ලෝක විනාශය පිළිබඳ අනාවැකිය කියූ දිනය අත ළ&#348

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ලෝක විනාශය පිළිබඳ අනාවැකිය කියූ දිනය අත ළ&#348

    nibiru+collision+planetx+end+of+world+2012.jpg



    1309077616-43.jpg



    71643501788.jpg


    තව සති 10 කින් පමණ එනම් 2012 දෙසැම්බර් 21 වැනි දින ලෝක විනාශය සිදුවන බවට කතාවක්‌ පැතිර යන්න පටන් ගත්තේ අවුරුදු දෙක තුනකට පෙර සිටය. ලෝක ජනතාව මේ නිසා කිසියම් කම්පනයකට, තක්‌කුමුක්‌කුවකට පත් වූ වග නොකිවමනාය.
    ලබන දෙසැම්බර් 21 වැනි දින ලෝක විනාශය සිදුවිය හැකි යෑයි අනාවැකියක්‌ පළ කොට තිබුණේ කිතු උපතටත් වසර දහස්‌ ගණනකට පෙර මෙක්‌සිකෝවේ රජකම කළ පාකුල් බෝටන් නමැති රජුය. ඒ රජු විෂයයන් කීපයක්‌ පිළිබඳව හසළ දැනුමක්‌ සහිත කෙනකු වූ අතර ජ්‍යෙතිෂය, ගණන් ශාස්‌ත්‍රය, තාරකා ශාස්‌ත්‍රය, හෙතෙම හො¹කාරව දැන සිටි ශාස්‌ත්‍රයන්ය. බෝටන් රජු, තමන්ගේ අනාවැකිය, සෙල්ලිපියකද සටහන් කොට තිබිණි. ඒ සෙල්ලිපිය සොයා ගන්නා ලද්දේ 1950 ගණන්වලදී, මෙක්‌සිකෝවේ සිදුකෙරුණු පුරාවිද්‍යාත්මක කැණීම්වලදීය.
    කල්පයක අවසානයේ ලෝක විනාශය සිදුවන බව බෞද්ධයන්ගේත්, හින්දු බැතිමතුන්ගේත් මතය වී ඇත. ජ්‍යෙdතිෂ් ශාස්‌ත්‍රයේද සඳහන් වන්නේ එවැන්නකි.
    කල්පයකට අවුරුදු හය කෝටියකටත් වඩා අධික කාලයක්‌ ඇතුළත්ය. ජ්‍යෙතිෂයද ඇතුළු විවිධ ශාස්‌ත්‍රයන්ට අනුකූලව, ලෝකය පවතිනු ඇතැයි සැලකෙන කාලයෙන් හරි අඩක්‌වත් මේ වන විට ගෙවී ගොස්‌ නැත.
    ලෝක විනාශය සිදුවන බවට බෝටන් රජු අනාවැකියකින් කී දිනය අමාවක දිනට ආසන්නම දිනයකි. අමාවක දිනයක හෝ ඊට ආසන්න දිනයක හෝ මීට පෙරද යම් යම් ව්‍යසන සිදුව ඇති නිසා අවධානයකින් සිටීම යහපත්ය.
    එදින ග්‍රහයන් පොකුරකට එක්‌වන්න ඉඩක්‌ ඇතැයි සමහරු කියති.
    ග්‍රහයන් පොකුරක්‌ ඒකරාශි වූ විට විශ්ව සමතුලිතතාවයේ කිසියම් වෙනසක්‌ සිදුවන්නට බැරිකමක්‌ නැත. යම් හෙයකින්, එවැනි වෙනසක්‌ සිදුවුවහොත් නොසිතූ දේවල් සිදුවන්නටද බැරිකමක්‌ නැත.
    යට කී බෝටන් රජු සොබා දහමට අවනතව ක්‍රියා කළ රජකෙනකු වූ අතර මිනිස්‌ වර්ගයා විනාශයට පත්වන්නේ සොබා දහමට පටහැනි ආකාරයට ඔවුන් කරන විනාශකාරී ක්‍රියා හේතුවෙන් යෑයි ප්‍රකාශයක්‌ද කර ඇත.
    ඒ තත්ත්වය දැන් හොඳාකාරව කොයි කාටත් පෙනෙන්නට ඇති වග නොකිවමනාය. ගෝලීය උෂ්ණත්වය කෙමෙන් කෙමෙන් ඉහළ නඟින පාටක්‌ දැන් දක්‌නට ඇති අතර උත්තරාර්ධ ගෝලයේ හිම කඳු දිය වන්න පටන් ගෙන ඇත්තේ ඒ හේතුවෙනි.
    හිමකඳු දිය වන විට සිදුවන්නේ මුහුදු මට්‌ටම ඉහළ නැගීමය. මුහුදු මට්‌ටම ඉහළ නගින විට මුලින්ම අන්තරායකට ගොදුරුවන්නේ, එතරම් උස්‌භූමි රහිත රටවල්ය. මාලදිවයින ඒ තත්ත්වයට දැන් පත්ව තිබීමෙන්ම එය පැහැදිලිය.
    ලෝකයේ ජීවත් වූ දැවැන්තම සත්ත්ව විශේෂය ඩයිනෝසරයන් වූ අතර ඔවුන් විනාශ වූ බැව් කියන්නේ දැවැන්ත උල්කාපාතයක්‌ කඩා වැටීම නිසාය.
    මීට වසර ගණනාවකට පෙර දැවැන්ත ග්‍රහ වස්‌තුවක්‌ පෘථිවිය හා සමග ගැටෙන්නට ආ නමුත් අපේ වාසනාවකට එවැන්නක්‌ සිදුවූයේ නැත.
    මිනිස්‌ ප්‍රජාව ගැන සලකා බැලුවහොත් මිනිස්‌කමක්‌ සහිත මිනිසුන් සිටියේ ඉස්‌සරය. දැන් සිටින බොහෝ දෙනකු මිනිසුන් නොව නොමිනිසුන්ය. නිතරම වාගේ තැත් දරන්නේ කා කොට ගන්නටය. දුසිරිත් දුරාචාරද එමටය.
    ලෝක ජනගහනය දැන් කෝටි 700 කි. විනාඩියෙන් විනාඩියට ජනගහනය තව තවත් වැඩිවන අතර තව අවුරුදු 88 කින් මේ සියවස නිමාවන විට ලෝක ජනගහනය සමහරවිට කෝටි 1000 ක්‌, 1100 ක්‌ පමණ වන්නට බැරිකමක්‌ නැත. එය එසේ වුවද, භූමි ප්‍රමාණය එලෙස වැඩි වන්නේ නැත. තමන්ගේ අවශ්‍යතාවන් කුමනාකාරයකින් හෝ සපුරා ගන්නට සෑම පුද්ගලයකුම උත්සාහ දරන බැවින් එවිට තව තවත් ඇනකොටා ගන්නට මිනිසුන් මාන බලනවා සිකුරුය. එවිට සිදුවන්නේ ලෝක ජනගහන ගිනිකන්ද පුපුරා යැමය.
    කල්පයකට අති දීර්ඝ කාලයක්‌ ඇතුළත් වන අතර කල්පය අවසානයේ ලෝක විනාශය සිදුවන බව පිළිගැනුමය. කල්පයකට ඇතුළත් වර්ෂ ප්‍රමාණය 4,320,000,000 කි එනම් අවුරුදු කෝටි 432 කි.
    කෘත, ත්‍රෙතා, ද්වාපර හා කලියුග වශයෙන් යුග හතරක්‌ පවතින බව “මානසාගරී” නමැති ජ්‍යෙdතිෂ ග්‍රන්ථයේ සඳහන්ය. ඒ යුග හතරට පිළිවෙළින් අවුරුදු 17,28,000 ක්‌, 12,96,000 ක්‌, 8,64,000 ක්‌ හා 4,32,000 ක්‌ද බැගින් ඇතුළත්ය.
    ලෝකයේ සිදුවීගෙන යන විවිධාකාර විපර්යාසයන්ට අනුව දැන් එළඹ ඇත්තේ කලියුග කාලය වන්නට බැරිකමක්‌ නැත.
    මීට වසර ගණනාවකට පෙර සිදුවූ සුනාමි ව්‍යසනය, ලෝක විනාශයේ පෙරහුරුවක්‌ බඳුය. මුහුදේ නැව් පවා ගොඩ බිමට ගසාගෙන ආවේත් වහළ මතට මෝටර් රථ ද ගසාගෙන ගියේත්, කොන්ක්‍රීට්‌ සිල්පර සහිත රේල් පාරක කොටසක්‌ පැලඉනි වැටක්‌ පරිදි උඩු අතට හැරුණේත් පොල් වත්තක්‌ මැදට රේල්ලුවක්‌ ගසාගෙන ගියේත්, සුනාමියේදීය. ගොඩනැඟිලි සම්භාරයක්‌ කුඩුපට්‌ටම්ව ගියේත්, රටවල් ගණනාවක ලක්‍ෂ සංඛ්‍යාත පිරිසකගේ ජීවිත බිලි වූයේත් සුනාමියේදීය.
    එසේ වුවද, දකුණු පළාතේ එක්‌තරා ස්‌ථානයක සමුද්‍රාසන්නයේ බෝරුකක්‌ යට පිහිටි බුදුපිළිමයකට කිසිවක්‌ සිදුවූයේ නැත. එය ආශ්චර්යයකි···
    මිනිසා දැනුමින් දියුණු වූවත් චර්යා ධර්මවලින් පිරිහෙන්නට පටන්ගෙන ඇති වග නොකිවමනාය. “දුම්වැටියට විරුද්ධ වීමට ඔබට අයිතියක්‌ ඇතැයි බස්‌ රථවල දැන්වීමක්‌ ගසා ඇතත්, ඒවායේ දුම්පානය කරන අය නිරතුරු දැක ගත හැකිය. වයසක කාන්තාවන් පවා අතවරයට ලක්‌කරන තිරිසන් මිනිසුන් ගැන අසන්නට ලැබෙන අවස්‌ථාද ඇත. විටෙක වාර්තා වන්නේ තමන්ට දාව උපන් දූවරුන් පවා අතවරයට ලක්‌කරන පියවරුන් ගැනය. මත්පැනට දැන් මිනිසුන් කෙතරම් ඇබ්බැහිව සිටිනවාද කිවහොත් නත්තල්, අවුරුදු කාලවලදී පමණක්‌ නොව නිවෙස්‌වල ඕනෑම උත්සවයකදීද, බෝතලයට ලැබෙන්නේ මුල් තැනකි. මේ සියල්ල අධර්මයට සම්බන්ධ දේවල්ය.
    “ධම්මෝ හවේ රක්‌ඛති ධම්මචාරී” යි බුදුපියාණන් වහන්සේ දේශනා කොට ඇති අතර එහි තේරුම, ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්‍ෂා කරනු ලැබේ යන්නය.
    ධර්මයෙහි හැසිරුණොත් ලෝකය පෙරළුණත් බිය වන්නට හේතුවක්‌ නැත.
    පළමුවැනි ලෝක මහා සංග්‍රාමයෙන්, ලෝකයට සැලකිය යුතු හානියක්‌ සිදුවිය. දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් සිදුවූයේ බරපතළ විනාශයකි. යම් හෙයකින්, තෙවැනි ලෝක මහා සංග්‍රාමයක්‌ ඇති වුවහොත් ලෝකය සුන්නත් දූලිවී යන්නට බැරිකමක්‌ නැත. ලෝක විනාශය එය විය හැකිය.


    - විමල් වීරසේකර / Divaina
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔබලාව පිටසක්වල ජීවීන් හැර කවුරුත් ‍රැකවරණයක් දෙන්නේ නෑ.
    එකක් මතක තියාගන්න.ඉපදෙන්න කලින් සහ ඔබලා මැරුනාට පස්සේ හැමෝම සමානයි.එහෙම ඔයාලා හිතන විදිහේ විෂමතාවයක් නෑ.ධනවාදය මත පදනම් වුන විෂමතාවය තියෙන්නේ ජීවත්ව ඉන්නකම් විතරයි.ඒක ඉතාම තාවකාලික සහ කෘතිම එකක්. පව් හෝ පින් බලන්නේ ඔයාලා හිතන සරල විදිහට නෙවෙයි.ඊට වඩා ඉතාම බැ‍රැරුම්වයි.කාටවත් තනියෙන් ස්වර්ග ගතවෙන්න අපි ඉඩ තියන්නේ නෑ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ධර්මයෙහි හැසිරුණොත් ලෝකය පෙරළුණත් බිය වන්නට හේතුවක්‌ නැත

    එහෙනම් මේක ලියපු මහත්තයා මේක ලියන්න ඇත්තෙ අත කහනවට වෙන්ටැ :P
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    “ධම්මෝ හවේ රක්‌ඛති ධම්මචාරී” යි බුදුපියාණන් වහන්සේ දේශනා කොට ඇති අතර එහි තේරුම, ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්‍ෂා කරනු ලැබේ යන්නය.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මොනා කරන්නද?? විනාශ වෙනවනම් කට්ටියම එකටනේ... විනාශ වෙනකන් බලන් ඉමු..
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි