ලoකාවේ ලොකුම පුස්තකාලය තියෙන්නෙ මෙතනයි
ශ්‍රී ලංකාවේ ලොකු ම පුස්‌තකාලය
තිබෙන්නේ පාර්ලිමේන්තුවේ
"මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට පැමිණිලා බුදු දහම ස්‌ථාපිත කළාට පසු මේ රටේ සාහිත්‍යයේත් භාෂා ඥනයේත් විශාල දියුණුවක් ඇති වුණා. පොළොන්නරුවේ ආලාහන පිරිවෙන පිළිබඳව කරන ලද ගවේශනවලින් ශ්‍රී ලංකාවේ පුස්‌තකාල පරිහරණයේ දියුණු ක්‍රමවේදය හෙළිදරව් වනවා" යනුවෙන් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා පැවසී ය. ජුනි 30 වැනි දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති ශ්‍රී ලංකා පුස්‌තකාල සංගමයේ 50 වැනි සංවත්සර සැමරුම් උත්සවයේ දී තවදුරටත් අදහස් දැක්‌වූ අමාත්‍යවරයා, "බුත්සරණ, දහම් සරණ, සඟ සරණ, දළදා සිරිත, අමාවතුර, සද්ධර්ම රත්නාවලිය වැනි ඉහළ ශාස්‌ත්‍රීය කෘති බිහි වුණේ උසස් භාෂා සාහිත්‍යයක් ශ්‍රී ලංකාවේ තිබුණු නිසයි. ලෝකයේ තිබෙන ලොකු ම ග්‍රන්ථය හමු වන්නේ ශ්‍රී ලංකාවෙන්. ලාම්පු එළියෙන් කළු මැදල ඉතා ම දියුණු තාක්‌ෂණ ක්‍රමවේදවලින් සංරක්‍ෂණය කරපු ඒ සුවිසල් පන් සිය පනස් ජාතක පුස්‌කොළ පොත හමු වන්නේ දඹදෙනි යුගයෙන්. ඒක තියෙන්නේ දීගල රජමහා විහාරයේ. මේ බව බොහෝ දෙනා දන්නේ නෑ.
අපි කවුරුත් දන්නවා ශ්‍රී ලංකාවේ ලොකු ම පුස්‌තකාලය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෝ 225ක් ඉන්නවා මේ අය ගෙන් බහුතරයක් මේ වටිනා පුස්‌තකාලය පරිහරණය කරන්නේ නෑ. ඒ ඔවුන් කියවීමට උනන්දුවක් දක්‌වන්නේ නැති නිසයි. අපි කියවීම හුරුපුරුදු කර ගන්න ඕනේ. දැනුම වර්ධනය කරගන්න ඕනේ. බොහෝ දෙනා කියන්නෙ පොත් පත් කියවන්න වෙලාවක් නැහැයි කියන එක. අපි ඒ සඳහා කාලය කළමනාකරණය කරගන්න ඕනේ. රටකට අවශ්‍ය දැනුමක් ඇති ප්‍රජාවක්. දැනුමක් නැති ප්‍රජාවක් සමග කරන පාලනයෙන් පලක් නෑ. දුර දැක්‌මක් තිබේ නම් එය රටක දියුණුවට හේතුවක්. ශ්‍රී ලංකාව පුරා තිබෙන පොත්ගුල් සමීක්‍ෂණයකට ලක් කළොත් මහා දැනුම් සම්භාරයක් නිර්මාණය කළ පුස්‌කොළ පොත් රාශියක් ගම්දනව්වල විහාරවල පෙට්‌ටගම්වලින් සොයා ගන්න පුළුවන්. මේ නිසා අපෙන් වැළලී ගිය භාෂා ඥානය, වෛද්‍ය විද්‍යාව හා අනෙකුත් විද්‍යාවන් පිළිබඳව ගවේෂණය කර මතු පරපුර සඳහා සංරක්‍ෂණය කළ යුතුයි" යනුවෙන් පැවසී ය.
ස්තුතිය - අමල් උඩවත්ත (විදුසර)
අදහසක් කොටල යන්න අමතක කරන්න එපා