙට් එකක් තක්කාලි වලින් ගැහුව කියල,ඊට පස්සෙ ඒ වැඩේ කට්ටියට විනෝදයක් ආපු හින්ද මේක දිගටම පවත්වගෙන ආව කියල කියනව.මේ සඳහා තක්කාලි ටොන් 100ක් විතර යොදාගන්නවලු.ඒ කියන්නෙ තක්කාලි කිලෝ 90,000ක් විතර.තක්කාලි ගෙඩි 300,000 විතර.මේකට යොදාගන්නෙ තත්වයෙන් බාල රසයෙන් බාල තක්කාලි.


    නමුත් මේ තක්කාලි සටන 50 දශකයේ අවුරුදු කිහිපයක් තහනම් කරල.ඒකට හේතුව ඒ කාලෙ පාලකයො මේකෙ කිසිම ආගමට ලැදි වෙලා හිටපු අයලු.මේ තක්කලි සටනෙ ආගමික ස්වරූපයයක් නැති හින්දත් නගරෙ පරන කට්ටියගෙන් විරෝධතා මතු උන හින්දත් මේක තහනම් කරාලු.(ආතල් දන්නෙ නැති සෙට් එකක්)පස්සෙ 1970 විතර gusto කියන පාලකයා ආයෙත් මේක පටන් අරන් තියනව.(ආතල් දන්න පොරක්)

    සටන අවසන් වූ පසු නගරය තක්කාලි ජූස් වලින් පිරෙනව.මේ තක්කාලි වල තියන ආම්ලිකතාවය හින්ද තක්කාලි විශබීජ නාශකයක් ලෙසත් ක්‍රියාකරල නගරය පිරිසිදු වීමකුත් සිදු වෙනව.la Tomatina සතුට හා විනෝදාස්වාදය ප්රවර්ධනය කිරීම සඳහා වන උත්සවයක්. සිදුවන අනතුරු වලක්වා ගැනීම සඳහා, උත්සවයට කිහිපයක් නීති තිබේනව.

    1. භාවිතා කරන්න පුලුවන් ට්‍රක් වලින් විසිකරන තලපු තක්කාලි විතරයි.
    2. තක්කාලි විතරයි ගහගන්න පාවිච්චි කරන්න පුලුවන්.බෝතල්,පොලු වගේ හානිකර දේවල් ගේන්න තහනම්.
    3. සහභාගි වන අය ට්‍රක් රථ වලට ඉඩ ලබා දිය යුතුයි.
    4. සටන අවසානය සටහන් කරන සංඤාව දුන්නට පස්සෙ ගහගන්න එක නතර කරන්න ඕනේ
    .


    මේ සටන දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙනුත් සජීවීව විකාශනය කරනවා.මේකට සහභාගි වෙන ගනන වසරින් වසර වැඩි වෙනව.සංචාරක කර්මාන්තයට ඉතාමත් වැදගත් උත්සවයක් මේක.මේ වසරේ(2017) අගොස්තු මස 31 වන දින මේ උත්සවය පැවැත්වෙනව.ගිය අවුරුද්දට වඩා පැමිනියි කියල බලාපොරොත්තු වෙනව. නෙවාඩා, චිකාගෝ, කොස්ටා රිකා හා කොලොම්බියා යන නගර වලත් මේ උත්සවය මේ ආකාරයෙන් පවත්වනව.නමුත් ස්පාඤ්ඤයෙ උත්සවය තරම් ප්‍රසිද්ධ නෑ.ඉන්දියාවෙත් මේක පවත්වන්න උත්සහ කරල තියනව,නමුත් නාස්තිය වැඩී කියල පස්සෙ නවත්තල දාල.
    source-https://nimeshayablog.wordpress.com




     
    • Like
    Reactions: Bataya01

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    thalila truck walin ochchara wisi karanawa kiyanne ban sahena nasthiyak wenawa ne kama wala.anik elawalu palathuruth ohomama wenna athi ne.
    tfs machn