බදුල්ලේ ටැමි ලිපිය,මැදිරිගිරියේ පුවරු ලිපිය,මන්නාරමේ කචිචේරිය ටැමි ලිපිය වැනි සෙල්ලිපි ගණනාවක් සඳහා නව අර්ථකථන ගෙන දෙමින් වැරදි ලෙස පිටපත් කර වැරදි අරුත් ගෙන දුන් ඒවා නිවැරදි බවට පත් කරණ ලදි. සඳකඩ පහණ තුළින් නිරෑපණය වන්නේ භව චක්‍රය බව පරණවිතාන මහතාගේ අදහස විය.එමෙන්ම පඬුවස් නුවර කැණීමි වලින් හමු වූ එක්ටැමි ගෙය හි නෂ්ඨාවශේෂ මහා පරාක්‍රමබාහු රජු චක්‍රවර්තී ආකල්පය රටට පල කිරීමට කළ ගොඩනැගිල්ලක අවශේෂ බවත් පෙන්වා දෙයි.
ඵ් ඵ් යුග වල පැවැති පාලන ක්රමයන් , නිල තල ,ආර්ථිකයන් මෙන්ම සිංහල ,පාලි,සංස්කෘත වැනි භාෂා පිළිබඳවද පූර්ණ දැනුමකින් පිරිපුන්ව සිටි පරණවිතානයන් වටිනා සාහිත්‍ය කෘතීන් ඵළි දක්වයි.සිංහලයන් පිළිබඳ ඓතිහාසික සහ පුරා විද්‍යාත්මක තොරතුරු දක්වමින් සිංහලයෝ (sinhalayo) නමින් ශාස්ත්‍රීය ග්රන්ථයක් කරයි.
කුටිටම් පොකුණ,අනුරාධපුර මඟුල් උයන,මැදිරිගිරිය,වටදාගෙය,සීගිරි පියසට අයත් වට පිටාව වැනි ස්ථාන වලට ස්වාභාවික පරිසරයක් සකස් කර දීමටද එම ස්ථාන අලංකාර කිරීමටද පරණවිතාන මහතාගේ ප්‍රඥාව ඉවහල් විය. ලංකාවේ ප්‍රථම අගනුවර වූ අනුරාධපුරයෙහි පුරා විද්‍යා කෞතුකාගාරයක් පිහිටුවීමේ ගෞරවයද මෙතුමාට හිමි වේ.
" මනුෂ්‍යාගේ සංසාරික පුරුද්ද සත්‍යයක්ය යන්න ඔප්පු කිරීමේ පරම නිදර්ශනයක් වූ පරණවිතාන මහතා තුළ කා වැදී තිබුණ පුදුම කුසලතාවන් දෙස බලන විට ,එතුමාට සම කළ හැකි අන් කිසිවකු මේ රටේ නොවු බවත් ,වර්තමානයේ ජිවත් නොවන බවත් අවිවාදයෙන් පිළිගත යුතුව තිබේ." (ඉන්ද්‍රාණි වීරසිංහ, 34 පිටුව, 'මහ ඇදුරු සෙනරත් පරණවිතාන')
එතුමාගේ සේවාවෙහි ශ්‍රේෂ්ඨත්වය මෙම හදුන්වා දීමෙන් පැහැදිලි වේ.1956 දෙසැමිබර් මස 26 දින සෙනරත් පරණවිතාන මහතා පුරා විද්‍යා කොමසාරිස් ධූරයෙන් සමු ගන්නා ලදි.අනතුරුව1957 සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා මහාචාර්ය තනතුරට පත් විය.මෙය ලංකාවේ විශ්ව විද්‍යාලයක ඇති කරණ ලද ප්‍රථම පුරාවිද්‍යා මහාචාර්ය පදවියයි.1960 දී විද්‍යෙදය විශ්ව විද්‍යාලයෙන් "සාහිත්‍ය ශූරී " සමිමාන උපාධිය ලැබුණි.1962 දී විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයද "සාහිත්‍ය චක්‍රවර්තී " සමිමාන උපාධියද පිරි නැමීය.1964 දී එතුමා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් විශ්‍රාම ගෙන කොළඹ පදිංචියට පැමිණෙති.
දරුවන් නොසිටියද ඔහු සතු වු මානුෂීය දයාව, කරුණාවෙන් හෙබි හදවත නිරතුරුවම ස්නේහයෙන් පිරී පැවතුණි. 1969 දී එතුමන්ගේ සියළු කටයුතු සඳහා පසුපසින් සිටි පරණවිතාන මැතිණිය මිය යයි.පරණවිතාන මහතා විශ්‍රාම ගැනීමෙන් අනතුරුවද පුරා විද්‍යා කටයුතු පිළිබඳව සොයා බැලීය.1972 ඔක්තොමිබර් මස 04 වෙනි දින සෙනරත් පරණවිතාන නමි ශ්‍රේෂ්ඨ විද්වතාණන්ගේ අභාවය සිදු විය. නමුත් ඔහුගේ සේවාව පුරා විද්‍යා ක්ෂේත්රය පුරාවටම රැදී පවතිනු ඇත.