~~ ලෝ ප්‍රකට විද්වතුන් ~~

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ~~ ලෝ ප්‍රකට විද්වතුන් ~~

    සිග්මන්ඩ් ප්‍රොයිඩ්


    Fgjgjgjgjgj.JPG




    සිග්මන්ඩ් ප්‍රොයිඩ් යනු ඕස්ට්‍රියානු ජාතික ස්නායු විද්‍යාඥ සහ මනෝ චිකිත්සකයෙකි. මොහු විසින් මනෝ විද්‍යාවේ සඳහා වූ මනෝ විශ්ලේෂණ ක්ෂේත්‍රය සඳහා පුරෝගාමී විය. ප්‍රොයිඩ් ආවේනික මනස සහ අවරෝධනය සඳහා ආරක්ෂණ යාන්ත්‍ර සඳහා වන න්‍යායන්වලට ප්‍රසිද්ධාත්වයක් උසුලයි. තවද ලිංගිකත්වය සඳහා ආශාවන් මිනිසාගේ ප්‍රාථමික අභිප්‍රේරණ ශක්තියක් ලෙස ද ප්‍රකාශ කොට ඇත. තවද මොහු රෝග ප්‍රතිකර්ම සම්බන්ධතාවයක් තුළ ඇතිවිය හැකි සංක්‍රමණය පිළිබඳ ද, සිහිනයන් අචේතනික මනස තුළ ඇති ආශාවන් පිළිබඳ තොරතුරු පෙන්වන දර්ශනයක් ලෙස ද සෛද්ධාන්ත බිහි කරන ලදී.

    ප්‍රොයිඩ් මනෝ විශ්ලේෂණයේ පියා ලෙස ප්‍රසිද්ධ වී ඇති අතර තවද ඔහුගේ කාර්යයන් නිසා අචේතනික මනස , ඉඩිපස් සංකීර්ණය , ආරක්ෂණ යාන්ත්‍රණ , ප්‍රොයිඩිය Slips, ඔහු විසින් සාහිත්‍යය, සිනමාකරණය, මාක්ස්වාදය සහ ස්ත්‍රිත්වය පිළිබඳ න්‍යායන් සහ මනෝ විද්‍යාව යන විවිධ ක්ෂේත්‍රයන් හි දිගු කල් පවත්නා බලපෑම් ඇති කොට ඇත. ඔහුගේ ජීවිත කාලය තුළ බොහෝ ලෙස විවේචනාත්මක චරිතයක් වූ ප්‍රොයිඩ් තවදුරටත් විවාදාත්මක චරිතයක් වෙමින් ඔහුගේ මතයන් මතභේදයන්ට තුඩු දෙමින් පවතී.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    479px-Einstein1921_by_F_Schmutzer_4.jpg







    ඇල්බට්‍ අයින්ස්ටයින්




    ඇල්බට්‍ අයින්ස්ටයින් ජර්මනියේ උපත ලද සෛද්ධාන්තික භෞතිත විද්‍යාඥයෙක් විය. ඔහු සිය සාපේක්ෂතාවාදය හා ස්කන්ධ - ශක්ති තුල්‍යතාව ( E = mc2) සඳහා වඩාත් ප්‍රසිද්ධ ‍වී ඇත. අයින්ස්ටයින් “ඔහුගේ සෛද්ධන්තික භෞතික විද්‍යාව සදහා වු සේවය හා විශේෂයෙන්ම ප්‍රකාශ විද්‍යුත් ආචරණ නියම වල සොයා ගැනීම්‍” නිසා 1921 දී භෞතික විද්‍යාව සදහා වු නොබෙල් තග්‍යායෙන් පිදුම් ලැබීය.

    යාන්ත්‍ර විද්‍යාව සහ විද්‍යුත් චුම්භකත්වය නැවත සම්බන්ධ කරමින් ඉදිරිපත් කළ විශේෂ සාපේක්ෂතාවාදය සහ නව ගුරුත්වාකර්ෂණ වාදයකට නිර්මාණය කරමින් සාපේකෂතාවාදී මූලධර්ම ඒකාකාරී නොවන චලිතවලට ද අදාල කරමින් ඉදිරිපත් කළ සාමාන්‍ය සාපේක්ෂතාවාදය ද භෞතික විද්‍යාවට අයින්ස්ටයින් දැක්වු ප්‍රධාන දායකත්වන් වේ. ඔහුගේ අනෙකුත් දායකත්වයන් අතරට (සාපේක්ෂවාදී තාරකා විද්‍යාව , විශ්ව න්‍යාය විද්‍යාව) කේශික ක්‍රියාව, අවධි උපලනය, ස්ථිතිමය යාන්ත්‍ර විද්‍යා‍ෙව් ගැටළු හා ඒවායේ ක්වොන්ටම්‍විද්‍යාත්මක යෙදීම්‍, අණුක බ්‍රවුනිය චලිතය පිළිබඳ විවරණය, සංක්‍රමණ සම්‍භාවිතාව, ඒක පරමාණුක වායු පිළිබඳ ක්වොන්ටම්‍වාදය, අඩු විකිරණ ඝනත්වයක් සහිත ආලෝකයේ තාප ගුණ (මෙය ෆෝටෝන වාදයයට මුලික පදනම විය) උත්තේජිත විමෝචනය ඇතුලත් විකිරණ වාදය, ඒකීකෘත ක්ෂේත්‍රවාද සංකල්පය, භෞතික විද්‍යා‍ෙව් ජ්‍යාමිතිකකරණය ආදිය අයත්ය.

    ඇල්බට්‍අයින්ස්ටයින් පල කළ ප්‍රකාශන අතරට විද්‍යාත්මක පත්‍රිකා /නිබන්ධන පනහකට වැඩි ප්‍රමාණයක් ද විද්‍යාත්මක නොවන පොත්පත් අයත් වේ. භෞතික විද්‍යාව සම්බන්ෂධ පිරිස් අයින්ස්ටයින් පුජක තත්වයේ ලා සලකන අතර 1999 දී “ටයිම්‍” සගරාව මගින් ඔහු “ශතවර්ෂයේ මිනිසා” වශයෙන් නම්‍කරන ලදී. ඔහුගේ නම ගැලීලියේ ගැලීලි, අයිසැක් නිවුටන්, චාල්ස් ඩාවින්ස් වැනි විද්‍යාඥයන්ගේ නම් අතර ඔවුන් ද පවා අභිබවා යන තරම් විශිෂ්ඨ විද්‍යාඥයෙක් ලෝක ඉතිහාසයේ සුප්‍රසිද්ධම විද්‍යාඥයා වන්නේ ද ඇල්බර්ට් අයින්ස්ටයින්මය. වර්තමාන සංස්කෘතිය තුල “අයින්ස්ටයින්” යන්න විශිෂ්ට බුද්ධිමතා යන වචනයට සමාන පදයක් වශයෙන්ද භාවිතා වේ.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Chamith01.JPG






    ආකිමීඩිස්​




    ග්‍රීක ජාතිකයෙකු වූ සිරකියුස්හි ආකිමීඩිස් ගණිතඥයෙකු, භෞතික විද්‍යාඥයෙකු ඉංජිනේරුවකු, නව නිපැයුම්කරුවෙකු සහ තාරකා විද්‍යාඥයෙකු විය. ඔහුගේ ජීවිතය පිළිබඳ දැනට සොයාගෙන ඇති තොරතුරු ප්‍රමාණය ඉතා කුඩා වේ. නමුත් ආදී කාලීන විද්‍යාඥයන් අතරින් ප්‍රමුඛ ස්ථානයක් ආකිමීඩිස්ට හිමි වන බව සැලකේ. ද්‍රවස්ථිති විද්‍යාව සඳහා පදනම සැපයීමත් ලීවරයේ මූලධර්ම පැහැදිලි කිරීමත් ආකිමිඩීස් භෞතික විද්‍යාවේ දියුණුවට කටයුතු කළ බව පෙනේ. ඔහුගේ නිර්මාණ අතරට බලකොටු ආදියට පහර දී අල්ලා ගැනීමට නිර්මාණය කළ යන්ත්‍ර මෙන්ම ඔහුගේ නමින් ම හැඳින්වෙන ඉස්කුරුප්පු පොම්පය ද අයත් වේ. මේ අතර ආකිමිඩීස් විසින් ප්‍රහාරක නැව් ජලයෙන් ඉහලට එසවිය හැකි යන්ත්‍ර නිර්මාණය කළ බවට සහ දර්පණ සමූහයක් ආධාරයෙන් නැව් ගිනිබත් කළ බවට ඇති විශ්වාසයන් පරීක්ෂා කිරීමට නූතන පර්යේෂණ සිදු කර ඇත. මේ දක්වා ලොව පහල වූ ශ්‍රේෂ්ටතම ගණිතඥයෙකු ලෙස ආකිමිඩීස් සැලකේ. ඔහු නිරවශේෂණ ක්‍රමය ඇසුරින් අපරිමිත ශ්‍රේණියක ඓක්‍ය භාවිතයෙන් පරාවලයක මාපය තුළ අඩංගු ක්ෂේත්‍රඵලය ගණනය කළ අතර () පයි හි අගය සඳහා පුදුම සහගත තරම් නිවැරදි අගයයක් ඉදිරිපත් කළේය. තවද ඔහු වර්තමානයේ ඔහුගේ නමින්ම හැඳින්වෙන සර්පිලය අර්ථ දැක්වූ අතර පරිභ්‍රමණය වන පෘෂ්ටයන්හි සූක්ෂම ක්‍රමයක් නිර්මාණ කිරීමත් සිදු කලේය. සිරකියුස් ප්‍රදේශයට පහරදී අල්ලා ගැනීමේ දී රෝමානු සොල්දාදුවෙකු අතින් ආකමීඩිස් මරණයට පත්විය. එසේ නමුත් එම සොල්දාදුවාට ආකිමීඩිස්හට පීඩා නොකරන ලෙස නියෝග ලැබී තිබූ බව කියැවේ.



    සිසෙරෝ ආකිමිඩීස්ගේ සොහොන බැලීමට යාම ගැන විස්තර කර තිබෙන අතර ආකිමිඩීස්ගේ සොහොන මත සිලින්ඩරයක් තුළ කොටන ලද ගෝලයක් සහිත ස්මාරකයක් වූ බව එහු සඳහන් කර තිබේ. එවැනි සිලින්ඩර ගෝල යුගලක් සඳහා ගෝලයේ පරිමාව සහ ක්ෂේත්‍රඵලය (පාද සහිතව සැලකූ විට) සිලින්ඩරයේ එම අගයන් ගෙන් 2/3 කට සම වන බව ආකිමිඩීස් සාධනය කළ අතර ගණිතමය වශයෙන් තමා ලබා ගත් ශ්‍රේෂ්ටතම ප්‍රතිඵලය මෙය ලෙස ඔහු සැලකීය. අතීතයේ දී, ඔහුගේ සොයා ගැනීම් මෙන් නොව, ඔහු පල කළ ලිපි එතරම් ප්‍රසිද්ධියට පත් නොවීය. ඇලෙක්සැන්ඩ්‍රියානු ගණිතඥයින් ඒවා කියවා ඇති අතර ඒවායෙන් උපුට‍ා ගැනීම් ද සිදු කර ඇත. නමුත් මුල්වරට සතුටුදායක මට්ටමේ ආකිමිඩීස් ලිපි එකතුවක් පල කර ඇත්තේ ක්‍රි.ව. 530 දී මිලේටස්හි ඉසිඩෝ විසිනි. ආකිමිඩීස්ගේ ලිපි වඩාත් වැඩි පාඨක පිරිසක් අතරට ගෙන යාම සඳහා ආධාර වූයේ ක්‍රි.ව. 6 වැනි සියවසේ දී යුටෝසියස් විසින් ආකිමිඩීස් ලිපි පිළිබඳ ලියූ විග්‍රහය වේ. මධ්‍යතන යුගය අවසාන වන විට ආරක්ෂා වී තිබූ ආකිමිඩීස්ගේ ලිපි කිහිපයක පිටපත් විද්‍යාත්මක පුනරුද සමයේ විද්‍යාඥයන්ට බලපෑම් ඇති කළ සේම ඔවුන්ට අදහස් සඳහා මූලයක් ලෙස ද ක්‍රියා කලේය. 1906 වර්ෂයේ දී ඒ වන තෙක්‍ ලොවට හෙලි වී නොතිබූ ආකිමිඩීස් පත්‍රිකා (මෙහිදී ආකිමිඩීස්ගේ ලියවිලි මකා නැවත යොදා ගෙන ඇත.) සොයා ගැනීමත් සමඟ හෙලි වූ අතර ඒ ඔස්සේ ආකිමිඩීස් නිගමනයන්ට එළැඹුණු ආකාරය පිළිබඳ අවබෝධය ලබා ගැනීමේ ආවස්ථාවක් පහල විය.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Louis_Pasteur.jpg






    ලුවී පාස්චර්



    * උපත - දෙසැම්බර් 27, 1822 ප්‍රංශයේ ඩෝල් නුවර (Dole)

    * මිය ගිය වර්ෂය - සැප්තැම්බර් 28, 1895 (වයස 72) 92 ප්‍රංශයේ මාර්නෙස් ලා ‍කොකෙට් නම් ස්ථානය



    ලුවී පාස්චර් ප්‍රංශ රසායන විද්‍යාඥයෙක් හා අනුජීව විද්‍යාඥයෙකි. ඔහු වඩාත්ම ප්‍රසිද්ධ වූයේ නොයෙකුත් රෝග වළක්වා ගැනීමට ඔහු කළ සොය‍ාගැනීම් නිසාවෙනි. ඔහුගේ පර්යේෂණවලින් රෝග වැළඳීමට මුල්වන විෂබීජ පිළිබඳ නියමය තහවුරු වූවා පමණක් නොව , උපන්ගෙය සන්නිය හෙවත් පශ්චාත් ප්‍රසව උණ මගින් සිදු වන මරණ සංඛ්‍යාව අඩු කිරීමට ද මහඟු දායකත්වයක් ලබා දුණි. ඔහු ප්‍රථමවරට ජල භීතිකාවට එරෙහිව එන්නත් සොයාගත් පුද්ගලයා ද විය. ඔහු තවත් ප්‍රසිද්ධ වීමට කරුණක් වූයේ ඔහු කිරි හා වයින් වලින් රෝගී වීම වැළැක්වීමට ක්‍රමවේදයක් සොයාගැනීමයි. එය පාස්චරීකරණය නම් වේ. ෆර්ඩිනන්ඩ් කෝන් (Ferdinand Cohn) හා රොබට් කොච් (Robert Koch) ගෙන් පසු අනුජීව විද්‍යාවේ පුරෝගාමියෙකු ලෙස ද ලුවී පාස්චර් හැඳින්වේ. ඔහු රසායන විද්‍යා අංශයෙන් ද, නව සොයා ගැනීම් බොහොමයක් සිදු කළේය. ස්ඵටිකවල අසමමිතික බව සොයා ගැනීම ඉන් එකකි. ඔහු මිය ගිය පසු, ප්‍රංශයේ ගෞරව බුහුමන් මැද “ඉන්ස්ටිටට් පාස්චර්” නම් ස්ථානයේ වළ දැමූ අතර, එය කොතරම් ‍ෙගෟරවයක් ද යත් ප්‍රංශයේ “වීරෝධාර මිනිසුන්” නමින් හැඳින්වෙන පුද්ගලයන් පවා එහි වළදමා නොමැත. එනම්, එම ස්ථානය අතිශයින් ගෞරවයට පාත්‍ර වූවකි.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Victor_Hugo.jpg






    වික්ටර් හියුගෝ​






    19 වැනි සියවසේ ප්‍රංශයේ මහා කවියා ලෙස මෙන්ම, රොමාන්තික නවකතා ආරේ ප්‍රමුබයකු ලෙස සලකනු ලබන වික්ටර් මාරි හියුගෝ (1802–85) අප අතර ප්‍රසිද්ධියක් උසුලන්නේ විශේෂයෙන්ම මනුතාපය සහ නෝත්‍රදාමයේ කුදා යන නවකතා නිසාය. "වික්ටර් හියුගෝ යනු, තමා වික්ටර් හියුගෝ යැයි විස්වාස කළ පිස්සු මිනිසෙක්" යැයි ජන් කොක්ටෝ නමැති ප්‍රංශ කවියා පළ කර ඇත. මෙම කියුම, සාහිත්‍යයෙහි මෙන්ම, ලිංගිකත්වයෙහිද දැවැන්තයෙකු වූ හියුගෝගේ අසීමිත ජවය සහ විසංවාදී පැවතුම් හකුළුවා දක්වන්නකි.

    යෝධ කාය ශක්තියකින් සහ මනා සෞබ්‍යයකින් යුතුවූ වික්ටර් හියුගෝ, දිනකට නිදා ගත්තේ පැය හතරකටත් වඩා අඩු වේලාවකි. දවස ඇතුළත වරින් වර කාන්තාවන් කිහිප දෙනෙකු සමග සබඳකම් පවත්වා, රාත්‍රියෙහි අනියම් බිරියක වෙත කිට්ටු කිරීම ඔහුට එතරම් කාරියක් වූයේ නැත. කෑමටද රුසියෙක් වූ ඔහු, කෝසස් කීපයකින් සමන්විත ආහාර වේලක් ගැනීමෙන් පසුව, දොඩම් ගෙඩි හයක් ලෙල්ලත් සමගම කා දැමූ බව වාර්තා වී තිබේ.

    හියුගෝ, අවුරුදු විස්සේදී ඇඩලා ෆුෂර් නමැත්තිය සමග විවාහ වූයේය. ඇය, ඔහුගේ සොහොයුරා වූ ඉයුජීන් පෙම් බැඳ සිටි තරුණියයි. කෙසේ වුවත් ඉයුජීන් තුළ වූ බලාපොරොත්තු ගැන කිසිත් ඇඩලා දැන සිටියේනැත. විවාහය සිදු වූ දිනයෙහි ඉයුජීන් උමතු වුයේය. උත්සව ශාලාවේ සිට කෙලින්ම පිස්සන් කොටුවට ගෙන යනු ලැබූ ඔහුට ජීවිතාන්තය දක්වාම එහි රැඳීමට සිදු විය.

    තුන් වැනි නැපෝලියන් රජු කෙරෙහි අප්‍රසාදය පළ කිරීම නිසා 1851 වසරෙහි පැරිසියෙන් පිටුවහල් වී ගැවෙර්තී දූපතෙහි ජීවත් වන්නට ඔහුට සිදු වුණි. එසමයෙහි ඔහුගේ නිවස කෙරෙහි සංචාරකයන්ගේ විශේෂ අවධානය යොමු විය. එයට හේතුව වූයේ ඔහුගේ සාහිත්‍යකාර කීර්තිය නොව, ඔහු සෑම දිනකට මධ්‍යාහ්න වේලාවේදී ගෙදර ඉස්තෝප්පුවට පැමිණ ඇඳුම් සියල්ල ගලවා විසි කර, සීතල වතුර බාල්දි කිහිපයක් ඔලුවේ හලා ගනිමින් ගොරහැඩි ලෙස ඇඟපත උලන්නට පුරුදු වී සිටි නිසා බව කියනු ලැබේ.

    1833 වසරෙහි ඔහු, ජුලියට් ඩෘවේ නමැති අභිරුපිකාව සමග හාද වූයේය. නිළියක මෙන්ම, ප්‍රසිද්ධ ධනවතුන් කිහිප දෙනෙකුගේ පෙම්වතියද වූ ඈ, ඔහුගේ ජීවිතයට මහත් බලපෑමක් ඇති කළ එකියක වූවාය. මෙම සබඳකම ජුලියට්ගේ මරණය තුරා වසර 50 ක් තිස්සේ පැවතුණ අතර, ඇය විසින් හියුගෝට ලියන ලද පෙම් හසුන් ගණන 17,000 ඉක්මවූ බවද කියවේ.

    1844 වසරෙහි හියුගෝගේ විශේෂ උනන්දුව, ලියෝනි ද ඔනේ නමැති රූමතිය වෙත යොමු විය. මෙම අනියම් පෙම්වතුන් යුවල පසු පස පොලිසිය යොදවා, සුදුසුම අවස්ථාවක ඔවුන් අත් අඩංගුවට පත් කරවන්නට ලියෝනිගේ සැමියා සමත් වූයේය. මෙම පටලැවිල්ලෙන් හියුගෝ ලිස්සා ගියේ, වංශාධිපති මණ්ඩලයෙහි තමා දැරූ සාමාජිකත්වයේ ආනුභාවයෙනි. කෙසේ වුවත්, පරදාර සේවනයේ යෙදීමේ වරදට උසාවියෙන් වරදකාරිය කරනු ලැබූ ලියෝනිට, සිර දඬුවම් නියම විය. ඇය සිර ගෙදර ගත කළ කෙටි කාලය ඔවුන්ගේ නොමනා ඇසුරට යෙදුණ කෙටි විරාමයක් වූවා පමණි. ජුලියට්ගේ සටහන් අනුව වුවද, 1848–50 වසර දෙක ඇතුළත පමණක් හියුගෝ විසින් සබඳකම් පවත්වනු ලැබූ කාන්තාවන්ගේ ගණන 200 ඉක්මවයි.

    1870 වසරෙහි ඔහු ආපසු පැරිස් නුවර පදිංචියට ආවේ, ජාතික වීරයකු ලෙස ජනතාවගෙන් මහත් හරසර ලබමිනි. කවදත් තමා ගැන මහ ඉහළින් සිතූ ඔහු, පැරිස් නගරයෙහි නම "හියුගෝ" යනුවෙන් වෙනස් කෙරෙනු ඇතැයි දැඩි ලෙස අපේක්ෂා කළේය.

    ලිවීම කරගෙන යන අතර හිසේ රැඳී තිබිය යුතු රුධිරය, වාඩි වූ විට අධෝ භාගය කරා ගමන් කරන බව හියුගෝ විස්වාස කළේය. මේ නිසා අනෙකුත් ලේබකයන් ලියන්නේ හිසින් නොව අධෝ මාර්ගයෙන් යැයි පළ කළ ඔහු, ලියූ හැම දෙයක්ම ලියුවේ හිටගෙනමය! මේ පුදුමාකාර ලේබකයා කිසියම් නිර්මාණ කාරියක දීර්ඝ වේලාවක් නිරත වන්නට අවශ්‍ය වූ විටකදී, තමාට ලියන කාමරයෙන් පිටවී යාමට නොහැකි වන සේ තම ඇඳුම් පැළඳුම් සඟවා තබන ලෙස සේවකයනට උපදෙස් දීමටද පුරුදුව සිටියේය.


    වයස අවුරුදු 70 දී ඔහු, තියොෆයිල් ගෝටියර් නමැති ලේබකයාගේ දෙවිසි හැවිරිදි දියණිය හාද කර ගත්තේය. මෙම වකවානුවෙහි ලා බාල නිළියක වූ සේරා බර්නාඩ් (1844–1923) සමග සබඳකම් පවත්වන්නටද ඔහු සමත් වූයේය. "දිව්‍යමය සේරා" යන විරුදාවලියෙන් ඔස්කාර් වයිල්ඩ් විසින් ඔසවා තබනු ලැබූ ඒ අසමාන වේදිකා නිළිය ද, එසේ මෙසේ කාන්තාවක් නොව, හියුගෝටම ගැලපෙන ළඳක් වූවාය. වික්ටර් හියුගෝ, රෙසින්, ඩුමා මෙන්ම, පසු කලක මහත් ප්‍රසිද්ධියට පත් වූ රොස්ටාන්ගේ (1868–1916) නාට්‍යවලද රඟ පෑ මේ ශ්‍රේෂ්ඨ නිළිය පැරිසියේ මෙන්ම ලන්ඩනයේ රඟහල්වලද නිතර පෙනී සිටින අතරම, ඉහළම පෙළැන්තියේ පෙම්වතුන් අති විශාල සංබ්‍යාවකගේ සුරතලිය බවට පත් වූවාය. වික්ටර් හියුගෝ මෙම නිළියට වඩා අවුරුදු පනහකින් පමණ වැඩිමහල් වූයේය. නාට්‍ය ශිල්පී රොසටාන්, ඇයට වඩා අවුරුදු 23 කින් පමණ බාලයෙකි. ඇය, වයස අවුරුදු 66 දී අමෙරිකාවේ සංචාරයක යෙදුණ අතර, ඇය සමග හාද වී වසර හතරක් තිස්සේ සබඳකම් පැවැත්වූ ලු ටෙගලන් නම් ලන්දේසි ජාතික යෝධයා ඇයට වඩා අවුරුදු තිස් පහකින් පමණ බාලය. ඔහු සමග ඇසුරු කළ කාල සීමාව තමාගේ ජීවිතයෙහි ඉතාමත් සුන්දර වසර හතර වූ බැව් ඈ සඳහන් කර ඇත. හිරිමල් වියේදී තම මවට ඇවිටිලි කර, "සුබොපභෝගී" රෝස්වුඩ් මිනීපෙට්ටියක් මිලට ගත් සේරා බර්නාඩ්, විටක එහි නිදා ගැනීමට පුරුදු වී සිටියාය. සමහර අවස්ථාවලදී ඈ කැමරා ශිල්පීන්ට මුහුණ දුන්නේද මිනීපෙට්ටිය තුළ සිටිමිනි.

    1905 වසරෙහි සිදු වූ හදිසි අනතුරක් නිසා සේරාගේ කකුලක් 1914 දී කපා ඉවත් කිරීමට සිදු විය. කෘතිම පාදයක් යොදා ගැනීම ප්‍රතික්ෂේප කළ ඇය, වේදිකා ආම්පන්නවලින් රුකුල් ලබමින් ජීවිතයේ අවසාන කාලය දක්වාම වේදිකාවේ පෙනී සිටියාය.



    අසූ වැනි වියෙහි පසු වූ වික්ටර් හියුගෝ, වරක් කාන්තාවක සමග හැසිරෙන අතර, ඔහුගේ පුංචි මුනුපුරෙක් හදිසියේම කාමරය තුළට එබුණේය. "ජෝර්ජ්, පොඩි එකෝ, මේකට තමයි ප්‍රතිභා සම්පන්න බව කියන්නේ," යනුවෙන් ඔහු නොපැකිළ පැවසුවේය. වයස 83 දී මිය යන්නට පළමු, අවසාන මාස හතර තුළ ද ඔහු කාන්තාවන් අට දෙනෙකු සමග පෞද්ගලික සම්බන්ධකම් පැවැත්වූ බව ඔහුගේ දින සටහන්වලින් හෙළි වී ඇත. මේ පුදුමාකාර පුද්ගලයාගේ අවසන් මොහොතට පෙර ඔහුගේ මුවින් පිට වූයේ "මට කළු පාට ආලෝකයක් පෙනෙනවා" යන්නය.​