වකුගඩුව- පොඩි හැදින්වීමක්
කාබරංකා ගැන අපි කලින් ලියපු ලිපිය කියවපු රසිකයෙක් අහපු ප්‍රශ්නයකට උත්තරයක් ලියන්න හිතුවා.
ප්රශ්නය උනේ "dialysis හෙවත් ලේ පිරිසිදු කිරීම මොකක්ද"
ඔය මාතෘකාවට එක පාර උත්තරයක් ලියනවා වෙනුවට වකුගඩුව ගැන පොඩි හැදින්වීමක්,වකුගඩුව අක්‍රිය වෙන්නේ කොහොමද,එකට තියන ප්‍රතිකාර ක්‍රම මොනවද වගේ එදිනෙදා දැනුමට අවශ්‍ය වෙන දේවල් කිහිපයක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා.
එක දවසකින් නම් ඔය ඔක්කොම ලියන්න බැහැ.එක නිසා කොටස් විදියට පළ කරන වකුගඩුව ලිපි මාලාවේ පළමු ලිපිය......
වකුගඩුව- පොඩි හැදින්වීමක්
මිනිස්සුන්ට වකුගඩු 2ක් තියනවා.ඉල ඇට වලින් ආරක්ෂා වෙලා පිට පැත්තට වෙන්න තමයි පිහිටලා තියෙන්නේ.හැඩයෙන් බෝංචි ඇටයක් වගේ.10-12cm දිගයි,4-5cm පළලයි.වකුගඩුවට රුධිරය ගේන්නත් වකුගඩු වෙන් රුධිරයට ඉවතට අරගෙන යන්නත් ධමනි හා ශිරා නාලිකා 2 ක් තියනවා.වකුගඩුවට අධික රුධිර සැපයුමක් තියනවා.කොච්චරද කිව්වොත් විනාඩියකට ලීටර් 180ක් විතර!
වකුගඩුව ඇතුලෙදි රුධිරය පෙරීමකට ලක් වෙනවා.එතැනදී ශරීරයට අනවශ්‍ය දේවල් ඉවත් කරලා අවශ්‍ය දේවල් නැවත රුධිරයට අවශෝෂණය කර ගන්නවා.එතකොට වකුගඩුවට ලැබෙන රුධිරය මුත්‍රා බවට පත් කරලා ඉවත් කරනවා.වකුගඩුවේ මුත්‍රා පෙරීමේ කාර්යයට සම්බන්ධ වෙන්නේ nephron කියන සියුම් නාල සමුහයක්.නිරෝගී තරුණ වකුගඩු වක මේවගේ නාල මිලියනයක් විතර තියනවා.වයසත් එක්ක වකුගඩු ක්‍රියාකාරිත්වය දුර්වල වෙනකොට nephrons ගණනත් අඩු වෙනවා.
වකුගඩුව බශ්රවිය කාර්යයට අමතරව ශරීරයේ වතුර මට්ටම පාලනයට,ඛණිජ ලවණ මට්ටම,ඇසිඩ් මට්ටම පාලනයට වගේම හිමොග්ලොබින්,කැල්සියම් නිපදවන්නත් ඕන වෙනවා.
වකුගඩු වෙන් ඉවත් කරන මුත්‍රා මුත්‍ර නල ඔස්සේ මුත්රශයටත් එතනින් මුත්‍රා වාහිනී දිගේ ශරීරයෙන් ඉවතට ගමන් කරනවා.
අද ඉදිරිපත් කලේ වකුගඩුව ගැන පොඩි හැදින්වීමක් විතරයි.
ඊලග ලිපියෙන් වකුගඩුව අක්‍රිය වෙන විදිය ගැන කතා කරමු.

Last edited: