ලෝකේ ධනවත්ම නගර

Mandhawa nimal

Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    2019 ලෝකේ ධනවත්ම නගරය වූ නිව්යෝක් 🇺🇸 අභිබවා බීජිං 🇨🇳 2020 දී ඉදිරියට...

    මෙතෙක් කාලයක් ලෝකේ ධනවත්ම නගරය වූ නිව්යෝක් නගරය 2020 දී එම ස්ථානය බීජිංවලට. එයින් චීනය ලෝකේ අංක එකේ ආර්ථික බලවතාවීමේ පළමු වෙඩිමුරය ලෙස මෙය සැලකිය හැකිය. චීනයේ දළ දේශීය නිෂ්පාදනය ඇ.ඩොලර් ට්‍රිලියන 14.9 ක් වේ. ඇමෙරිකාවේ දළ දේශීය නිෂ්පාදනය ඇ.ඩොලර් ට්‍රිලියන 22 ට ආසන්නය. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇමෙරිකාවේ ආර්ථික පිරිහීමත් චීනයේ ආර්ථිකය ශක්තිමත් වීමත් නිසා 2028 දී ඇමෙරිකාව පසු කිරීමට තිබූ චීනය 2025 දී එම ස්ථානය ගනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් සදහන් කරයි. එය මනාව පැහැදිලි වනුයේ චීනය 2020 දී පමණක් මුහුණු ආවරණ නිපදවීම මගින් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය මෙන් 65% ක් ( ඇ.ඩොලර් බිලියන 48 ක් ) ඉපැයීම මගින් එය මනාව පැහැදිලි වේ.

    2019 වසරේ ලොව ධනවත්ම නගරය වූයේ නිව්යෝක් නගරය වන අතර දෙවෙනි ස්ථානය ගෙන තිබුණේ බීජිං නගරයයි. 2020 දී ලෝකයේ 🌎 ධනවත්ම නගරය වන්නේ බීජිං නගරයයි. දෙවෙනි ස්ථානය නිව්යෝක් නුවරට හිමිව තිබේ. තෙවන ස්ථානය හොංකොං වලටත් , සිව්වන ස්ථානය රුසියාවේ මොස්කව් නුවරයටත් හිමිව තිබේ.

    2020 වසරේ ලොව ධනවත්ම නගර 10 ලෙස,

    1) බීජිං නගරය - චීනය
    2) නිව්යෝක් නගරය - ඇමෙරිකාව
    3) හොංකොං
    4) මොස්කව් නුවර - රුසියාව
    5) ෂෙන්ෂෙන් නගරය - චීනය
    6) ෂැංහයි නගරය - චීනය
    7) ලන්ඩන් නගරය - එංගලන්තය
    8) මුම්බායි නගරය - ඉන්දියාව
    9) සැන්ෆැන්සිස්කෝ නගරය - ඇමෙරිකාව
    10) ෂැංෂොයි නගරය - චීනය

    ඔබට පෙනෙනවා ඇති ලොව 🌎 ධනවත්ම නගර 10 අතුරින් නගර 4 ක් චීනයේ හා නගර 2 ක් ඇමෙරිකාවේ බව. එයින් මනාව චීනයේ බලවත්වන ආර්ථිකය පෙනේ. ලොව 5 වෙනි ආර්ථික බලවතාවන එංගලන්තයේ ලන්ඩන් නුවර 7 වෙනි ධනවත්ම නගරය බවට පත්ව ඇත. ලොව 6 වෙනි ආර්ථික බලවතාවන ඉන්දියාවේ මුම්බායි නගරය ලොව ධනවත්ම 8 වෙනි නගරය බවට පත්ව ඇත. ලොව 12 වෙනි ආර්ථික බලවතා හා වත්මන් න්‍යෂ්ටික බලවතාවන රුසියාවේ මොස්කව් නුවර ලොව ධනවත්ම නගරය අතරින් 4 වෙනි ස්ථානය හිමිව තිබේ.

    සැ.යු : මෙහිදී ධනවත්ම නගර ලෙසට හදුන්වා ඇත්තේ එම නගරයේ සිටින වැඩිම බිලියනපතියන් ගණන මතය. නැත්නම් එම නගරයේ සිටින සියලුම මිනිසුන්ගේ ධනය ගත්විට ධනවත්ම නගර ඇමෙරිකාවේ නිව්යෝක්, හොංකොං හා රුසියාවේ මොස්කව් වේ. බීජිංවල බිලියනපතියන් 100 ක්ද, නිව්යෝක්වල 99 ක්ද, හොංකොංවල 80 ක්ද, මොස්කව්වල 79 ක්ද සිටී.

    - Supun Hirushka 🇱🇰 -
     

    HmNRazor

    Well-known member
  • 20. තලවතුගොඩ - ශ්‍රී ලන්කාව
    ඕ යේ........ 🥴
    2.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චින ගේම ගහනව, බoකොලොත් ඇමරිකාවට ඇපත් නැ, ගු ඇන් පි බඩු වලට හොදටම රිදෙයි ලොල්