ලෝකෙ වටිනම අතුරුපස ගැන

ලෝකෙ වටිනම අතුරුපස ගැන

කව්ද කැමති $25000 කෑමක් වෙනුවෙන් වියදම් කරන්න.එහෙම ඇත්තෙක් ඉන්නවා නම් මේක බැලුවට කමක් නෑ.මේ ලෝකෙ වටිනාම කෑම වලින් එකක්.නම තමයි Frrozen Haute Chocolate.:)

හරි ඉතින් දැන් මෙච්චරටම ගණන් අතුරුපසේ මොනවද තියෙන්නේ?ඉන්න ඉන්න ඉතින් කියනකන්.ලෝකය පුරා තියෙන රටවල් 14කින් ලබා ගත්තු විවිධ කොකෝවා ජාති 28ක්,කිරි සහ කැරට් 24 රත්තරං ග්‍රෑම් 5ක්..ඒ රත්තරං ආහාරයට ගන්න හැකි විදිහට තමා සකස් කරලා තියෙන්නෙ.
හෑ කන්න පුලුවන් රත්තරනුත් තියෙනවද?ඔව් ඔව් තියෙනවා..හරි ඉතින් ඒත් ඔය ටික වටිනවඩ $25000ක්?නෑ නේද?එහෙනම් ඇයි මේ තරම් ගණන්?තව තියෙනවා...

මේක ආහාරයට ගන්න තියෙන හැන්ද ත් සකස් කරලා තියෙන්නෙ රත්තරනින්.ඒ වගේම දියමන්ති වලින් සරසලා තියෙනවා.කාල ඉවර වෙලා ඔයාලට මේක ගෙදර ගෙනියන්න පුලුවන්.මේක පිලිගන්වලා තියෙන බඳුනත් ආහාරයට ගන්න පුලුවන් රත්තරං වලින් සරසපු එකක්.ඒ වගෙම Frrozen Haute Chocolate අන්තර්ගත වෙලා තියෙන තවත් දෙයක් තමා La Madeline au Truffle මට මේකට සිංහලෙන් කියන නම නම් හොයාගන්න බැරි වුණා.නමුත් මං හොයාගත්ත විදිහට නම් La Madeline au Truffle කියන්නෙ හතු වගේ කෑමට ගත හැකි ෆන්ගී විශේෂයක්.ඒකත් ලෝකෙ වටිනාම ආහාර අතරට එක් වුන එකක්.කවුරුහරි හරියටම දන්න කෙනෙක් ඉන්නවා නම් දැනුවත් කරන්න.2007 දි තමා මේක ලෝකෙ වටිනාම අතුරුපස විදිහට නම් කරලා ගිනස් පොතට එක් වෙලා තියෙන්නෙ.හැබැයි කාපු කෙනෙක් නම් නෑ.:Phttp://www.blogger.com/share-post.g...198160&postID=1278439393691800090&target=buzz