උබ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. දැන් බලපන් චීනේ ඉන්දියන් සාගරයේ යුධ බලය වැඩි කරමින් යන්නේ. ලංකාවේ ආර්ථික සහ ආරක්ෂක කටයුතු වලට මැදිහත් වෙලා ලංකාව අල්ලේ නටවන සයිස් එකට ඇවිත්. චීන සබ්මැරීන ලංකාව අවට මුහුඩේ ඔත්තු බලන බව ඉන්දීය ආරක්ෂක අංශ හෙළි කලා. අනාගත චීන යටත් විජිතය වන සිරි ලංකාවේ යුධ බලය නාවික පිහිටුම එහෙම චීනෙට.
චීනේ හැබැයි හෙන ගානක් හමුදාවේ උන් ඉන්නවා. උන්ට කන්න බොන්න දෙන්න පවා විශාල වියදමක් යනව. ඇමරිකාවේ ඉන්නෙ හමුදා කාරයෝ ගාන අඩුයි. උන් දෙන්නේ තාක්ෂණයෙන් ගේම. බලපන් වෝ ෆෙයා එකට බහින්නේ 8-10 සෙට් එකක්. උන්ට ද්‍රෝන් වල ඉදන් නයිට්විෂන්, සැටලයිට් උපකාරක, මේකි නොකී සහය සමග ගේම දෙන්නේ. මේවා ඇවිල්ල ආයෝජන. මේවා භාවිතා කරලා අඩු පාඩු හොයාගෙන අලුත් තාක්ෂනයන් ඉපදෙනවා.
රුසියාවේ සෝවියට් බිඳ වැටීමත් සමග යුධ බලය සදහා වියදම් ගොඩක් අඩු කලා. කලින් ඇමරිකාවටත් වඩා වියදම් කලා. න්‍යෂ්ටික අවි නම් දන්නෙ නෑ. හැබැයි මම දන්නා විදිහට ඇමරිකාව සහ රුසියාව එකතු වෙලා යුධ ශිර්ෂ අඩු කරන එකක් කලා. පරමාණුක අධිකාරියේ උන් ඉස්සරහ වෙන්න ඕනි ඕක කලේ. නැතිනම් බොරුවට පුළුවන් නේ අඩු කලා කියන්න.
හැබැයි රුසියාවේ ඕනි තරම් ඉඩ තියෙනවා මොකාටවත් හොයන්න බැරි වෙන්න ඕව හංගන්න