ලෝක ක්ෂය රෝග දිනය අදයි

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ලෝක ක්ෂය රෝග දිනය අදයි

    lungs.jpg


    ලෝක ක්ෂය රෝග දිනය අදට යෙදී තිබේ.

    මෙවර එහි තේමාව ‘හඳුනා නොගත් ක්ෂය රෝගීන් 4000 ක් අප අතර – හඳුනා ගනිමු – ප්‍රතිකාර කරමු – සැමට සුවය සාදමු’ යන්න ය.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ ළය රෝග මර්දන ජාතික ඒකකය සඳහන් කළේ, මෙරට ක්ෂය රෝගීන්ගෙන් 43% ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බව ය.

    කොළඹ නාගරික සීමාවේ පුද්ලයින් 10 දෙනෙකුගෙන් එක් අයෙකු ක්ෂය රෝගයට ගොදුරු වීමේ අවදානමක් ඇති බව ද එම ඒකකය සඳහන් කළේ ය.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහිපාල මහතා පැවසුවේ, වසරකට මෙරටින් ක්ෂය රෝගින් 9000ත් 10,000ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව ය.