රටින් අඩුම ගානෙ බෙහෙත්වත් ගෙනාවොත් ලොකු දෙයක්ඔව් එහෙම එකක් තියෙනව. හැබැයි සල්ලි තියන එකාට රටින් ගෙනත් හරි කැවැකිනේ බන්. සැමන් ටින් එකක් 1000යි කිව්වොත් ඔක ගන්න පොසත් උන් මිසක දුප්පත් උන් නැනේ. ඉතින් පොසත් උන්ට කොහොමත් බඩු හම්බ වෙනවා. ඉඩම්වල වවලා නෙලාගන්න කාලෙට බොම්බ ගැහුවොත් බඩගින්නේ මැරෙන්න වෙන්නේ දුප්පත් එකාට තමා. අනික දුප්පත් උන්ට ඔනා ඔන හැටියට වවන්න දෙන එකක් නැ. මතකනේ සිරිමගේ බස් එකේ මිරිස් ගෙනියන්න තහනම්. ඊකුට හාල් හුන්ඩු දෙකටවඩ තියාගන්න තහනම් වගේ නීති. ඒ නිසා අහාර කොහොමත් හිග වෙන්නේ දුප්පත් එකාට. ඒ කාලේ සිරිමගේ ඉඩම්වල බාස්මති වැව්වා පවුලට කන්න.
ගම් වල අක්කර ගනන් විකුණලා ටවුන් වල පර්චස් 5 - 10 ගත්ත උන්ට රිදෙයි ඔහොම උනොත්
ටවුන් වල ඉන්න ඩුප්පත් උන්ට නම් කොහොමත් කෙල වෙනවා
හැබැයි ගම් වල ඉන්න දුප්පත් උන් නම් මොනා හරි අලයක් හාරන් කාලා කුරුම්බයක් ගහලා සැපේ ඉඳීවි
දුප්පත් උනුත් දැනග ගන්න ඕන ඉතින් එක එකා ගාව තුට්ටුවට වැඩ නොකර වැඩ ඩිමාන්ඩ් කරන්න
"මෙන්න මහත්තයා මඤ්ඤොක්කා කිලෝ 10, කෝ මට දෙන්න අර පවුම" වගේ විකුණන්න ඕන
මහ ඉඩමක් ඕන නැහැ ඔය කැලෑ කෑලි වල කන්න තියෙනවා ඕන තරම් අල ජාති
ගඟක්, වැවක්, ඇළක්, දොලක් ගාව ඉන්න දුප්පත් එකාට පුළුවන් මාලු ටිකක් අල්ලලා ධනපතියට දීලා රත්තරන්, රිදී ටිකක් ගන
අවුල කියන්නෙ දැණ් ඉන්න දුප්පත් උන් ගොඩක් අලයක්, කොළ ජාතියක් අඳුරන්නෙ නැති එක
මාළුවෙක් අල්ලන්න, ගහකට නඟින්න නොදන්න එක
එහෙම මුකුත් නොදැන...... සල්ලිත් නැති දුප්පත් උන්ට නම් වහල් සේවෙට තමා යන වෙන්නෙ