ලෝන් එකක් ගන්නකොට මොනාද සැලකිලිමත් වෙන්න ඕන

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    අර ළඟදි ලොකු ප්‍රශ්නයක් ගියා නේද ලෝන් එක අරන් ගෙවන කාලෙ වැඩිවෙලා කියල කට්ටියගෙ මොකක්ද බැංකුවක.

    මම පළවෙනි පර්සනල් ලෝන් එක ගන්න යන්නෙ මචන්. පිපල්ස් බැංකුවෙන්.

    මොනාද බන් දැනගන්න ඕන, උන්ගෙන් අහන්න ඕන දේව්ල්?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල
    උන්ගේ rate වෙනස් වෙනවා නේද, පොලිය වෙනස් වෙද්දී. හැම කේස් එකක්ම ආවේ ඕක නිසා නේ.

    ගෙවාගෙන යන්න යන්න පුළුවන්ද කියලා තමා උබ දැන ගන්න ඕනේ..
     
    • Like
    Reactions: Noah_Trent

    Noah_Trent

    Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    උන්ගේ rate වෙනස් වෙනවා නේද, පොලිය වෙනස් වෙද්දී. හැම කේස් එකක්ම ආවේ ඕක නිසා නේ.

    ගෙවාගෙන යන්න යන්න පුළුවන්ද කියලා තමා උබ දැන ගන්න ඕනේ..
    ඒ අර ෆික්ස්ඩ් , ෆ්ලොටින් රේට් එකද මචන්?

    රේට් එක ෆික්ස්ඩ් නම් අවුලක් නැද්ද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,693
    75,792
    113
    අර ළඟදි ලොකු ප්‍රශ්නයක් ගියා නේද ලෝන් එක අරන් ගෙවන කාලෙ වැඩිවෙලා කියල කට්ටියගෙ මොකක්ද බැංකුවක.

    මම පළවෙනි පර්සනල් ලෝන් එක ගන්න යන්නෙ මචන්. පිපල්ස් බැංකුවෙන්.

    මොනාද බන් දැනගන්න ඕන, උන්ගෙන් අහන්න ඕන දේව්ල්?
    කන්ඩිශන් ටික හොඳට කියවපන්, ලෝන් එක ගන්නකොට යන අමතර චාර්ජස් ගැන අවබෝදයක් ගනින්. ඕකට insurance එකක් දාපන් මලොත් settle වෙන්න. ගෙදර නිවි සැනසිල්ලේ ප්‍රශ්න ටික හිතාගෙන කොලේක ලියන් ගිහින් වෙලාව අරන් ලෝන් ඔෆිසර්ගෙන් අහල විසඳගනින්.
     
    • Like
    Reactions: Noah_Trent

    planner123

    Well-known member
  • May 22, 2018
    8,972
    15,421
    113
    Fixed rate da floating rate da ?
    Collateral onada ? Witnesses onada ?
    Fixed rate no Collateral no witnesses ganna eka thamai man recommend karanne.

    Banks keepayakata katha karala balanna. Ekak mathama depend wenna epa.
     
    • Like
    Reactions: Noah_Trent

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    අර ළඟදි ලොකු ප්‍රශ්නයක් ගියා නේද ලෝන් එක අරන් ගෙවන කාලෙ වැඩිවෙලා කියල කට්ටියගෙ මොකක්ද බැංකුවක.

    මම පළවෙනි පර්සනල් ලෝන් එක ගන්න යන්නෙ මචන්. පිපල්ස් බැංකුවෙන්.

    මොනාද බන් දැනගන්න ඕන, උන්ගෙන් අහන්න ඕන දේව්ල්?

    loan rate eka, loan eka fixed da variable da kiana eka correct duration eka loan repayment date eka. oya tika thama ona wenna. credit card ekakut issue karawi samaharawita.
     
    • Like
    Reactions: Noah_Trent

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල
    ඒ අර ෆික්ස්ඩ් , ෆ්ලොටින් රේට් එකද මචන්?

    රේට් එක ෆික්ස්ඩ් නම් අවුලක් නැද්ද
    ඔව්, මහජන බැංකුවේ නම් ලොකු අවුලක් නෑ මං දන්න විදිහට. Fix තියනවා නම් හොඳ කියලා තාම මට හිතෙන්නේ.
    මගේ නම් ඔක්කොම commercial තියෙන්නේ මම නම් amount එකයි, වාරිකේ වටිනාකමයි, රෙට් එකයි විතරයි ඔවාගේ බලන්නේ..

    මේ ලඟදි office එකේ කෙනෙක්ගේ 2.7mil එකකට අත්සන් ගහන්න ගිය, මොකොවත් බලන්නේ නැතිව අතාසන් ගහගෙන යන දිහා බලන් ඉදලා ඒකී බැරිම තැන කිව sir මේකේ අත්සන් කරන්නේ අයිති කාරය ගේවුවේ නැත්තම් sir මේක ගේවන් යනවා කියලා... :lol: :lol: ඊට පස්සේ තමා loan එකේ විතර තියන කොලේ ඉල්ලන් බැලුවේ.
     
    • Like
    Reactions: Noah_Trent

    Similar threads